The Leader News
BREAKING
Top Ad
Opinion

පරණ සිලබස්! | තාරක වරාපිටිය

T

The Leader Desk

January 21, 2026 • 4:42 AM

පරණ සිලබස්! | තාරක වරාපිටිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරබයා සංවාදයක් ඇති වෙලා තියෙනවා. ඒක සමාජයට හොඳ අවස්ථාවක්. එක පැත්තකින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හොඳ ද, නරක ද? මධ්‍යස්ථ ද? කියන කතාබහ… අනෙක් පැත්තෙන්, තියෙන අධ්‍යාපනය හොඳ ද? නරක ද? මධ්‍යස්ථ ද? කියන අතුරු කතාව…
  • ඇත්තෙන්ම රටේ අධ්‍යාපනය සම්බන්ධව ඇති සැබෑ අර්බුදය නම්, පවතින අධ්‍යාපන ක්‍රමය තුළ වත් ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ප්‍රමාණවත් තරමින් ලැබෙන්නේ නැති එකයි.
  • පළමුව, දැවැන්ත රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය වෙනුවෙන් කරන රාජ්‍ය වියදම තමන්ගේ බදු මුදල් ලෙස කැප කරනවා.
  • එදා විතරක් නෙවෙයි අදත්, හෙටත් මූලික දේවල් – ඒ විදිහටම නොවුණත් වෙනත් මෙවලම් (Tools) පාවිච්චි කරලා – මූලික සිද්ධාන්ත උගන්වන්න වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මගේ මේ සටහන ඒ අතුරු කතාව ගැනයි.

ඇත්තෙන්ම රටේ අධ්‍යාපනය සම්බන්ධව ඇති සැබෑ අර්බුදය නම්, පවතින අධ්‍යාපන ක්‍රමය තුළ වත් ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ප්‍රමාණවත් තරමින් ලැබෙන්නේ නැති එකයි. ලංකාවේ ජනතාවට ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් දෙකක් දරන්න වෙලා තියෙනවා. පළමුව, දැවැන්ත රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය වෙනුවෙන් කරන රාජ්‍ය වියදම තමන්ගේ බදු මුදල් ලෙස කැප කරනවා. දෙවනුව, ඒ තුළින් ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොලැබෙන නිසා ටියුෂන් පන්ති වෙනුවෙන් ඊටත් වඩා මුදලක් වැය කරන්න සිදුවීමයි.

 

1635585283 Tuition classes for OL and AL students L
දැන් පාසල් අධ්‍යාපනයට ගුරුවරුන් ලක්ෂ දෙකකට වඩා සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අයගේ වැටුප් විදිහට විශාල වැයබරක් අපි දරනවා. ඒ අපේ බදු මුදල්. අපේ කාලයේ වගේ නෙවෙයි, දැන් ටියුෂන්වලට කොයි තරම් මුදලක් අපට වියදම් කරන්න වෙනවාද?

ඒ අතුරු කාරණයෙන් ආපහු අධ්‍යාපන සංවාදයට එමු. රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන දැන් සංවාදයක් ආරම්භ වෙමින් තියෙනවා නේ. මගේ මේ අදහස ඒ ගැන නෙවෙයි. ඒකට අමතරව තව කාරණයක් සාකච්ඡා වෙනවා “පරණ සිලබස්” ගැන.

දැන් මේ පරණ සිලබස් ගැන කියන කතාවේ එක් ඇඟවුමක් තමයි, එදා උගන්වපු දේවල්ම තාමත් උගන්වනවා කියන මෝඩ කතාව. එදා විතරක් නෙවෙයි අදත්, හෙටත් මූලික දේවල් – ඒ විදිහටම නොවුණත් වෙනත් මෙවලම් (Tools) පාවිච්චි කරලා – මූලික සිද්ධාන්ත උගන්වන්න වෙනවා. ව්‍යාකරණ නැතුව භාෂාව උගන්වන්න බැරි වගේ, පරමාණු පිළිබඳ මූලික දේවල් උගන්වන්නේ නැතුව රසායන විද්‍යාව උගන්වන්න බැරි වගේ, චලිතය හා ශක්තිය ගැන මූලික දේවල් උගන්වන්නේ නැතුව භෞතික විද්‍යාව ඉදිරියට ඉගෙන ගන්න බැරි වගේ, සෛද්ධාන්තික දේවල් හැමදාම උගන්වන්න වෙනවා.

Artificial Intelligence 1
දැන් අධ්‍යාපනය ගැන හරි නිරවුල් අවබෝධයක් නැති, අධ්‍යාපනය හරියට නොලබපු පණ්ඩිතයින් හිතන්නේ මේ මූලික දැනුම නැතුව පරිගණක විද්‍යාව හරි රොබොටික්ස් (Robotics) හරි කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) හරි තමයි උගන්වන්න ඕන කියලා. පදනමක් (Foundation) නැතුව ගොඩනැගිල්ලක් හදන්න බැහැ. මූලික දැනුම කියන්නේ පරණ දේවල් නෙවෙයි. ඒ ඉගැන්වීම කියන්නේ පරණ සිලබස් එකක් නෙවෙයි.

121972073 180569223656394 650519409843175330 nඅනෙක් අතට අත්කම් කියන්නේ මොළය සහ ස්නායු පද්ධතිය වැඩෙන්න අවශ්‍ය දේවල්. පරිප්පු ඇට ඇලවීම වැනි දේ මොළයට සහ ස්නායු පද්ධතියට වැදගත් වෙන්නේ, ඒ වගේ ක්‍රියාකාරකම් තුළින් තමයි ස්නායු පරිපථ (Neuro circuits) හැදෙන්නේ. ළමා මොළය සහ බුද්ධිමය ධාරිතාව වැඩෙනවා කියන්නේ මේ ස්නායු පරිපථ අලුතින් වැඩි වැඩියෙන් හැදෙන්න අවශ්‍ය ක්‍රියාකාරකම්වල යෙදවීමයි. පොඩි කාලේ ඉඳලා ළමයින්, අතින් පයින් ඇඟිලිවලින්, අසමමිතික ක්‍රියාකාරකම් (Asymmetric activities) වල නියැලෙන්න අවස්ථා හදලා දෙන්න ඕනෑ. මේ සඳහා ලෝකයේ අලුත් මනෝවිද්‍යාත්මක මෙවලම් තියෙනවා. අපි කලින් කිව්ව පදනම (Foundation) සඳහා ඒවා එකතු කරගන්න ඕනෑ. ඒවා තමයි අලුත් වෙන්න ඕනෑ.

tharaka
(සටහන | තාරක වරාපිටිය)

උපුටා ගැනීම - vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...