The Leader News
BREAKING
Top Ad
Opinion

සම්මුති විසම්මුති : පාස්කු ප්‍රහාර ගවේශණය - සාරා ජෙස්මින් කොහිද? | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

January 17, 2026 • 10:26 AM

සම්මුති විසම්මුති : පාස්කු ප්‍රහාර ගවේශණය - සාරා ජෙස්මින් කොහිද? | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ප්‍රහාරයෙන් දින පහකට පසු 2019අප්‍රේල් 26 වන දින සයින්දමරුදු බොලිවේරියන් ගමෙහි දී ස්වයංඝාතක බෝම්බ පුපුරුවා ගනිමින් සහරාන්ගේ ඥාති සමූහයා දිව තොර කර ගත්හ.
  • ගෝඨාභය රාජපක්ෂ එම සාමූහික ස්වයං ඝාතනයේ දී පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් මිය ගොස් ඇති බව සනාථ කිරීමට අවශ්‍යව තිබූණි.
  • මරණයට පත්වූවන් හදුණා ගැනීමට කරන ලද ඩීඑන්ඒ පරීක්ෂණ දෙකෙහිදීම සාරා ජෙස්මින් මිය ගිය අය අතර නැති බව සනාථ විය.
  • එනමුත් ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිනීමෙන් පසු ඩීඑන්ඒ පරීක්ෂණයක ප්‍රතිපල ලබා ගෙන සාරා ජෙස්මින් මිය ගොස් ඇතයි සියලු මාධ්‍යයන්ට 2023 මාර්තු 28දා දැනුම් දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 එමගින් ප්‍රහාර පිළිබඳ  වැදගත් සාක්ෂි ගණනාවක් නැතිව ගියේය. ගෝඨාභය රාජපක්ෂ එම සාමූහික ස්වයං ඝාතනයේ දී පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් මිය ගොස් ඇති බව සනාථ කිරීමට අවශ්‍යව තිබූණි. මරණයට පත්වූවන් හදුණා ගැනීමට කරන ලද ඩීඑන්ඒ පරීක්ෂණ දෙකෙහිදීම සාරා ජෙස්මින් මිය ගිය අය අතර නැති බව සනාථ විය. එ ඇයගේ මව වන සාරා ජෙස්මින් නැමැත්තියගේ මව වන රාජරත්නම් කවිදාගේ ඩීඑන්ඒ සමඟ මිය ගිය පුද්ගලයින්ගේ ජෛව සාම්පල වලින් නිස්සාරණය කරගත් ඩීඑන්ඒ සැසදුණේ නැති නිසාය.

එනමුත් ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිනීමෙන් පසු ඩීඑන්ඒ පරීක්ෂණයක ප්‍රතිපල ලබා ගෙන සාරා ජෙස්මින් මිය ගොස් ඇතයි සියලු මාධ්‍යයන්ට 2023 මාර්තු 28දා දැනුම් දුන්නේය. එම ඩීඑන්ඒ ප්‍රතිඵලය ලබා ගැනීමට එවකට ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේශ් සලේ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ කල්මුණේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත යන තිදෙනාම ගියේය. එය මීට පෙර කිසි විටෙක සිදුව නැති දෙයකි. ඊට හේතුව ඉහළින් ආ නියෝගයක් ද? 


සාරා ජෙස්මින් සයින්දමරුදුහිදී මිය ගිය බව තහවුරු කිරීමට ගෝඨාභය රාජපක්ෂ සහ සුරේශ් සලේට මෙතරම් අවශ්‍ය වූයේ මන්ද යන්න තවම අනාවරණය වී නැති අභිරහසකි. එම පරීක්ෂණය කලේ වසර තුනකට පසු 2022 අප්‍රේල් 28වනදාය.

ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් කකුල කටේ දා ගැනීමේ පුරුදුකාරයකු වන ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්නද විජේපාල  මෙයට සතියකට පමණ පෙර  කියා සිටියේ සාරා ජෙස්මින් ජීවතුන් අතර සිටින බවයි. එසේ නමුත් ඇය ජීවතුන් අතර සිටින බවට විශ්වසනීය සාක්ෂි කිසිවක් තවම හමු වී නැත. මෙම ආණ්ඩුව යටතේ යළි ආරම්භ කරන ලද ගවේෂණ වලින් මේ තාක් තහවුරු වී ඇත්තේ සාරා ජෙස්මින්ගේ තෙවැනි ඩීඑන්ඒ පරීක්ෂණය සිතා මතා කළ ව්‍යාජයක් බව පමණකි. වඩා නිවරදිව අමාත්‍ය ආන්නද විජේපාල කිව යුතුව තිබුණේ 2019 අප්‍රේල් 26 දින සයින්දමරුදු සමූහ ස්වයං ඝාතනයේ දී සාරා ජෙස්මින් මිය නොගිය බවට ගවේෂණ මගින් තහවුරු වන බවයි.

sara jasmine
තෙවැනි ඩිඑන්ඒ පරීක්ෂණය සඳහා යොදා ගත්තේ එම මළසිරුරු සමඟ වල දමා තිබී ගොඩ ගත්තේ යැයි කියනු ලබන මාංශ කොටස් බෑගයක තිබූ බව කී කුඩා අස්ථි කොටස් වලිනි. හරියටම එම බෑගයේ තිබූ අස්ථි කොටස් පරීක්ෂාවට ගැනීමද නොවිසදුණ අභිරහසකි. එම අස්ථි කොටස් 17 – D 17 – E ලෙස නම් කරන ලදී. මේ අස්ථි කොටස් ශරීරයේ කුමන කොටසකට අයත්දැයි හදුණා ගෙන ද නැත. මළ සිරුරු වළ දැමීමේදී ඒවායේ අනන්‍යතාවය දැක්වෙන සටහනක් එස්ලෝන් බටයක දමා එය සීල් කර මළ සිරුරු සමඟ මිහිදන් කරන ලද්දේ රස පරීක්ෂක ඉදිරියෙහි පොලිස් නිලධාරීන් විසිනි. පළමු සහ දෙවන ඩීඑන්ඒ පරීක්ෂණ කල රස පරීක්ෂකවරියට අනුව බෑගයක දැමූ සිරුරු කැබලි වෙනම වළ දැමූ බවට මතකයක් නැත. තෙවැනි පරීක්ෂණයට යොදා ගත් එකී අස්ථි කොටස් දැන් සොයා ගන්නටද නැත.

මිය ගිය අයගේ ජෛව සාම්පල ලබා ගත් අධිකරණ වෛද්‍ය නිලධාරී රුචිර නදීරට අනුව තෙවන ඩීඑන්ඒ පරීක්ෂණය සඳහා යොදා ගත්තේ යැයි කියන අස්ථි කොටස පෙර කී ගොඩගත් බෑගයේ තිබුණේ නැත.

සයින්මරුදු සාමුහික ස්වයං ඝාතනය අවස්ථාවෙහි සාරා ජෙස්මින් එහි සිටි බවට සාක්ෂි ගණනාවකින්ම තහවුරු වෙයි. එමෙන්ම එහිදී දිවි ගලවා ගත්  සහරාන්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා කාදර් විසින් ද ඒ බව තහවුරු කර තිබේ. සාරා ජෙස්මින් එහි පැමිණ ඇත්තේ අනෙක් අය සමඟ එකම වැන් රථයකිනි.

 

Untitled

හාදියා වැසිකිළියට යාමට අවශ්‍ය බව කියා හෝ වෙන හේතුවක් උඩ හෝ පුපුරුවා ගැනීමට විනාඩි 15කට පෙර එම නිවසේ නාන කාමරයට සිය දියණියද සමඟ ගියේය. ඒ සිවයං ගාතනයෙන් වැළකීමටය. පිපිරීමක් සිදු නෙවූ බැවින් ආපසු එමින් සිටි ඇය කණ්ඩායමෙන් ඉවතට පැමිණ සිටි සාරා ජෙස්මින් දුටුවාය. එවිටම පිපිරීම සිදු විය. මද වේලාවකින් ඇයට සිහි නැති විය. සිහිය එන විට ඇය සිටියේ රෝහලකය.

මෙම පිපිරීමෙන් පසු එහි පැමිණි හමුදා ඛණ්ඩය බාරව සිටියේ කල්මුණ 03 වන විජයබා පාබල රෙජිමේන්තු හමුදා කඳවුරේ දෙවන අණදෙන නිලධාරී මේජර් සුදසිංහය. ඔහු කියා සිටින්නේ තමන් 27වනදා උදෑසන වනතුරු කිසිවකුට එම නිවස තුලට යෑමට අවසර නොදුන් බවයි. තවද නිවස ඉදිරිපිට සිට වෙඩි තබමින් සිටි පුද්ගලයකුට මිටර් 75ක් දුර සිට වෙඩි තබා ඝාතනය කළ බවයි.

 

9
එම පුද්ගලයා, හමුදා බුද්ධි අංශ යුද පුහුණව ලද එහි ඒජන්තයකුද වූ ද ඒ අතරවාරයේම සහරාන් කණ්ඩායමටද සම්බන්ධ වී සිටි මොහොමඩ් ලෙබ්බේ මොහොමඩ් නියාස්  නම් අයය. ඔහු වෙබ් අඩවි දෙකක් ද පවත්වා ගෙන යමින් මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටියේය. ඔහුගේ මරණය සම්බන්ධයෙන් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඔහු මිය ගොස් තිබුණේ ඉතා ළග සිට තබන ලද වෙඩි පහර වලිනි. පශ්චාත් මරණ පරික්‍ෂණය සිදුකරන ලද්දේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුචිර නදීර විසිනි. නියාස් අත්අඩංගුවට ගැනීම වෙනුවට ඔහු ආසන්නයට ගොස් මේජර් සුදසිංහ විසින් වෙඩි තබා ඝාතනය කරන ලද්දේ ඔහු සතු සාක්ෂි වසං කිරීමටද යන ප්‍රශ්ණය දැන් මතුව තිබේ.

මේජර් සුදසිංහ පිපිරීම සිදු වූ දිනයේ රාත්‍රියෙහි කිසිවකුට එම නිවසට යාමට ඉඩ නොදුන් බවට කරන ප්‍රකාශය වෙනත් සාක්ෂි තුනක් මගින් අභියෝගයට ලක්ව තිබේ. ඔහු සමඟ එම රාත්‍රියෙහි එම නිවසට ඇතුල් වූ බවට සිවිල් පුද්ගලයින් තිදෙනෙකු සාක්ෂි දරයි. ඒ අතර භාෂා පරිවර්ථන හැකියාව ඇති අයකු ද විය. මේජර් සුදසිංහ එම රාත්‍රියේ එහි ඇතුල් වූ  බව වසං කරන්නේ ඇයිද යන්න තවත් නොවිසඳුණ අභිරහසකි. එම රාත්‍රියේම ඔවුන්ට හාදියා සහ ඇයගේ දියණිය රෝහල් ගත කිරීමටත් ඉඩ තිබුනි. එසේ නොකළේ ඇය රැධිර වහනයෙන් මිය යාමට හැරීමටද? එම සාක්ෂිය අතුරුදහන් කිරීමට ද යන ප්‍රශ්නය ඇසිය යුතු එකකි.

හාදියා කියන්නේ එම පුපුරුවා ගැනීමෙන් පසු තමා සාරා ජෙස්මින්ගේ අත් බෑගය සහ මුදල් පසුම්බිය තිබෙනු දුටු බවයි. නමුත් හමුදාව බාර දුන්නේ එහි තිබී හමු වූ බව කියූ මුදල් පසුම්බිය පමණි. සාරා ජෙස්මින්ගේ මුදල් පසුම්බිය සොයා ගත්තේ කවරකු විසින් ද යන්න ගැන ද ඇත්තේ පරස්පර සාක්ෂිය.

pasku 250421
පාස්කු ප්‍රහාර ගවේශනය පඹගාලක පැටලවීමට දැනුවත්ව කටයුතු කරන පාර රාජ්‍යය ජාලයන් තවමත් ක්‍රියාත්මකය යන්න මෙවැනි හැසිරීම් මගින් පෙන්වයි. මතු අවස්ථාවක මා ලිවීමට අපේක්ෂා කරන වව්නතිව් ඝාතනය පිළිබඳ නවතම සාක්ෂි පෙන්වන්නේ ද ගවේෂණය පඹගාලක පටලැවීමට දැරෙන ප්‍රයත්නයන්ය.

නියාස් මෙන්ම සහරාන්ගේ සහෝදරයා වූ ෂෙයිනි ද ඝාතනය කරන ලද්දේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබියදී සාක්ෂි වසං කිරීමට විය හැකිය.

සාමූහික ස්වයං ඝාතනයෙන් පසු සය්න්දමරුදු නිවස පරීක්ෂා කළ අතිරේක රස පරීක්‍ෂක රොෂාන් ප්‍රනාන්දුගේ  ප්‍රකාශයට අනුව එහි සිදු වූ පිපිරීම් හා ගිනි ගැනීම් නිසා  මිනිස් සිරුරක් සම්පූර්ණයෙන්ම විනාශ වී යා නොහැක. ඉන් බැසගත හැකි නිගමනය නම් මිය ගිය සියලු දෙනාගේම සිරුරු එහි තිබිය යුතු බවයි. එනමුත් සාරා ජෙස්මින්ගේ සිරුර එහි නොවීය.

එම රාත්‍රියෙහි යතුරු පැදියක නැගුණූ දෙදෙනෙකු පලා ගිය බවත් ඔවුන් අල්ලා ගැනීමට එතරම් උනන්දුවක් නොතිබුණු බවටත් සාක්ෂි මතු වී තිබේ. තවත් සාක්ෂි සඳහන් කරන්නේ ඇය මඩකලපුවට ගොස් එතැනින් මන්නාරමට පලා ගිය බවයි.  සාරා, මඩකලපුවේ සිටින බවට හදියාට කවරකු විසින් හෝ කී බවද සටහන් වී තිබේ.  සයින්මරුදු ස්වයං ඝාතනයෙන් පසු සාරා ජෙස්මින් නමින් සිම් කාඩ් පතක් මිලදී ගෙන තිබෙන බව ඇත්තකි. එමෙන්ම සාරා ජෙස්මින්  ඉන්දියාවේ සිට ඇයගේ මවට එක් දුරකතන පණිවිඩයක් දී ඇති බව කියනු ලැබුණ ද එය සනාථ වී නැත. ඇයගේ මව එය ප්‍රතික්ෂේප කර තිබේ.

 

Spy Tiger The 05 File A Child Soldier turned Double Agent
සාරා ජෙස්මින් සහරාන් කල්ලිය තුලට රිංගවා සිටි ඉන්දීය ඔත්තු සේවය වන රෝ සංවිධානයේ ඒජන්තවරියක යැයි යන උප කල්පනයද ඉතිරිව තිබේ. මා දෙසතියකට පෙර ලියූ ‘කොටි ගොනි බිලල්කුගේ පාපෝච්චාරණය’  නම් ලිපි දෙකෙහි සාකච්ඡා කළ පරිදි  එල්ටීටිඊයට තුල සිටි සිය ඔත්තුකරුවකු බේරා ගෙන කැනඩාවෙහි දේශපාලන රැකවරණ ලබා දීමට රෝ සංවිධානය කටයුතු කළේය. එම කෘතිය කියවන විට එවැනි ඔත්තු සේවාවන්හි ඒජන්තයයින් ශ්‍රී ලංකා හමුදාව තුළ ද සිටින්නට ඇත. අද ද සිටිනවා ඇත.

 

image c9f36d9a8f

අවසාන වශයෙන් අප තේරුම් ගත යුත්තේ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ අභිරහස් විසඳා ගැනීමටත් සහ එය මෙහෙය වූ පාර රාජ්‍ය හෙළිදරව් කර ගැනීමටත් ඇති වැදගත්ම යතුරක් වන්නේ අබු හින්ද් යනු කවරෙක්දැයි සොයා ගැනීම බවයි.

සයින්දමරුදු සාමූහික ස්වයං ඝාතනය අවස්ථාවෙහි යම් යම් යුද හමුදා නිලධාරීන්ගේ හැසිරීම් සැකයට තුඩු දෙන බවද ගවේෂණයේ වත්මන් සාක්ෂි පෙන්වයි.


පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ පාර රාජ්‍යය ජාලයන් සහමුලින්ම හෙළිදරව් කර ගැනීමට විනිවිද යා නොහැකි තරමේ මාර්ග බාධක පැනවී තිබෙන බව ගවේෂණයේ වත්මන් තත්වය දෙස් දෙයි.
 

 sunanda deshapriya
(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist

sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...