The Leader News
BREAKING
Top Ad
Opinion

රාජ්‍ය පාලනයට දුස්සීලයන්ගේ පිහිට අවශ්‍යම ද? | පිලිප් ශාන්ත

T

The Leader Desk

January 15, 2026 • 7:46 AM

රාජ්‍ය පාලනයට දුස්සීලයන්ගේ පිහිට අවශ්‍යම ද? | පිලිප් ශාන්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1978න් පසුව මෙරටේ පාලකයන් වූ ජේ.ආර්. ජයවර්ධන, ඩි.බී. විජේතුංග හා චන්ද්‍රිකා බණ්ඩාරනායක රෙදි උස්සාගෙන අතින් කටින් අරගෙන බෞද්ධ භික්ෂූන් හමුවනට ගිය බවක් මතක නැත.
  • ජයවර්ධනට රාජ්‍ය පාලනයේ දී හාමුදුරුවන් අවශ්‍ය නොවුනා නම් අනුර කුමාර දිසානායකට ඔවුන් අවශ්‍යම වී ඇත්තේ ඇයිදැයි අපැහැදිලි ය.
  • සේනානායකගේ සිට සිරිමා බණ්ඩාරනායක දක්වා කාලයන්වල දී ද අට පිරිකර උස්සාගෙන ගොස් හාමුදුරුවන් ඉදිරියේ දෙකට නැමෙන සංස්කෘතියක් තිබූ බවක් ඉතිහාසයේ ලිය වී නැත.
  • උඩකැන්දවෙල සිරි සරණංකර හාමුදුරුවන් ද හේන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවන් ද එකල දේශපාලකයන් ආශ්‍රය කර ඇත්තේ මිතුරන් මෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් රණසිංහ ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, ගෝටාභය රාජපක්ෂ ඒ දේ කළහ. අනුර කුමාර දිසානායක ද හරි හරියට ඒ දේ කරමින් සිටී.

ආගමික නායකයන් ආශ්‍රය කිරීම හෝ ඔවුන්ගෙන් උපදෙස් ගැනීම හෝ නරක නොවන්නේ ඔවුන් ජනමත ප්‍රධානීන් ද වන නිසා ය. එහෙත් පාලකයන් අතර ඒ සම්බන්ධයෙන් එක මතයක් නොතිබීම සොයා බැලිය යුත්තකි. ජේ.ආර්. ජයවර්ධනට රාජ්‍ය පාලනයේ දී හාමුදුරුවන් අවශ්‍ය නොවුනා නම් අනුර කුමාර දිසානායකට ඔවුන් අවශ්‍යම වී ඇත්තේ ඇයිදැයි අපැහැදිලි ය.

image 75e96b8eff

 

අනෙක තමන්ගේ මතය නොපිළිගත් විපක්ෂයේ අනුගාමිකයන් වූ ලබුදූවේ සිරිධම්ම හිමිගෙන් පළිගැනීමට ගැටඹේ රාජෝපවනාරාමය වටා කටුකම්බි ගැසීමට තරම් ජේ.ආර්. ඉදිරියට ආවේය. එසේම ශ්‍රීලනිපයේ දරමිටිපොල රතනසාර හාමුදුරුවන්ට හිරිහැර කිරීමට ද ඔහු පසුබට නොවීය. ඒ සියළු හාමුදුරුවරු අද ඉන්නා අය මෙන් වනචාරීන් නොවූ අතර ජන බලයක් තිබූ සමාජ පිළිගැනීමක් තිබූ හාමුදුරුවරුන් ය.

ඩී.එස්. සේනානායකගේ සිට සිරිමා බණ්ඩාරනායක දක්වා කාලයන්වල දී ද අට පිරිකර උස්සාගෙන ගොස් හාමුදුරුවන් ඉදිරියේ දෙකට නැමෙන සංස්කෘතියක් තිබූ බවක් ඉතිහාසයේ ලිය වී නැත. උඩකැන්දවෙල සිරි සරණංකර හාමුදුරුවන් ද හේන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවන් ද එකල දේශපාලකයන් ආශ්‍රය කර ඇත්තේ මිතුරන් මෙනි.

 

z p15 pre
අනෙක් ප්‍රවනතාව වන්නේ වත්මන් දේශපාලකයන් සමාජ ගෞරවය රැකගෙන සිටින භික්ෂූන් අමතක කර පාදඩ භික්ෂූන් කරා දොහොත් මුදුන් දෙමින් ගොස් වැද වැටීමයි. මහින්ද රාජපක්ෂට ඇල්ලේ ගුණවංශ හා මුරුත්තෙට්ටුවේ ආනන්ද නැතිවම බැරිවෙන කොට රනිල් වික්‍රමසිංහට කලක් ගංගාරාමාධිපති නැතිවම බැරිවිය. රනිල් වික්‍රමසිංහ පස්සා දොරෙන් ජනාධිපති වී දුවගෙන ආවේ පිටිදූවේ සිරිධම්ම හමුවීමට උමංදාවට ය.

ලාල්කාන්තට පවා වළවාහැංගුණ වැවේ හාමුදුරුවන් නරක් වූවාට ගලගොඩ අත්තේ ඥාණසාරව ප්‍රතික්ශේප කරන්නේ නැත.

 



මේ කිසිම දේශපාලකයකු ගල්කන්දේ ධම්මානන්ද වැනි හිමිවරුන් ආශ්‍රය නොකිරීම රහසකි. එහෙත් එහි දේශපාලනයක් පවතී.

PHOTO 2024 10 14 10 31 21(සටහන | පිලිප් ශාන්ත)
විමුක්ති හඬ
shan.info1978@gmail.com

 mathaka m

u78576uiyy

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...