The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල්ට ගහනකොට චංචලාට රිදෙනවද? | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

January 29, 2026 • 10:49 AM

රනිල්ට ගහනකොට චංචලාට රිදෙනවද? | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල්ගෙ නඩුවෙ නීතිමය විවාදය මට තේරෙන විදියට නම් තියෙන්නෙ ජනාධිපතිවරයකුගේ රාජකාරි හා පෞද්ගලික ගමන් බිමන් මොනවාද කියන කාරණයේ.
  • හැබැයි ඉතින්, ඒ දේශපාලන ප්‍රභූන් තමන්ගෙ ඒ ගොබ්බකම වෙනුවෙන් ගෙවිය යුතු මිලක් තියෙනවා.
  • ඒ විවාදය මොකක් හෝ අධිකරණයක කෙරෙන එක හොඳයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ විවාදය මොකක් හෝ අධිකරණයක කෙරෙන එක හොඳයි. ජනාධිපතිවරුන් ධූර කාලයෙන් පස්සෙ හිරගෙදර හෝ මහපාරෙ හෝ බල්ලන් වගේ මැරිල යන එකට ලංකාවෙ ජනතාව කැමති නම් මට මොකද? මං ජනාධිපති තියා මැම්බර් කෙනෙකුවත් වෙන්නට අදහසක් තියෙන කෙනෙකු නෙමෙයිනෙ.

 

1596208206 dileepa peris l
මීන්වයිල්, දිලීප පීරිස් මැතිඳුන්ගෙ මිෂන් එක මට තේරෙන විදියට ඔය අධිකරණයේදී ඔය විදියට කියවන එක තමයි. ඒ වාචාල කතා නඩුවට කෙසේ වෙතත් මාධ්‍යවලට මරු. ඒකෙන් ප්‍රභූන්ගෙ රෙදි ගැලවිලා යන එකෙන් නිර්ප්‍රභූන්ට ආතල් එකක් ලැබෙනවනෙ. මට මොකද?

ලංකාවෙ දේශපාලන ප්‍රභූන්ගෙ චර්යාව ගත්තත්, ගස් ගඳයි නිර්ප්‍රභූන්ගෙ වගේම. ඔක්කොම එක ජාතියෙ නැට්ට නැති වානරයො.

ලංකාවෙ දේශපාලන ප්‍රභූන්ගෙ මූලික ගැටලුව තමයි, උනුත් ජවිපෙ වගේම වාමාංශික ඔලු තියෙන රජයෙන් යැපෙන මධ්‍යම පන්තිකයන් මිස ව්‍යවසායකයන්ගෙ නියෝජනයක් නොවීම. ඒ නිසා තමයි, රනිල්ගෙ ගොම්මොළේ ඉස්සරහට ඇවිත් ජවිපෙට බලය අරන් දෙන්න හිතුනෙ. ඒකෙත් සමාජ සංවර්ධනය විෂයෙහිලා ප්‍රගතිශීලී මෙව්ව එකක් නැත්තෙ නැහැ. ජවිපෙ කරගැහුවෙ අමු නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණයකට. ඒක හරියට කරන්න වහල්ලු වගේ දිව විකාගෙන වැඩ කරනවා. පව්! අපට තියෙන්නෙ දිව හක්කෙ ගහගෙන බලා ඉන්න, ආතල් කීතල් පොල්තෙල් හොලිඩේ මූඩ් එකේ.

හැබැයි ඉතින්, ඒ දේශපාලන ප්‍රභූන් තමන්ගෙ ඒ ගොබ්බකම වෙනුවෙන් ගෙවිය යුතු මිලක් තියෙනවා. ඒ අනුව සමහර විට රනිල්ට හිරේ මැරෙන්නට වුණත් පුදුම වෙන්න එපා. නාමල්ට, පාටලීට, සජිත්ට වුණත් ඒ අවදානම තියෙනවා, ජනාධිපතිවරණය ළං වෙනකොට. බල දේශපාලනය එහෙම තමයි. නිදහසේ මැරෙන්නට ඕනැ නම් මේ මං වගේ වෙන්න.

rwf25626y
රනිල් එක්ක අපට තිබුණෙ දුරස්ථ දේශපාලන සම්බන්ධයක් විතරයි. ඒකෙ කිසිම ඉමෝෂනල් දෙයක් අපට නැහැ. ඒ නිසා අනුරයි, විජේබාලනුයි, ශානියි, දිලීපයි රනිල් හොද්දට ගත්තත් අපට අපුල හැර වෙන මොනම පෞද්ගලික දෙයක්වත් නැහැ. උන්ගෙ හොද්දට අපි පාන් වෙන්නෙ නැහැ. ඒක තමයි අප රකින වටිනාකම.

රනිල් පුරාවෘත්තයක් විදියට ඉතිහාසගත වෙලා ඉවරයි. රනිල්ට දැන් හිටියත් එකයි, මළත් එකයි. ලංකාවෙ දේශපාලන පුරාවෘත්ත තියෙන්නෙ තුනයි. ජේආර්, රනිල් සහ ප්‍රභාකරන්. අනෙක් අය නිකම්ම නිකම් නායකයන් විතරයි.


AJITH PARAKUM

(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants

ajithperakum@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...