ඒ ජනප්‍රිය මාතෘකාව ආරම්භ කිරිමට පළමුව, වර්තමාන නීතිපති පාරින්ද රණසිංහ ඉවත් කර දීලීප පිරිස් එතනට රිංගවා එක දිගට පෙළ ගැසෙන බහාලූම් නිදහස් කිරීම, ගල් අගුරු ටෙන්ඩර් වංචාව වැනි වංචාවන් සම්බන්ධව නඩු නො පවරා ආණ්ඩුව බේරීමට දරණ යටි කූට්ටු වැඩ පිළිවෙල ගැන රටම විමසිලිමත් විය යුතු බව ආදරයෙන් සිහිපත් කරන්නේ ගරු හර්ෂණ නානායක්කාරට මාලිමා සමාජ මාධ්‍ය එල්ල කරන බර අවි ප්‍රහාර නිශේධ කරමින් අමාත්‍ය බිමල් රත්නායක කොටුවේ දුම්රිය පොළේදී නීති ක්ෂේත්‍රය සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ පාලකයන්ට පැවරුණ වගකීම් ගැන ගැඹුරෙන් කතා කළ නිසාය.
අපි නැවත ලිපියේ මූලික අභිලාෂය වූ අධිනීතිඥ දිලීප පිරිස් අනුරගේ බඩ්ඩ වෙමින් නීතිපති තනතුරේ වැඩ භාර ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩු පැවරනු ලැබුවහොත් (තවමත් එවැනි නඩුවක් පැවරී නැති නමුත්) කුමක් සිද්ධ වේද යන කල්පිතය (Hypothecal) යම් තරමකට උප කල්පනය කළ හැකිය.
මුලින්ම කිව යුත්තේ අධිනීතිඥ දිලීප පිරිස් නීතිපති හැටියට පත් කළ පසුව ඔහු රටේ නීතිපති හැටියට නොව එතැන් පටන් දිලීප ''අනුරගේ බඩ්ඩ'' යනුවෙන් හඳුන්වනු ලැබීමට බොහෝ ඉඩකඩ ඇති හෙයින් පාරින්ද රණසිංහට එරෙහි ප්‍රකට උද්ඝෝෂකයන්ව සිටින චාන්දනීලාට, තරිඳුලාට පොලිසිය ලබා දුන් පොලිස් ආරක්ෂාව ඒ ආකාරයෙන්ම පැවතිය යුතුව තිබේ. එහෙත් පසුගිය ලිපියේ දැක්වුණ අකාරයට ශ්‍රීනාත් පෙරේරාගේ විශිෂ්ඨ ආකල්ප අනුව යමින් අධිනීතිඥ පීරිස් කිසි විටෙකත් අනුරගෙ බඩ්ඩ නොවනු ඇත.
චිරාත් කාලයක් අභිමතය සහ රාජ්‍ය තාන්ත්‍රීක පිළිගැනීම් අනුව ප්‍රශ්නගත සිද්ධිය සම්බන්ධව රටේ මුදල් වැය කිරීමේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරියට ලංකාවේ මුදල් රෙගුලාසි අනුව මිළ ගණන් කැඳවා අවම මිල සහිත සේවා පහසුකම් සපයන්නා තොරා ගෙන ඒ තත්වය ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් හරහා ජනාධිපති ලේකම්ට දන්වා අනුමැතිය ලබා ගත්තාද යන්න විත්තියේ හරස් ප්‍රශ්න පැමිණිල්ලේ සාක්ෂිකාරියට පිළිතුරු දීමට සිදුවේ. මෙම ගෙවීම සිදු කළේ කවුරුන් විසින්ද යන්න ප්‍රශ්න කරනු ඇත. ඒ සඳහා අවසරය ලබා ගත්තේ ජනාධිපති ලෙකම් වරයා ගෙන්ද? නොහොත් විදේශ කටයුතු අමාත්‍ය ලේකම් වරයා ගෙන්ද යන්න ප්‍රශ්න කරනු ඇත. එකී අවසරය ලබා ගත්තේ ලිඛිතවද නැතහොත් වාචිකවද යන්න ප්‍රශ්න කරනු ඇත.

එසේම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන නිලධරින්ගේ අඹුවන් (උදාහරණ හැටියට සංගීඥ නදික ගුරුගේ වැනි) සැමියන්ට බ්‍රිතාන්‍යට පැමිණි අවස්ථාවල තානාපති කාර්යාල යාන වාහන පාවිච්චි කළ හැකිද? යන ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මතු කරනවාමය. බ්‍රිතාන්‍යට පැමිණෙන ශ්‍රී ලාංකේය රාජ්‍ය තාන්ත්‍රීක දේශපාලනඥන් ස්වකීය ඥාති මිත්‍රයන්ගේ නිවාසවලට යන එන ගමන් රාජ්‍ය තාන්ත්‍රීක අවශ්‍යතාවන්ද යන්න ලිඛිතව තහවුරු කර නො ගෙන බංකොලාත් රටේ රටේ මුදල් වැය කිරීමට විදේශ අමාත්‍යාංශය බලය දුන් බව දැක්වෙන ලිඛිත අවසරය ඉදිරිපත් කළ හැකිද ප්‍රශ්න කළ හැකිය.
විත්තියේ නීතිඥයන් යනු තම සේවාදායකයාගේ අයිතිවාසකම් වෙනුවෙන් උපරිමයෙන් පෙනී සිටිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ රීතින් හෙවත් වෘතිය ආචාර ධර්ම පද්ධතියට අනුකූල බව පෙන්වා දී රනිල්ගේ නීතිඥයන් සුනාමි ආධාර අවභාවිතා කිරීමේ නඩු තීන්දුව ගැන ප්‍රශ්න කරනවාමය. ලංකාවේ සුනාමි ආධාර අවභාවිතා කර පුද්ගලික ගිනුමක දමා ගත් බවට කබීර් හසීම්, මහින්ද රාජපක්ෂට පැවරූ නඩුවේ තීන්දුව දුන් අග්‍ර විනිශ්චයකාර ගරු සරත් නන්ද සිල්වා, මහින්ද රාජපක්ෂ සහ ලලිත් වීරතුංග විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර නඩුවේ පෙත්සම්කාර කබීර් හසීම්ව ලක්ෂ ගණනක වන්දි මුදලක් ගෙවීමට නියම කළේය.
එයින් කලකට පසුව ප්‍රසිද්ධ වේදිකාවකදී තමා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පක්ෂග්‍රාහි සහ අනීතික බවට පසුව ප්‍රසිද්ධ වේදිකාවකදී පාපොච්චාරණයක් කර ජාතියෙන් සමාව ඉල්ලා සිටි බව දැක්වෙන රාජ්‍ය ලේඛනාගාරයේ සහතිකය ඇතුළත් පුවත් පත් උදෘතයන් නඩුවේ කොටසක් හැටියට ලකුණු කර එකී විවාදාත්මක ප්‍රකාශය නිසා රටේ උපරිමාධිකරණයට ඇතිවූ කැළල ගැන නිහඬව සිටි කිසිදු පියවරක් නො ගත් ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ ආයතන ත්‍රීත්වය ලංකාවේ විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ආර්යාව සමග එතුමිය සහභාගි විය යුතුව ඇති තැනකට යාම වරදක් බවට ප්‍රකාශීත නීතිය කුමක්දැයි ඇසුවොත්.....? පැමිණිල්ලේ නීතිඥයන් මතු කරන විරෝධතා හමුවේ රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අසන අධිකරණය පත්වන අපහසුතාව ගැන අනුරගේ බඩ්ඩ හෙවත් වෙන්ඩ නීතිපතිට කල්පනා කළ නොහැකිය. හේතුව මාලිමා පාලකයන් රාජ්‍ය අත්පත් කර ගැනීමේ සකල කර්තව්‍ය අනුරගේ බඩ්ඩ විසින් විලි ලජ්ජා නැතිව ඉටු කළ යුතුව ඇති හෙයිනි.
දැනටමත් රට දන්නා උසාවි වාර්තා අනුව ලාල් කාන්ත කී ආකාරයට රාජ්‍ය අත්පත් කර ගැනීමේ කර්තව්‍යය ශ්‍රී ලංකා පොලිසියේ ගම්පහ පොලිස් ස්ථානයට අනුයුක්ත කළ සාජන්වරුන් තිදෙනෙකු සහ කොස්තාපල් වරුන් තිදෙනෙකු විසින් කතෝලික පූජකයෙකුගේ කන අතගා උත්සවශ්‍රීයෙන් ප්‍රසිද්ධ ස්ථානයකදී සාර්ථකව සිදු කර ඇති බව අධිකරණයට වාර්තා කිරීමට ශ්‍රී ලංකා පොලිසියටම සිදුවී ඇත.

ත්‍රීකුණාමලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නියමයෙන් නඩු භාණ්ඩයක් හැටියට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බුදු පිළිමය නැවත වෙරළ සංරක්ෂණ කලාපයේ තැම්පත් කිරීම ගැන නීතිපති විසින් වහා පියවර ගෙන එකී නීති කෘතියට මැදිහත්ව අගතියට පත් පාර්ශවයන්ට සාධාරණය ඉටු කළ යුතු වුවද රනිල්ගේ බඩ්ඩ හෙවත් වර්තමාන නීතිපති හෝ එකී කාර්ය නො කරන්නේ තම රාජකාරි වලට පොලිස් ආරක්ෂාව ඇතිව මහ පාරේ පිකටින් කිරීමට අවසර ලැබි ඇති නිසාය.

වරක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජ්‍ය සේවයට නුසුදුසු පුද්ගලයෙකු ලෙෂ ප්‍රකාශයට පත් කර යම් මුදල් දඩයකටද යටත් කළ පී.බී. ජයසුන්දර නම් ආර්ථීක ඝාතකයා නැවත තවත් ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ අධිකරණ තීන්දුවක් හරහා නිදොස් කොට නිදහස් කර රාජ්‍ය සේවය සඳහා සුදුස්සෙක් කිරිමට පියවර ගත් බව ගෞරව බහුමානයෙන් යුක්තව සිහි පත් කරමින් එකී තීන්දුව ආණ්ඩුව විසින් රාජ්‍ය අත්පත් කර ගත් අවස්ථාවක පූර්වාදර්ශයක් ලෙස මෙම නඩුවේදි පැමිණිල්ලේ නඩුකරය කිරීමට අනුරගේ බඩ්ඩ ක්‍රියා කිරීමටද පවත්නා ඉඩකඩද බොහෝවේ.
(මේ ලිපිය අනේ සුසානෝ මම කොළඹ යන කොට බල්ලොත් නො කන වැළ වරකා 'පැලවත්තේ‘ වැනි උත්ප්‍රාසයකි.)
(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com
සබැඳි ලිපිය :
නීතිපති තනතුරේ නිල භාවිතාව සහ හර්ෂණ නානායක්කාර | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න




