The Leader News
BREAKING
Top Ad
Opinion

දේශපාලන අවියක් ලෙස 'පුද්ගල ඝාතන' යොදාගැනීම ශිෂ්ට සමාජයකට ගැලපේ ද? - ගෙවිදු කුමාරතුංග

T

The Leader Desk

January 28, 2026 • 3:15 PM

දේශපාලන අවියක් ලෙස 'පුද්ගල ඝාතන' යොදාගැනීම ශිෂ්ට සමාජයකට ගැලපේ ද? - ගෙවිදු කුමාරතුංග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙනින් පවා ද පුද්ගල ඝාතන දේශපාලන අවියක් ලෙස යොදාගැනීමේ වින්දිතයෙක් බවත් ඔහු ඒ එක් උත්සාහයක ප්‍රතිඵලයක්
  • ඔහු මෙම අදහස් පළ කළේ පසු ගිය 21වන දා පැවති, ධර්මන් වික්‍රමරත්න විසින් රචිත, 'දයා පතිරණ ඝාතනයේ නොදුටු පැත්ත' කෘතිය ජනගත කිරීමේ උලෙළේ දී ය.
  • ලෙනින් ද පුද්ගල ඝාතන දේශපාලන අවියක් ලෙස යොදාගැනීමේ වින්දිතයෙක්.
  • ඒ අවස්ථාවේ ළදරු බෝල්ෂෙවික් රජය ඈත පිටිසර තහවුරු කිරීමේ කටයුතුවල නියැලී සිටි ට්රොට්ස්කි නොපමාව පීටර්ස්බර්ග් නුවරට, එ කල අගනුවරට ආ බව කියැවෙනවා!
අකුරු ප්‍රමාණය (Font Size):

ලෙස තදබලව ආබාධිත වූවා යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍ය නායකයකු වන ගෙවිදු කුමාරතුංග පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ පසු ගිය 21වන දා පැවති, ධර්මන් වික්‍රමරත්න විසින් රචිත, 'දයා පතිරණ ඝාතනයේ නොදුටු පැත්ත' කෘතිය ජනගත කිරීමේ උලෙළේ දී ය. මතු පළ වන්නේ එම උලෙළෙහි දී ගෙවිදු කුමාරතුංග කළ දේශනය ඇසුරින් සැකසුණ ලිපියකි.

එදා සිදුවූයේ කුමක් ද? අද සිදුවන්නේ කුමක් ද?

| ගෙවිදු කුමාරතුංග සරසවි සිසුවකුව සිටියදී
අද මේ ස්ථානයේ මේ කර්තව්‍යය කෙරෙන අවස්ථාවේ ම අසල ශාලාවක ජාතික ජන බලවේග රජයේ ඇමැතිවරු දෙදෙනෙක් ලෙනින් කියැවීමේ ප්‍රයත්නයක යෙදී සිටිනවා. ලෙනින් ද පුද්ගල ඝාතන දේශපාලන අවියක් ලෙස යොදාගැනීමේ වින්දිතයෙක්. ඔහු ඒ එක් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස තදබලව ආබාධිත වුණා. ඒ අවස්ථාවේ ළදරු බෝල්ෂෙවික් රජය ඈත පිටිසර තහවුරු කිරීමේ කටයුතුවල නියැලී සිටි ට්රොට්ස්කි නොපමාව පීටර්ස්බර්ග් නුවරට, එ කල අගනුවරට ආ බව කියැවෙනවා! එ ලෙස තහවුරු කළ සෝවියට් රාජ්‍යයේ ම ගොදුරක්ව, ට්රොට්ස්කි, පසුකාලීන ව ඝාතනය වූ බව ඔබ කවුරුත් දන්නවා.

නන්දන ගුණතිලක ඝාතනය කළා ද?

 

9iwifeoiohfopdnjih oidbbdnidbndfbno d

 

ඒ වගේ ම අද, ජනතා විමුක්ති පෙරමුණේ සිටි අධිෂ්ඨාන සහගතම නායකයෙක් වූ, එය යකඩයෙන් ලෙයින් මර්දනය කර තිබිය දී යළි ඔසවා තැබීමේ පුරෝගාමියෙක් වූ නන්දන ගුණතිලක සොහොයුරා ගේ අවසන් කටයුතු  වාද්දුවේ දී සිදු කෙරෙනවා. ඔහු ගේ මරණය ඝාතනයක් ද යන ප්‍රශ්නය අද දනන් තුඩ-තුඩ ඇසෙමින් තිබෙනවා!

එදා දයා පතිරණ ඝාතනය සිදු වූ අවස්ථාවේත් එ වැනි සැක-සංකා පැතුරුණා; කුමන්ත්‍රණ මතවාද පැතුරුණා. ඝාතනය සිදුවූයේ කැස්බෑව බල ප්‍රදේශයේ බැවින් ගාමිණී ලොකු ගේ අමාත්‍යවරයා ගේ නම කියැවුණා. රාජ්‍ය විරෝධී සිසුන් මර්දනය කරනු පිණිස, තයිලන්තයේ තමාසාත් විශ්විදාලයේ රාජ්‍යය අනුග්‍රහය ලද ශිෂ්‍ය කණ්ඩායමක නායකයකු ඒ රජය විසින් ම ඝාතනය කෙරුණු බව කියැවුණා. ස්තූතියි ධර්මන්, ඔබ ඝාතකයන් කවුදැ යි නිශ්චිත ව ම පෙන්වා දී තිබෙනවා. එ'පමණක් නෙවේ, ඉහත කී පරිදි, ඒ සමග ක්‍රියාත්මක වුණු ජනතා විමුක්ති පෙරමුණේ නොමග යැවීම් ගැන ද ඔබේ පොතේ තොරතුරු ඇතුළත් වෙනවා.

දයා පතිරණ - 'බලය යුක්තිය වේ'

image 57bb8f0b50

මේ ඝාතනය සිදු කෙරෙන විට අපි සරසවි සිසුන්; මම කොළඹ සරසවියේ දයා පතිරණ සමග ගැටුණු ප්‍රමුඛතම සිසුවෙක් යැයි කියන්න පුළුවන්. ඒ, ඔහු උතුරේ ම්ලේච්ඡ වර්ගවාදය වෙනුවෙන් පෙනී සිටි නිසා. ඒ වගේ ම ඔහු 'බලය යුක්තිය වේ' වැනි දර්ශනයක පිහිටා කටයුතු කළ නිසා. ඔහු මුවේ නිරතුරුව ම රැඳි සිගරට්ටුව අතට ගෙන, විනිවිද යන බැල්මක් හෙළමින්, "උඹේ ඇට දෙක තලාගන්න ඕනේ වෙලා ද?" යැයි මගෙන් ඇසූ වාර අනන්ත යි. ඒ විහිළුවක් නොවේ; ඔහු ගේ සගයෝ, මා චප්ප කරදැමීමට සූදානමින් මා වටා උසුළු-විසුළු කරමින් සිටිනවා මට මැවී පෙනෙනවා. දැන් නිර්මාල්, ඔබ ප්‍රශ්න කළා අපි එදා මේ ඝාතන හෙළා-දැක්කා ද කියා. ඔව්, විද්‍යා පීඨයේ අපි හෙළාදැක්කා. මම මාතර, පතිරණ ගේ මරණයටත් ගියා. ඒ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ පිරිස් පහරදීමේ අවදානම තිබිය දී.

සත්‍යයත් ඝාතනය කෙරුණා ද?

ඒත්, එදා අපිට ඝාතකයන් ගැන නිශ්චිත තීන්දුවක් ගත නොහැකි වුණා. ඒ මම පෙර සඳහන් කළ නොමග යැවීම් නිසා. ඊට පසුකාලීනව ඉන්දු-ලංකා ගිවිසුම සම්බන්ධයෙන් ජ.වි.පෙ. සහ අපි දැරූවේ ආසන්න ස්ථාවර. ඉතින් අපි එකට කටයුතු කළා. හැබැයි, ජනතා විමුක්ති පෙරමුණ "ජේ. ආර්. මරවු!" කියමින් ප්‍රේමදාස මහතා දිනවීමට කටයුතු කරන බව වැටහුණු සැණෙන් අපි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ දී ඊට එරෙහි ව සටන් කළා. නිර්මාල් ඔබ සඳහන් කළ පේරාදෙණියේ ශිෂ්‍ය නායක නිශ්මි සහෝදරයා සහ මා අතර විවාදය පැනනැංඟේත්, ඒ දුෂ්කර පැයේ දී පවා කොළඹ අපි නිවැරැදි ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි නිසා; සරසවි වසා ගැනීමට ජවිපෙ උපක්‍රම තෝරද්දී, සරසවි විවෘත ව තබාගැනීමට අප උත්සාහ කළ නිසා. ඇත්තට ම එදා අපට එරෙහි ව කරුණු දැක්වීම ශිෂ්‍ය ව්‍යාපාරයෙහි ප්‍රබල ම කථිකයන් තිදෙනෙක් විසින්, පූජ්‍ය බලහරුවේ සෝම හිමි, පේරාදෙණියේ නිෂ්මි සහෝදරයා සහ වෛද්‍ය පීඨයේ කොල්ලුරේ සහෝදරයා විසින් සිදු කෙරුණා. රට පාලනය කෙරෙන්නේ කා අතින් දැයි යන්න අපහැදිලි, සරසවි ජවිපෙ පාලනයට නතු ව තිබූ ඒ අභියෝගාත්මක මොහොතේ දී පවා අපි සරසවි සිසුන් වෙනුවෙන් පෙනී සිටීමට, අප දැක්ක නිවැරැදි ක්‍රියා මාර්ග  හඬනඟා කීමට, මරණ හමුවේ පාවා අපි කටයුතු කළා.

'පුද්ගල ඝාතන' දේශපාලන අවියක් ලෙස යොදාගැනීම හෙළා දකිමු !

 දැන්, පුද්ගල ඝාතන දේශපාලන අවියක් ලෙස යොදාගැනීම, ම්ලේච්ඡ දේශපාලනයක් ලෙස අප කවුරුත් හෙළාදැකිය යුතු බව මගේ අදහස යි. අද ශිෂ්ටසම්පන්න ලෝකය මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නේ මන්ද? ඒ ඕනෑ ම මනුෂ්‍යයෙකුට නිවැරැදි වීමේ ශක්‍යතාව ඇතැයි අප පිළිගන්නා බැවින්. දඬුවම නිවැරැදි වීම පිණිස මිස පළිගැනීම පිණිස නොවීය යුතු බැවින්. දයා පතිරණ ඝාතකයන්, අධිකරණය හමුවේ වරදකරු වූ අය පවා, සිරදඬුවම් විඳ නිදහස් වී අවසන්. ඒත් පතිරණ? ඒ වගේ ම දේශපාලන ඝාතන බලාපොරොත්තු වන අන්ත සාක්ෂාත් කරදෙනවා ද?


ජුලියස් සීසර් ඝාතනය

assassination of julius caesar painting

අපි ලෝක ප්‍රකට උදාහරණයක් සලකා බලමු; දේශපාලන අරමුණක් වෙනුවෙන් කෙරුණු ඒ සුප්‍රකට ඝාතනය, ක්‍රිස්තු පූර්ව 44 දී සිදු වූ ජුලියස් සීසර් ඝාතනය සලකා බලමු. අරමුණ වූයේ යුද ජයග්‍රහණයන් සහ බලවත් වන ජුලියස් සීසර් ගෙන්, රෝම ජනරජයේ ආයතන ආරක්ෂා කිරීම. සභිකයන් රැස්ව සාමූහික තීන්දු-තීරණ ගැනීමේ ක්‍රියාවලිය ආරක්ෂා කිරීම. එහෙත් සිදු වූයේ කුමක් ද? සීසර් හිතෛෂීන් සහ ඔහු ගේ ඝාතකයින් ලෙස දෙපිලට බෙදී කෙරුණු සිවිල් යුද්ධයට පසු ව රෝමය අධිරාජ්‍යයෙකු ගේ පාලනයට නතු වීම වැළැක්වීමට තැත් කළ, උපකල්පිත වීපත, සැබෑ විපතක් වීම.

"උන් මුන් වෙලා ද? මුන් උන් වෙලා ද?"

දැන් අපි ස්වාධීන ශිෂ්‍ය සංගමය හා ජවිපෙ උන්'නුන් මරාගැනීම ම සලකමු. මට පෙර කරුණු දැක්වූ මහාචාර්ය නිර්මාල් රංජිත් එකල ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයකු බව අපි කවුරුත් දන්නවා; ඒ බව මේ පොතේ ද සඳහන් කෙරෙනවා. දැන් ඔහුව එදා ඝාතනය කෙරුණා නම්, එහෙම නම්, ජවිපෙට අහිමි වන්නේ අද තමන් වෙනුවෙන් හැරෙන තැපෑලෙන් කඩේට දුවන මහාචාර්යවරයෙක් නො වේ ද?  නිර්මාල් ම කියූ ලෙස, මේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ හොඳ ම ඩෝබියෙක් නොවේ ද? එදා ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයකු වූ දයා පතිරණ සහ එදා ජ.වි.පෙ. ක්‍රියාකාරීන්  ගෙන් මරණීය තුවාල ලද සෝමසිරි අද කොහේ ද? ඔහු පෙරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් නොවේ ද? ධර්මන් ගේ මේ කෘතියට අනුව, ඔවුන් ඝාතනය කිරීම සැලසුම් කළ එදා ජවිපෙ ආදිරිස් ද කොස්තා සමග ම ඔවුන් ගෙන් පොරෝපහර කෑ සෝමසිරිත්, දෙදෙනා ම පෙරටුගාමී වන විට මේ මරාගැනිල්ලේ අර්ථ විරහිත බව ගැන අප තවදුරටත් කතා කළ යුතු ද? දයා පතිරණ ජීවත් වී නම්, අද ඔහු කවුරුන් සමඟ හිටගනීවි ද? ඇත්තට ම, අද ජවිපෙ නැතිනම් ජාතික බලවේගය සමග කටයුතු කරන අතීත ස්වාධීන ශිෂ්‍ය සංගම් සගයින් ගේ නම් රැසක් මට කිව හැකි යි. ඇත්තට ම උන් මුන් වෙලා ද? මුන් උන් වෙලා ද?

ප්‍රචණ්ඩ නොවන දේශපාලනයක්; නොමරණ දේශපාලනයක්

මහත්මා ගාන්ධි ආදීන් ගේ දේශපාලන විරෝධතා අධ්‍යයනය කරමින්, දැන් ඝාතන පිටුදකින දේශපාලනයක් ගැන, ඝාතනය, ප්‍රචණ්ඩත්වය පිටුදකින විරෝධතා පිළිබඳ ව, ලෝකය අධ්‍යයනය කරනවා. ඇමරිකාවේ මහාචාර්ය ග්ලෙන් ඩර්ලන්ඩ් පේජ් එහි ලා පුරෝගාමියෙක්. 2002 එළිදුටු ඔහු ගේ 'ඝාතන පිටුදැකීමේ ලෝක දේශපාලන විද්‍යාව' (Nonkilling Global Political Science) කෘතිය මේ හා සම්බන්ධ ප්‍රධාන මැදිහත්වීමක්. 2017 දී

 

WhatsApp Image 2026 01 29 at 12.17.23 AMමහාචාර්ය ජීන් ශාප් (1928-2018)


මියගිය ඔහු, 'ඝාතන පිටුදැකීම සඳහා වන ලෝක කේන්ද්‍රයේ' ප්‍රධානී ලෙස කටයුතු කළා. මහාචාර්ය ජීන් ශාප් තවත් ප්‍රධාන මැදිහත්කරුවෙක්. 'ප්‍රචණ්ඩ නොවන ක්‍රියාමාර්ගයන්හි දේශපාලනය' (Politics of Nonviolent Action,1973) හා 'ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට' (From Dictatorship to Democracy, 1993, මේ කෘතිය සිංහලට ද පරිවර්තනය වී ඇත) කෘති මේ සම්බන්ධ ඔහු ගේ ප්‍රධාන මැදිහත්වීම් ලෙස සැලකිය හැකි යි. ඔහු, ප්‍රචණ්ඩ නොවන ක්‍රියාමාර්ග අධ්‍යයනය සඳහා කැපවුණු ඇල්බට් අයින්ස්ටයින් ආයතනය පිහිටුවීමෙහි ලා මූලිකයෙකි. දැන් මේ දේශපාලන උපාය-මාර්ග යොදාගැනීම සඳහා වන නිදර්ශන සැලකීමේ දී මේ අධ්‍යයන කෙරෙන්නේ විවිධ රාජ්‍යවල ඇමරිකානු වුවමනාවල අනුව පාලන පෙරෙළීම සඳහා යොදාගැනීමට ද යන ප්‍රශ්නය සිත්හි පැන-නැගීම ද වැළැක්විය නොහැකි යි.


පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයකින් තොර වීම සහ ගම්සභා

අවසාන වශයෙන්, එදා රාජ්‍ය මර්දනය හමුවේ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ලෙස අපි ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අද ප්‍රජාතන්ත්‍රවාදය අරුත් විරහිත ප්‍රලාපයක් බවට පත් ව තිබීම හමුවේ වැදගත් ආදර්ශයක් නොවේ ද යන පැනය ඔබ හමුවේ තැබීමට කැමැති යි. අද අපේ ජනයා පිළිසරණක් නොමැති ව, අතරමං වී ඇති බව මගේ නිරීක්ෂණය යි. 2015 යහපාලනයෙන්, 2019 ගෝඨාභය ගෙන්, 2025 ජනතා විමුක්ති පෙරමුණෙන් ආදී ලෙස ඔවුහු උත්තර සොයා ඇත. ඒත්, වඩ-වඩාත් අසරණවීම හැර ඔවුනට හවුහරණක් ලැබී ඇද්ද? ඇයි?

එක් වැදගත් නිරීක්ෂණයක් කැලණිය සරසවියේ නූතන භාෂා අධ්‍යයනාංශයේ පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමියන් ගේ 'අඳුරෙන් එළියට මගක්' කෘතියෙහි දක්නට ලැබේ: ඒ අප ගේ දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් දක්නට නොලැබෙන බව යි. මෙය වැදගත් නිරීක්ෂණයකි. අපි මේ පක්ෂ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් නොපමාව පිළිතුරු සෙවිය යුතු අභියෝගයකි.

jhaklhasd
අනෙක් විසඳුම ඉදිරිපත් කෙරී ඇත්තේ ගුණදාස අමරසේකරයන් ගෙනි. 'සභ්‍යත්ව රාජ්‍යය කරා' හා 'සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය' කෘතිවල දී මේ පක්ෂ දේශපාලනය,  වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව, අතහැරීමට ඔහු අපට යෝජනා කරයි. ඒ වෙනුවට ඔහු අප ගේ පැරැණි ගම්සභාව වෙත යෑමට යෝජනා කරයි. අපි මේ පිළිතුර ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ නම්, එදා, ශිෂ්‍ය සභා තහනම් වූ අවස්ථාවේ, අප ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු ගොඩනැගූ ආකාරයෙන් බොහෝ පාඩම් උගත හැකි ය.

අවසාන වශයෙන්, බොහෝ නිවැරැදි දත්තවලින් සපිරි මේ පොත සම්බන්ධයෙන් පමණක් නොව, එදා භීෂණය හමුවේ වාර්තාකරුවකු ලෙස, නිර්භීත පුවත්පත් කලාවේදියෙක් ලෙස කළ මෙහෙය වෙනුවෙන් ධර්මන් වික්‍රමරත්න මහතාට අප ගේ කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කරගනිමු!''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දේශපාලන අවියක් ලෙස 'පුද්ගල ඝාතන' යොදාගැනීම ශිෂ්ට සමාජයකට ගැලපේ ද? - ගෙවිදු කුමාරතුංග | The Leader