යමෙක් අලුත් තාක්ෂනික මෙවලමක් ගැන දැනුමක් ඇති වීම නිසා ඇතිවෙන මේ ප්‍රභූත්වයෙන් ඉදිමුනු අයට කියන්න පුලුවන් ටෙක්ප්‍රභූන් කියල.
ඔය මහ ඉහලින් කියන මේ ඇප් එක තමයි gov pay ඇප් එක. මාලිමාන්ඩුවෙං ජනතාව වෙනුවෙන් කරලා තියෙන තවත් මහා මෙහෙවරක් විදිහට තමයි මේ ගැන කියන්නෙ.

තාක්ෂනයක් කියන එකේ සරල තේරුම වැඩ පහසු කරන ක්‍රමවේදයක් කියන එක. එතකොට මහපාරෙ දඩයක් ගෙවන්න රියදුරා විසින් ඇප් එකක් පාවිච්චි කළ යුතු වීම පහසුවක් විදිහටයි මේ ටෙක්ප්‍රභූන් දකින්නෙ.
පලවෙනි කාරනය තමයි දඩ ගහන්නෙ රජය විසින්. නමුත් එය ගෙවීමට අදාල මෙවලම, ඇප් එක හෝ ෆෝන් එක අරන් යන්න වෙන්නෙ රියදුරාට. අදාල දඩයට අමතරව, ස්මාර්ට් ෆෝන් එකක්, ඒ අදාල තැනට ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක්, ඇප් එකක් මේ සඳහා රියදුරා විසින් රජයට දඩ ගෙවීම සඳහා අනිවාර්‍යයෙන්ම ලග තියා ගන්න ඕන. මේක මිනිස්සුන්ට පහසුවක් විදිහට හදුන්වා දෙන පරිපාලන බලහත්කාරයක් කියල තේරුම් ගන්න මාලිමාවුන් අසමත්. හැබැයි කතාව නං වමේ.
ඊට අමතරව ස්මාර්ට් ෆෝන් එකක ඇප් භාවිතය ගැන දැනුම, ඇප් එක 'බග්' එකක් නැතුව ක්‍රියාත්මක වීම, සිස්ටම් ෆේලියර්ස් ආදිය නොමැති වීම ආදියත් මෙතනදී පූර්ව කොන්දේසි වෙනවා.
මහපාරෙ දඩයක් ගෙවන්න ඇප් එකක් යෝජනා කිරීමම මොනතරම් අඥානද? අදාල නිලධාරීන් අතට ඩිජිටල් කාර්ඩ් මැෂිමක්, රිසිට් පොතක් ලබා දීම වෙනුවට රියදුරන් මෙකී සියලු අවශ්‍යතා සපුරාගෙන පැමිනෙන්න යැයි කීම මොන තරම් අසාධාරනද? අනෙක් අතට මෝඩද?

මේ වර්ගයේ තාක්ෂන යෙදවුම් කියන්නෙ අනවශ්‍ය ජාලයන් ගනනාවක් පවත්වාගෙන යන්න සිද්ද වෙන නාස්තිකාර වැඩ. තමන්ගේ යෙදවුම අවශ්‍ය කාටද? අවශ්‍ය වන තැන කුමක්ද? ඒ වෙනුවෙන් සැලසිය හැකි පහසුම කෙටිම මාර්ගය කුමක්ද යන ආකාරයෙන් හිතනවා වෙනුවට තවත් වටයක් යෝජනා කිරීමක්. ඒක පාරෙ රස්තියාදුව වෙනුවට ඩිජිටල් රස්තියාදුවක්.
ඒ වගේම අදාල සේවය අවශ්‍ය වන බහුතර ජනතාවක් නොසලකා හැරීමත් මෙතනදි සිද්ද වෙනවා. ඒක ඩිස්ක්‍රිමිනේෂන් එකක්. ඒ මදිවට බැංකුවක හෝ වෙනත් ඇප් එකක් මත රදා පැවතීම නිසා මේ ඇප් එක පාවිච්චි කරන කෙනෙක් මුහුනදෙන දෝෂ බහුලයි.
ලෝකයේ තව රටවල ඇප් වලින් මේ විදිහෙ රථවාහන දඩ ගෙවීම් කරනවා. හැබැයි පාරෙ නතර කරගෙන, ගෙව්වෙ නැත්තං රියදුරු බලපත්‍රය අත් අඩංගුවට ගන්න හින්ද නෙමෙයි. ඕන කෙනෙකුට තමන්ට ලැබෙන ටිකට් එක ඇප් එකක් ඔස්සේ ගෙවීමේ නිදහස ලැබෙනවා.

අපිට ලංකාවෙ මේ ඇප් එකෙන් ලැබෙන නිදහස කුමන වර්ගයේ එකක්ද? එවන් නිදහසක් ගැන ආඩම්බර වෙන අපි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක කී වෙනි පංතියේ පුරවැසියෝද?
හැබැයි ඉතින් මේ ආන්ඩුවට චන්දෙ දීපු අයට මේක තමයි තාක්ෂනේ කියන්නෙ. මේක තමයි ජනතාව ලබන නිදහස කියන්නෙ
(ඔය කිසි දෙයක් නෑ, පාරෙ කරන වරදට ඒ වෙලාවෙම ටිකට් එකක් දීලා කැමති ඕනම විදිහකින් ගෙවීම කරන්න ඉඩ දීම තමයි පහසුම. නියමිත දින ගාන පහුකලොත් නඩු පවරන්න පුලුවන් . ලයිසන් තියාගන්න බලහත්කාරය කොහෙත්ම අවශ්‍ය නෑ. ඇප්වලටයි අරවටයි මේවටයි රජය මුදල් වියදම් කරන්න ඕනත් නෑ)
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com




