The Leader News
BREAKING
Top Ad
Opinion

හෑවා වාගේ හාලා රිංගිමක් : අනුරගේ බඩ්ඩ ඒ. වික්‍රමසිංහ | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

January 29, 2026 • 5:21 AM

හෑවා වාගේ හාලා රිංගිමක් : අනුරගේ බඩ්ඩ ඒ. වික්‍රමසිංහ | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් වික්‍රමසිංහට එරෙහි නඩු පැවරිම ජනවාරි 29 දාත් සිදු නොවුණද නැවත නඩුව අඩ ගසන දින තෙක් ඔහුට ගෙදර යාමට හැකි වීය.
  • ඉන් පසුව චුදිතයන් වෙනුවෙන් ගොනු කළ අභියාචන අයදුම්පත විභාග කළ අභියාචනාධිකරණය ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන දෙදෙනා නිදොස් කොට නිදහස් කළ නඩු තීන්දුවේ මහාධිකරණ නඩු විභාගයේදී යම් නොමග යාමක් සිදුවි ඇති බවද සඳහන්ව තිබිණ.
  • එහෙත් රජයේ අධිනිතිඥ වරයා තමාට ද්‍රවිඪ භාෂා දැනුම ඇති හෙයින් පරිවර්තන කාර්ය සිදු කළ හැකි බවට අධිකරණයට දන්වා සිටි හෙයින් නඩුව ආරම්භ කිරීමට විනිසුරු නියම කළේය.
  • නඩුව කල් තැබීමට හැකි වුවද වාර්තා කිරිමට ඉල්ලා සිටින විරෝධතාවේ බරපතලකම තේරුම් ගත් මහාධිකරණ විනිසුරු විත්තියේ විරෝධය සාක්ෂිය ආරම්භ කිරීමට පෙර සඳහන් නො කළේ ඇයිදැයි පෙරළා ප්‍රශ්න කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ හිලව්වට පොදු දේපල අවභාවිතා කිරිම සම්බන්ධව ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් කළ බවට මාධ්‍ය වාර්තා පළ විය.  

විධායක ජනාධිපති පාලන ක්‍රමය සමග නිකත් කළ රාජ්‍ය සේවය හඳුන්වා දීමේ චක්‍ර ලේඛය අනුව රාජ්‍ය මුදල් වැය කිරීම සම්බන්ධව කිසිදු බලයක් එනම් විධායක ජනාධිපතිට පැවරී නැත. ඒ අනුව ජනාධිපති ලේකම් ගේ සිට සෑම සියළු රාජ්‍ය නිලධාරියෙකුම ජනාධිපති පමණක් නොව අගමැති ඇමති පමණක් නොව ප්‍රාදේශීය සභා සභාපති දක්වා කිසිදු මහජන නියෝජිතයෙකු කියන කියන පළියට රජයේ මුදල් වැය කිරීමට කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට බැරිය. රාජ්‍ය මුදල් පිළිගත් මුදල් රෙගුලාසි  අනුව වැය කළ යුතුවේ. එහෙත් තනතුර දරණ කාලයේ තම අනුමැතියෙන් වැය කරන සතයක් දක්වාම වගකිව යුතු හෙවත් නඩුව ඇසීමටත් පෙර මාංචු දමා රිමාන්ඩ් කළ හැකිය.

sil redi 720x340

 

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නියමයෙන් ඔහු ඡන්ද අපේක්ෂකයා වී සිටි ජනාධිපති මැතිවරණ සමයේ ගම්වල වයසක අම්මාට සිල් රෙදි ඛෙදදිම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂමේ මුදල් වැය කිරීම ගැන ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාම කොමිෂමේ ප්‍රධානියාවූ අනුෂ පැල්පිට මහතාට එරෙහිව මහාධිකරණ නඩුවෙත් එකී නිලධාරින් දෙදෙනාටම සිර දඬුවම් නියම විය. එකී නඩු තින්දුවේදි ඉහත කී චක්‍ර ලේඛය අනුව ජනාධිපති මොනවා කීවත් එය රටේ සම්මත මුදල් සහ පාලන රෙගුලාසි අනුව සිදු කළ යුතුය යන නියමය මත මැතිවරණ සමයක සිදු කළ එකී මුදල් වැය කිරීමට පියවර ගැනීම වරදක් හැටියට තීන්දු කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා තීන්දු කළේය.

ඉන් පසුව චුදිතයන් වෙනුවෙන් ගොනු කළ අභියාචන අයදුම්පත විභාග කළ අභියාචනාධිකරණය ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන දෙදෙනා නිදොස් කොට නිදහස් කළ නඩු තීන්දුවේ මහාධිකරණ නඩු විභාගයේදී යම් නොමග යාමක් සිදුවි ඇති බවද සඳහන්ව තිබිණ. මේ නඩුවත් ඊට සමගාමිව ජනාධිපති වික්‍රමසිංහගේ අභිලාෂය ඉටු කිරීමට ජනාධිපති ලේකම් වරයා ගත් තීරණයක් අනුව සමන් ඒකනායක රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.

 

1 49සමන් ඒකනායක


එහෙත් සමන් ඒකනායකට සිද්ධ වුණේ මුදල් අවභාවිතා කිරීම නිසා අතට මාංචු වැටීම නොවේ. වරෙන්තුවක් හෝ නො මැතිව තමන් සොයමින් සිටි පොලිස් නිලධාරින්ට යටත් නොවී අවශ්‍ය දිනට නම්බුකාර විදියට අධිකරණයට ඉදිරිපත්වීමේ වරදය.  සමන් ඒකනායක  අධිකරණය මග හැර නො ගිය නමුත් රනිල් වික්‍රමසිංහට අධි චෝදනා භාර දීමට පාලකයන් වෙනුවෙන් ක්‍රියා කරන බලධාරින්ගේ උදහසට ලක්වීමද?  

නීතිපතිට කුමන බලතල තිබුණද, අධිකරණය හමුවට පැමිණි නඩුවක් වෙනුවෙන් ඉදිරිපත්ව කරුණු දක්වන විට ඔහු තවත් නිතිඥයෙකු පමණකි. වරක් මහනුවර දිසා අධිකරණයේදී අපරාධ නඩු විභාගයකදී දමිල භාෂාව පමණක් දන්නා සාක්ෂි කරුවෙකු සාක්ෂි දීමට නියමිතව තිබිණ. එහෙත් අවශ්‍ය භාෂා පරිවර්තකයා එදින රාජකාරි වාර්තා නො කළ හෙයින් ඒ නීති කෘතිය වෙනත් දිනයකට කල් තැබිය යුතුව තිබිණ. එහෙත් රජයේ අධිනිතිඥ වරයා තමාට ද්‍රවිඪ භාෂා දැනුම ඇති හෙයින් පරිවර්තන කාර්ය සිදු කළ හැකි බවට අධිකරණයට දන්වා සිටි හෙයින් නඩුව ආරම්භ කිරීමට විනිසුරු නියම කළේය. ඒ සමග විත්තියේ නීතිඥයා ගෙන්  ළඟ සිටි නීතිඥ සගයෙකු විමසා සිටියද ඊට ප්‍රකික්‍රියා නො දැක්වූ විත්තියේ නීතිඥයා රජයේ නීතිඥයාට නඩුව මෙහෙයවීමට ඉඩදී බලා සිටියේය.  මහා ආඩම්බරයෙන් සිය දෙමළ භාෂා දැනුම විහිදා දක්වමින් රජයේ නීතිඥ වරයා පළමුව පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිය මෙහෙයවූ අතර දෙවනුව එකී සාක්ෂිය සිංහල බසට පරිවර්තනය කළේය. විත්තියේ නීතිඥයාගේ තරම දන්නා අනෙක් නීතිඥයන් බලා සිටියේ කුමක් වෙන්නේද කියාය. සාක්ෂිකරුගේ සාක්ෂියේ දෙවන කොටස සිංහලට නැගූ පසුව විත්තියේ නීතිඥවරයා භාෂා පරිවර්තනය කිරීමට විරෝධය පළ කරමින් මේ මොන අන්ඩර දෙමලයක් කියනවාද කියා උසාවියේ සිනා හඬ මධ්‍යයේ ප්‍රශ්න කරමින් පැමිණිල්ලේ සාක්ෂිය පැමිණිල්ලේ නීතිඥයාගේ ක්‍රියාවට විරෝධය පළ කර තම විරෝධය වාර්තා කළ යුතු බව සහ නිල භාෂා පරිවර්තකයෙකු නොමැතිවීම යන කරුණ මත නඩුව වෙනත් දිනයකට නියම කරන ලෙස ඉල්ලා සිටියේය. නඩුව කල් තැබීමට හැකි වුවද වාර්තා කිරිමට ඉල්ලා සිටින විරෝධතාවේ බරපතලකම තේරුම් ගත් මහාධිකරණ විනිසුරු විත්තියේ විරෝධය සාක්ෂිය ආරම්භ කිරීමට පෙර සඳහන් නො කළේ ඇයිදැයි පෙරළා ප්‍රශ්න කළේය. අනාගතයේ යමක් සිදුවේ යයි උපකල්පනය කොට අනුමානයෙන් කිසිදු නීතිඥයෙකු අධිකරණයේ හැසිරිය යුතු නැති බව සිහිපත් කළ විත්තියේ නීතිඥ වරයා නීතිපතිගේ හැසිරීම කළමනාකරණය කිරීමට ගරු අධිකරණයට වගකීමක් ඇති බව පැහැදිලි කොට තම විරෝධාව වාර්තා කරන ලෙස  අවධාරණය කළේය.

 

WhatsApp Image 2026 01 28 at 10.32.11 AM 400x260

මේ අතීත කතාව ජනවාරි 29 වෙනි දිනය පුරාම රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුකරය පිළිබඳ වාර්තා විමර්ශණය කරද්දි මට සිහිපත් විය. ජනවාරි 29 වෙනිදා රජයේ නීතිඥවරයා දෙමළ සාක්ෂියක් නම් පරිවර්තනය කළේ නැතද, ඒකනායක මුදියන්සේලාගේ සොමිසාර ඒකනායකගේ උඩරට කුල පරම්පරා ගෞරවය හෑල්ලූ කිරිමට උත්සාහ කළේ කවර නම් රීතියක් යටතේදැයි අනුමාන කළ නොහැකිය. ලංකාවේ පුරවැසියන්ට නම් වෙනස් කළ හැකි බවට නීතියක් පවතී. උප්පැන්නයේ නැති නමක් භාවිතා කරන්නේ නම් ඒ බව දැක්වෙන දිවුරුම් ප්‍රකාශයක් පමණක් ඉදිරිපත් කිරීම වැනි සරල තත්වයකින් ඒ වෙනස සාමාන්‍ය බවට පත් කළ හැකිව තිබියදී සමන් ඒකනායකගේ වාසගම උපහාසයෙන් හඬ  නගා ප්‍රකාශ කිරීම යනු සමන්ගේ වාසගම කෙරෙහි නිරන්තරව මතුවන නිර් ලජ්ජී නිර් ප්‍රභූ ආකල්පය ඉස්මතුවීමක් නොවේදැයි කිහිප දෙනෙකු මගෙන් විමසා සිටියහ. කොන්ඩ සිඤ්ඤෝ පුතාගේ වාසගම කොණ්ඩසිංහ ආරච්චිගේ වූ අවස්ථා ඇතද එවැනි අවස්ථාවන් කිසිවිටෙක වැදගත් කෙනෙකුගේ උපහාසයට ලක් නොවෙතත් සමන්ගේ වාසගම මේ නඩුවට හෝ ඔහුගේ රාජකාරියට බාධාවක් නොවුණ තැන මෙසේ උච්ඡාරණය කිරීම අධිකරණයක තබා කඩ මණ්ඩියකදි හෝ නොවිය යුතු වේ.  අධිකරණයකට ඉදිරිපත් කරන සමහර සැක කරුවන් හඳුන්වා දීමේදී ගමේ භාවිතාවූ කොණ්ඩයා පුණ්ඩයා අණ්ඩයා සහ ජුණ්ඩා ආදි නම් සියල්ල නොහොත් නොහොත් නොහොත් ආදි ලෙස වාර්තා කරනු මිස මෙසේ එකී පුද්ගලයන් එල්ල කොට උපහාසයෙයන් උච්ඡාරණය කිරීමක් විවෘත අධිකරණයකදී සිදු නො විය යුතුවේ.

584569239 1482120620590475 5657091033484651003 n

 

මේ නඩු විභාගය ගැන උනන්දුවෙන් සිටි මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පති වරයා කී අපූරු කතාවක් මෙසේය. නීති විරෝධි තැනක තබා තිබු බුදු පිළිමය අත් අඩංගුවට ගත් ත්‍රීකුණාමලේ පොලිසිය එකී නඩු භාණ්ඩය උසාවියට ඉදිරිපත් කළ යුතුව තිබිණ. එහෙත් එසේ නො කොට පසුදින නැවත නීති විරෝධි ස්ථානයේ තබා මේ බෞද්ධ භික්ෂූන් වහන්සේට එරෙහිව ඇප ලබා දින නොහැකි චෝදනාවක් ගොනු කිරීම පසුපස සිටින්නේ ආනන්ද විජේපාල නම වෙනස් කරගෙන පෙනී සිටින ලංකාවේ පොලිසිය භාර ආනන්ද විජේපාල නොහොත් ආනන්ද විජේපාලන් නම් එල්ටීටී හිතවාදි ඩයස් පෝරාවේ ඒජන්තයා දැයි ප්‍රශ්න කළ නො කළේ මන්ද කියාය. මා ඊට දුන් පිළිතුර මෙසේය. ''ලොකු මහත්තයා අධිකරණය තුළ තම සේවාදායකයා වෙනුවෙන් පෙනී සීටීමේදී පූර්ණ නිදහසක් නීතිඥයන්ට තිඛෙනවා. කුණුහරුපත් කියන්න පුළුවනි. ඒත්  හැදිච්ච මිනිහෙකු ගෙන් අපෙක්ෂා කළ යුතු හැදිච්චකම හික්මීම නමින් සීමාවක් පවතිනවා. පරංගි ලන්දේසි පරවේනින් නිසා ජාතිකත්වය කෙළෙසා ගත් අයට තැනක් නොතැනක් නෑ. අපි ඒක අමතක කරමු.''

මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පති වරයා කළ සිහිපත් කළ පරිදි (අ) ත්‍රීකුණාමලේ බුදු පිළිම නඩුව රනිල් වික්‍රමසිංහට එහෙහි අධිකරණ විමර්ෂණය (ආ) රන්වලගේ රන්වලගේ භාර්යාවගේ රිය අනතුරු වාර්තා සහ පොලිසිය හැසිරීම සමග ආපසු කල්පනා කරද්දී මට සිහිපත් වුණේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ The Man in The Iron Mask නම් සු ප්‍රකට ප්‍රංශ නවකතාවය. එහි කියැවෙන්නේ ප්‍රංශයේ කෘෘර XIV වෙනි ලූවී රජු සිය නිවුන් සහෝදරයා බලයට කෑදර කමෙන් සිරගත කළ කතාවය. ඒ කතාව ලංකාවේ යවෙස් ලු මිනිසා නමින් රූප නාටකයක් ලෙස ප්‍රචාරය වූ බවට මතකයක් ඇත.  

wikrama

 

ලංකාවෙන් වාර්තාවන අනුරගේ බඩ්ඩ ඒ. වික්‍රමසිංහ නීතිපති නඩුවේ කතාන්තරයේ සිටින්නේ නිවුන් සොහොයුරෙක් නොවේ. සිය රාජ්‍ය බලයට එරෙහි චරිතයකි. මේ උත්සාහ කරන්නේ තම රාජ්‍ය බලයට අභියෝගයක් විය හැකි යයි අනුමාන කරන රනිල් වික්‍රමසිංහ නම් දේශපාලනඥයාට සිරගත කිරිමේ නාටකය වන්නේය. මේ නාටකය සාර්ථකව නිමා කිරීමට අනුරගේ බඩ්ඩට සුනාමි නඩුව බේරා දුන් සරත් නන්ද සිල්වා මෙන්ම පී.බී. ජයසුන්දර රාජ්‍ය පාලනය සඳහා නැවත සුදුස්සෙක් කළ අසෝක ද සිල්වා ආදි විශිෂ්ඨ විනිශ්යකරුවන් කරළියට කැඳවීමට සිදු වෙනවාමය.

චණ්ඩි බුද්ධාගම, පොන්න පොලිසිය සහ යහ (ලාලකතිස්ස) පාලනය - Colombo Telegraph(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...