ඒකට එරෙහිව එයා උසස් පෙළ කරද්දි අරගල කළ නිසාලු. එයාල ආඩම්බරයෙන් කියන්නෙ එයාල අරගල කරල තමයි අධ්‍යාපන ධවල පත්‍රිකාව අහෝසි කර ගත්තෙ කියල.
ඊට පස්සෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ලොකු හාවක් හූවක් ඇතිවුනේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති කාලෙයි. එවකට හිටිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ මූලිකත්වයෙන් ගෙන ආ ඒ ප්‍රතිසංස්කරණවලටත් විශාල විරෝධයක් එල්ල වුණා.
ඊට පස්සෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ලොකුම කතා බහ ඇතිවුනේ මෙවර වෙන්න ඕන.මෙවර ඊට ඉලක්ක කරගෙන තියෙන්නෙ විෂය භාර අමාත්‍ය හරිනි අමරසූරියයි. එය අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ විරෝධයකට වඩා අගමැතිනියගේ පෞද්ගලිකත්වයට එරෙහිව එල්ල කරන මඩ ප්‍රහාරයක් බවටයි පත්වෙලා තියෙන්නෙ.
එදා මෙදා තුර පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට උත්සාහ ගන්නා සෑමවිටම ඊට එරෙහිව විශාල විරෝධයක් සමාජයෙන් එල්ල වෙනව. ඒත් ඒ කියන තරමට සමාජයට හානියක් වෙනවද කියන එක පැහැදිලි නැහැ. අසූ ගණන්වල උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන කොට ඇතිවූ විරෝධය විශාල මනුෂ්‍ය ඝාතනයකට පවා හේතුවූවක්. එදා ඒකට විරුද්ධ වූවකු නැති තරම්. නමුත් අද වනවිට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලෝකයේ ඕන තරම් තියෙනව. ඔය කියන හානියක් සමාජයට වෙලා නම් නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව එල්ලවන බොහොමයක් විරෝධතා හුදු පක්ෂ දේශපාලන අරමුණු ඉලක්ක කරගත් විරෝධතා පමණක් බව මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ හැසිරීමෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඔහු එකල ඊට විරුද්ධ වූ අතර පසුකාලීනව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට පක්ෂ වූවා.
අපේ රටේ පවතින්නේ මූලික වශයෙන් රජය මූලික වූ අධ්‍යාපන ක්‍රමයක්. එය ව්‍යුහාත්මකව වෙනස් වී පෞද්ගලික ව්‍යවසාය මූලික වූ අධ්‍යාපන ආයතනත් ඊට එක්වූ කළ විශාල තාක්ෂණික ප්‍රශ්න පැන නගිනවා. බොහෝවිට අපේ සමාජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට එරෙහි වූයේ මෙන්න මේ තාක්ෂණික ගැටළු මූලික කරගෙනයි.
විශේෂයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපනය කිරීමක දී ඒවායේ පාලනයට රාජ්‍ය මැදිහත්වීමක් අත්‍යාවශ්‍ය යි. එය නොතකා හරින්න බැහැ. රාජ්‍ය මැදිහත්වීම නොමැති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රජය මගින් ආරම්භ කිරීමට උත්සාහ ගන්නා විට විරෝධතාකරුවන් කළේ එවැනි තාක්ෂණික ප්‍රශ්න විසදා නොගෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංකල්පයටම විරුද්ධවීමයි.
1978න් පසුව අධ්‍යාපනයට ගෙන එන්නට මහන්සි වූ කිසිම ප්‍රතිසංස්කරණයක් ජාතික අවශ්‍යතා මත නිර්මාණය වූවක් ලෙස විග්‍රහ කරන්න බැහැ. ඒවා මුළුමනින්ම ගෝලීය ප්‍රාග්ධනයේ අවශ්‍යතා මත ගොඩනැංවීමක්. ඔවුන් තීන්දු තීරණ ගන්නේ ගෝලීය වෙළෙද පළට අවශ්‍ය ශ්‍රමිකයන් බිහිකර ගැනීමටයි. ශ්‍රී ලංකාවේ ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීමට තල්ලු කිරීම් කෙරෙන්නේ ඒ අනුවයි.
ධනේශ්වර වෙළෙද පළට ශ්‍රමිකයන් බිහි කිරීම දේශපාලනිකව අගතියක් ලෙස දකිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට එරෙහිවීම අප්‍රායෝගික යි. එය වැළැක්වීමට අවශ්‍ය නම් පළමුව ධනේශ්වර ක්‍රමය පරාජය කළ යුතුයි. එය නොවනතාක් පවතින ධනේශ්වර වෙළෙද පළට අවශ්‍ය ශ්‍රමිකයන් බිහිකිරීම අධ්‍යාපන ක්‍රමයේ ඉලක්කයක්වීම වළක්වන්න බැහැ.
පෞද්ගලික ව්‍යවසාය අධ්‍යාපනයට මැදිහත්වීම ඇතුළු අරක වෙනවා මේක වෙනවා යැයි කියමින් විය හැකි හානිය සම්බන්ධයෙන් බිය ඵල කිරීම ප්‍රලාපයක්. ඒවා කිසිවකගෙන් එවැනි හානියක් අධ්‍යාපනයට හෝ සමාජයට හෝ වෙන්නේ නැහැ. අප බිය විය යුත්තේ අධ්‍යාපනය සදහා මුදල් වියදම් කිරීමට හැකියාවක් නැති ආන්තික ජනකොටස්වලට අසාධාරණයක් වනවා නම් පමණයි.
එවැනි හානියක් පවතින අධ්‍යාපන ක්‍රමය තුළින් ද ඇතිව තිබීම කිසිවෙක් දකින්නේ නැහැ. වියදම් දැරීමට නොහැකි නිසා කොන්වීමට ලක්වන සමාජයේ පහළ මාලයේ දරුවන් ආරක්ෂා කර ගැනීමට වෘත්තියවේදී පාඨමාලා මෙහේයවන රාජ්‍ය හා පෞද්ගලික ආයතන රාශියක් බිහිව ඇතත් හම්බන්තොට, මොනරාගල, අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මුලතිව්, වව්නියා, කිලිනොච්චි, මන්නාරම හා පුත්තලම දිස්ත්‍රික්කවලට ඒ පහසුකම් නොලැබීම ව්‍යසනයක්. ඒ වගේම එවැනි දිස්ත්‍රික්ක වලින් කලා නොවන අංශවලින් විශ්ව විද්‍යාල ප්‍රවේශ දරුවන් සංඛ්‍යාව අවමවීමත් ගැටළුවක්.
අධ්‍යාපනයේ ගැටළුව ඇත්තේ මවන බිල්ලා තුළ නොවේ. තාර්කික හා විචාරශීලී දරුවන් මේ අධ්‍යාපනය තුළින් බිහිනොවීම කවුරුත් නොදකින බිඳවැටීමයි. ඒ සදහා විභාග ක්‍රමයෙන් එහා ගිය ඇගයීමකින් යුතු ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් නිර්මාණය කරගත යුතුවීම අනිවාර්‍යක්. එවැනි පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් දැකිය හැකි දේශපාලකයන් විපක්ෂයේ නොසිටීම අභාග්‍යයක්.
(සටහන | පිලිප් ශාන්ත)
විමුක්ති හඬ
shan.info1978@gmail.com




