The Leader News
BREAKING
Top Ad
Opinion

සමාජ විප්ලවය කැන්ටිමෙන් 'අඩු කා' කළ නොහැක | පිලිප් ශාන්ත

T

The Leader Desk

January 25, 2026 • 6:56 AM

සමාජ විප්ලවය කැන්ටිමෙන් 'අඩු කා' කළ නොහැක | පිලිප් ශාන්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලාල්කාන්ත අමාත්‍යවරයා කිව්වනෙ එයාල ආණ්ඩු බලය ඇල්ලුවට රාජ්‍ය බලය අල්ල ගන්න බැරිවුනා කියල.
  • රාජ්‍යයේ ඉහළ නිලධාරී පැලැන්තිය, ධනේශ්වර බුද්ධිමතුන් හා ව්‍යාපාරික ප්‍රජාව වගේ ධනේශ්වර රාජ්‍යයේ මෙවලම් එක්ක මුන්දල ඇයි හොදයිකම් කියන්න පටන් ගත්තෙ 2019න් විතර පස්සෙ වෙන්න ඕන.
  • ඒ තුළ නිතරම ආණ්ඩුව සමඟ හැප්පෙන කඩාකප්පල්කාරී වීථි සටන්කරුවන් කොටසක් ලෙසයි සමාජය විසින් ජවිපෙ හදුනාගෙන සිටියෙ.
  • ජවිපෙට ඉතුරු වුනේ පෙර කී ලෙස නිදහස් අධ්‍යාපනයෙන් විශ්ව විද්‍යාලවලට ඇවිත් කැන්ටිමෙන් "අඩුකමින්" ශිෂ්‍ය සංගම්වලට කඩේ ගොස් පසුව රාජ්‍ය සේවයට පත්ව ඉහළ තනතුරු ලබා ගත් අතලොස්ස පමණයි.
අකුරු ප්‍රමාණය (Font Size):


තමන්ගෙ නිවටකම වහ ගන්න ආණ්ඩුවෙ අය නිතරම කියන්නෙ ඔය කතාව. සභාව දිනලත් සභාවෙ බලය ගන්න බැරිවීම ගැන ප්‍රශ්න කළාම කුලියාපිටිය ප්‍රාදේශීය සභාවෙ මාළිමා මන්ත්‍රී කෙනෙක් මට කිව්වෙත් ඕක. හැබැයි අරගල කරල රාජ්‍ය බලය ගන්න ඕන කියන ලාල්කාන්තගෙ කතාව නම් වානා. එහෙම අරගල කරන්න ඇහැක් බුද්ධිමය ජව සම්පන්න මිනිස්සු මාළිමාවෙ නැහැ.

 

උදාහරණයකට ග්‍රාමීය සංවර්ධනයේ කේන්ද්‍රය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වුනාට ගොඩක් ජෙප්පො ඒ රැස්වීමට යන්න ගත්තෙ ආණ්ඩු බලය ලැබුණට පස්සෙ. රැස්වීමේ ආකෘතිය, ව්‍යුහය, බලය හා මෙහෙයුම් හැකියාව ගැන ඉගෙන ගන්නෙ දැන්. ඒ සදහා නිලධාරීන් ඉදිරියේ කට්ටිය දෙකට නැවෙමින් ඉන්නෙ. නමුත් පුරුදු වෙන්න, පුහුණු වෙන්න ඒ කාලෙ ඉදන්ම ඒ රැස්වීම්වලට සහභාගී වුනා නම් ඒවයේ යාන්ත්‍රණය ගැන හොද අවබෝධයක් ලැබෙනව. නමුත් ඒ අවබෝධය මුන්දලට නැති නිසා ගෑරුප්පුවෙන් කිරි කනව තරමට වැඩේට ආධුනිකයි.

රාජ්‍යයේ ඉහළ නිලධාරී පැලැන්තිය, ධනේශ්වර බුද්ධිමතුන් හා ව්‍යාපාරික ප්‍රජාව වගේ ධනේශ්වර රාජ්‍යයේ මෙවලම් එක්ක මුන්දල ඇයි හොදයිකම් කියන්න පටන් ගත්තෙ 2019න් විතර පස්සෙ වෙන්න ඕන. ඒ ජාතික ජන බලවේගය පිහිටුවීමත් එක්කයි. එතෙක් ඔවුන් ගනුදෙනු කළේ පසුගාමී වැඩවසම් අවකාශයක. ඒ තුළ නිතරම ආණ්ඩුව සමඟ හැප්පෙන කඩාකප්පල්කාරී වීථි සටන්කරුවන් කොටසක් ලෙසයි සමාජය විසින් ජවිපෙ හදුනාගෙන සිටියෙ.

 

dharman03jpg

හැබැයි ලංකාවෙ පැරණි වම එහෙම නැහැ. විශ්ව විද්‍යාලවලට ගම්වලින් ආ දරිද්‍රතාවෙන් පෙලෙන, කැන්ටිමෙන් "අඩු" කා ජීවත්වන ශිෂ්‍යයන් මත ජවිපෙ පදනම්වනවිට පැරණි වම පදනම් වුනේ ඒ විශ්ව විද්‍යාලවලම ඇකඩමික් ප්‍රජාව මතයි. ඒ නිසා පැරණි වමට බුද්ධිමය සාරය ලැබුණා. එකල සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂවල සාමාජිකයකුවීම සමාජ වටිනාකමක් ලැබුණ කාරණයක්.

ජවිපෙට ඉතුරු වුනේ පෙර කී ලෙස නිදහස් අධ්‍යාපනයෙන් විශ්ව විද්‍යාලවලට ඇවිත් කැන්ටිමෙන් "අඩුකමින්" ශිෂ්‍ය සංගම්වලට කඩේ ගොස් පසුව රාජ්‍ය සේවයට පත්ව ඉහළ තනතුරු ලබා ගත් අතලොස්ස පමණයි. ඔවුන්ගේ ද තාර්කික බුද්ධිය කඩාබිඳ දමා එහෙයියන් පිරිසක් බවට විශ්ව විද්‍යාලයේ දී ම පත්කරගෙන ඇති නිසා බුද්ධිමය ප්‍රජාවක් ලෙස හදුනා ගන්න බැහැ. එදා පක්ෂ කාර්‍යාලයේ ඕඩරයට රටපුරා පෝස්ටර්ස් ගැසුවා සේ අද ජනාධිපති කාර්‍යාලයේ ඕඩරයට සූපින් වැඩ කරමින් සිටී. නමුත් මාලිමාව ලැබූ ජනවරම ක්‍රියාත්මක කිරීමට නම් පුළුල් දැක්මක් සහිත ජවසම්පන්න බුද්ධිමය නිලධාරීන් පිරිසකුයි අවශ්‍ය. එවැන්නන් තමන් සතුව නොමැති නිසා ප්‍රභූ කේන්ද්‍රීය රාජ්‍ය යාන්ත්‍රණය හා නිලධාරිවාදී බූවල්ලා මේච්චල් කිරීමට ආණ්ඩුවට ශක්තියක් නැහැ. ඒ නිසයි ක්ලීන් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් රජයේ කාර්‍යාලවල ඩස්බිං පවිත්‍ර කිරීමකට සීමා වූයේ.

 

flspdemonstration
සමාජය පරිවර්තනය කිරීම සමස්ත සමාජයේ සාමූහික කාර්‍යක් මිසක් ගම්වල දරිද්‍රතාවෙන් පෙලෙන නිකමුංගේ නහයෙන් ඇ‍ඬිල්ලක් නෙවෙයි. නමුත් අරක දියව් මේක දියව් කියමින් ජවිපෙ අතීතයේ කළේ නිකමුන්ට සුබසාධනය ඉල්ලා සිටීමක් මිස සමාජ පරිවර්තනයකට සමාජ ව්‍යාපාරයක් නිර්මාණය කිරීම නෙවෙයි. ඊට අත්පොත් තැබුවේ ජාතික ජනබලවේගය හරහා නිසා එවැනි සමාජ ව්‍යාපාරයක් තවමත් බිහිවී නැහැ. නිකමුන්ට සුබසාධනය ඉල්ලමින් වීථි සටන් කිරීම ජවිපෙ එදා නතර කළ තැන සිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය යහමින් කරමින් සිටින නිසා බුද්ධිමත් සමාජ සාරයකින් යුතු සමාජ ව්‍යාපාරයක් ඔවුන්ට ද ගොඩනඟන්න බැහැ.

සමාජය වෙනස් කිරීම දරිද්‍රතාව නිසා පටන් ගත යුක්තක් නෙවෙයි. එය කළ යුත්තේ පවතින සමාජ ක්‍රමය අහෝසි වෙමින් පවතින නිසයි. ඒ සදහා විශ්ව විද්‍යාල කැන්ටිමෙන් "අඩු කන්නන්" පමණක් නොව බිරියානි කන්නන් ද සමාජ විප්ලවයේ කාරක බලවේගයට  අවශ්‍ය වේ.

(විශ්ව විද්‍යාලයේ කෑම පිඟානක් දෙන්නේ සහනාධාර මිලකට ය. එය කෑ පසු මදි නම් සුළු මුදලකට අතිරේක කෑම ප්‍රමාණයක් ලබා දේ. එය හදුන්වන්නේ අඩුවක් ලෙසය. දරිද්‍රතාවෙන් පෙලෙන්නන් මෙන්ම කපටින් ද වෙනත් කෙනෙක් කා ඉතුරු වූ ඉඳුල් පිගාන ගෙන ගොස් සුළු මුදලකට ලැබෙන අඩු කා ජීවත් වේ)

(සටහන | පිලිප් ශාන්ත)
විමුක්ති හඬ
shan.info1978@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...