The Leader News
BREAKING
Top Ad
Opinion

ආණ්ඩුව කොයිතරම් හුදකලා වෙලාද .....

T

The Leader Desk

January 12, 2026 • 4:30 PM

ආණ්ඩුව කොයිතරම් හුදකලා වෙලාද .....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනස්කම් පැත්තකිං තියල හිතුවොත්, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියල කරන්න යන නිශ්චිත ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන්
  • දැන් ඔයාල  මේක කරන්නෙ හදන්නෙ අඩුම ආණ්ඩුව ඇතුලෙමවත්  හැමෝම අනුමත නොකරන මට්ටමේ හුදකලා වීමක් තුල.
  • නැත්තං මේ වෙලාවෙ, ඕකට සීමානොවෙන, මුලු පිටියෙම තත්වෙ ලියල ඒක උඩ ඕක තියලා ඔයාල ඇත්තටම ඉන්න තත්වය ලියනවා.
  •  ඔයාලගෙ සමහරු දැන් බලය තියන නිසා ලොකු එකෙන්‍ ප්‍රතිචාර දක්වමින් ඉන්⁣න බව අපිට නොතේරෙණවා නෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුව කොයිතරම් හුදකලා වෙලාද කියනෙක තේරුං කරන්න  පුලුවන් ග්‍රීන්ලන්ඩ් ප්‍රශ්නය එක්ක ට්‍රම්ප් රෙජීමය හුදකලා වෙලා ඉන්නවා වගේ තැනකින් විතරයි .

දැන් ඔයාල  මේක කරන්නෙ හදන්නෙ අඩුම ආණ්ඩුව ඇතුලෙමවත්  හැමෝම අනුමත නොකරන මට්ටමේ හුදකලා වීමක් තුල.

එතකොට දැන් මේ සේරම නොසලකා ට්‍රම්ප් වගේ වැඩකරන්න හිතනවා නං පරිස්සමින්. සමහර දේවල් ප්‍රසිද්ධියේ  ලියල විපක්ෂයට උදව් කරන්න බැරි නිසා විතරයි නොලියා ඉන්නෙ. නැත්තං මේ වෙලාවෙ, ඕකට සීමානොවෙන, මුලු පිටියෙම තත්වෙ ලියල ඒක උඩ ඕක තියලා ඔයාල ඇත්තටම ඉන්න තත්වය ලියනවා.  පළාත් සභා තියල බලන්න එතකොට නොලියන ටික තේරෙයි.

කරුණාකරල මේ වෙලාව විනාශ කරන්න එපා.  ඔයාලගෙ සමහරු දැන් බලය තියන නිසා ලොකු එකෙන්‍ ප්‍රතිචාර දක්වමින් ඉන්⁣න බව අපිට නොතේරෙණවා නෙවෙයි. එයාලා අනාගතයේදී මූණු පුකවල් කරං "මේ මොන හු_ _ක් ද වුනේ!?" කියල හිතාගන්ඩ බැරුව, දාපු ලොකු සීන් එක්ක රටට ලෝකෙට මූණ දිගන්ඩ බැරුව ඉන්න විදිය අපිට  මැවිල පේනවා.

ඒ නිසා තමං එක්ක සටනට මිනිස්සු එකතු කරගන්නවා වෙනුවට ඉන්න මිනිස්සු ටිකත් ඈත්කරගන්න එපා. දැන් මේක ඔයාලට බලපාන්නෙ හුදෙක් අධ්‍යාපන ප්‍රතිංස්කරණ ගැන කාරණයක් විදියට නෙවෙයි. ඔයාල මොන තරම් විවේචන වලට ඔයාලට හිතවත් මිනිස්සුන්ගෙ හඬට ඇහුංකං දෙනවාද, උද්දච්ච කමින් වැඩ කරනවාද කියනෙක ගැන තිරණාත්මක දර්ශකයක් විදියට මේ නිශ්චිත වෙලාව වැඩ කරමින් තියනවා.

මේවා නොලියා කරබාගෙන ඉන්න පුලුවන් මේ ඇවිත් තියන්නෙ තීරණාත්මක මං සන්ධියකට නොවුනා නම්. හැබැයි කොච්චර අකමැති වුනත් දැන් ඉන්නෙ එහෙම තැනක. ඔයාල මේකට මුහුණ දෙන විදිය එක්ක ඔයාල⁣ගෙ අනාගතය තීරණය වෙන තැනක.

 මේවා ලියුවම සමහරු මේක මේ ලියන එකාගෙ ප්‍රශ්නයක් ඇත්තටම ඔය කරන්නෙ  මිනිහගෙ ප්‍රශ්නෙ හැමෝටම තියන ප්‍රශ්නයක් විදියට පෙන්වන්න හදනෙක කියනෙක. ඕවා අපිට අලුත් දේවල් නෙවෙයි. හැබැයි ඒ තියෙද්දිත් මේවා ලියල තියනවා.  මොකද මේවාගෙන් ඔයාල අනතුරේ හෙලන්නෙ සමස්ත සමාජයක උත්සහය නිසා. මේ බලය ඔයාලගෙ බලයක් කියල හිතනතාක් ඔයාලට මේ මතුකරන එක අහුවෙන්නෙ නැති වෙන්න පුලුවන්.

අවසානයට  මොනා වුනත් අපතයෝ බලයට ගෙන්න ඉඩ තියන්න බෑ කියල හිතන  මැදපංතියේ යම් දේශපාලන සවිඥාණිකත්වයක් තියන කොටසක් ඔයාලට ඉතිරි වෙයි. හැබැයි ඒක ප්‍රමාණවත් වෙයිද?  ප්‍රමාණවත් වෙයි කියල හිතනවනං ඔය පාරෙ දිගටම යන්න. අපිට බලෙං නවත්තන්න බෑ. මොකද අපි ඒක නවත්තන්න  මොනා කරත් ඒවා අපතයන්ට වාසි වෙනවා. ඒනිසා මොනා හරි කලත් නොකලත් අපතයන්ට වාසි වෙන එක නවත්තන්න බැරි තැනක අපි ඉන්නෙ.

ඔයාලට තමයි දැන් තීරණාත්මක තීන්දු ගන්න තියෙන්නෙ. බෝලෙ ඔයාල අතේ. කැමති විදියකට ගහන්න. එකම කණගාටුව මේ සමාජ උත්සහයට අත්වෙන ඉරණම. ඒත් ඒ ගැන හිතුවා කියල කරන්න දේකුත් නෑ.

ලංකාවේ සමාජ ව්‍යාපාරයක තිබ්බ දේශපාලන හා සංස්කෘතික පසුගාමීත්වය නිසා මතුවුන උද්දච්ච කමේ අගතිය විසින් සමාජයක උත්සහයක් විනාශ කරා කියල ඉතිහාසයේ ලියවෙන එකෙන් ගැලවෙනවද නැද්ද කියන තීරණය ඔයාල අතේ.!

අපි බලාගෙන ඉන්නම් ඒක ඔයාල විසදන විදිය!

(උපුටා ගැනීම - Bentha Max is with Bentha Max ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුව කොයිතරම් හුදකලා වෙලාද ..... | The Leader