වෛතුල්‍යවාදි භික්ෂූන්ගේ පිටේ හන තබා රටින් පිටුවහල් කිරීමත් යටත් විජිත යුගයේ භික්ෂුවකට වෙඩි තබා මරා දැමීම වැනි බොහෝ ඉතිහාසගත කතා පෙළ ගැස්විය හැකිය.
අමාත්‍ය ලාල්කාන්ත කළ ප්‍රකාශයට පසුව ගම්පහ ප්‍රදේශයේදී කතෝලික පියතුමෙකුට පහර දීම සහ ත්‍රීකුණාමලේ භික්ෂුන් පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම යනු රටේ පූජ්‍ය පූජක දෙපක්ෂයටම එල්ල වූ අභියෝගකි. සිවුරු සහ ලෝගු තුළ සිටින්නේ ආගමික ඉගැන්වීම් අනුව පූජ්‍යත්වයෙන් සැලකුවද ඔවුන් රාජ්‍ය නීතියට යටත් පිරිසක් ය යන්න බෞද්ධ මූලාශයන්ගෙන් තහවුරු වේ. ත්‍රීකුණාමල පිළිම සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාගර ගත කළ ගිහියන් අධිකරණයට ගෙන ඒමේදී මාංචු දැමීම සහ භික්ෂූන්ට මාංචු නො දැමීම හරහා ලිපිය ආරම්භයේ දැක්වෙන පරිදි පූජ්‍ය පූජක දෙ පක්ෂය රාජ්‍ය නීතියට යටත් වුවද වැරදිකරු වන තෙක් පවත්නා සැලකිල්ලට එක් උදාහරණයක් පමණකි.

භික්ෂුව සහ භික්ෂුත්වය යනු දෙකකි. සූත්‍ර පිටකය අනුව ස්වරූපයෙන් එනම් සියළු කසා වස්ත්‍රධාරීන් භික්ෂුවක්ම සැරියුත් මහ මුගලන් පිළිවෙලිනා මුදුනත් දි නමදිම් බැති පෙමිනා ආදි හැටියට විස්තර කෙරෙන මහා සංඝ රත්නය හැටියට සැලකිය යුතු නැති බව මජ්ජිම නිකායේ 140 වෙනි සූත්‍රයේ සඳහන් පුක්කුසානි නම් තරුණ ප්‍රව්‍රජිකයාගේ කතාවෙන් තහවුරු වේ. පුක්කුසානි යනු බුදුන්ගේ අනුගාමිකයෙකු වී සසර කෙටි කර ගැනීමේ කැමැත්තෙන් තෙමේම කහ රෙදි පෙරවා ගෙන කිසි දිනෙක දැක මුණ ගැසී නැති සිද්ධාර්ථ ගෞතමයන් සොයා ගම් දනව් පසු කරමින් ගමන් කළ ගිය මානවයෙකි. ඔහු එක් දිනක රාත්‍රීයේ ගත කිරීමට තෝරා ගත් නවාතැන් පොළක සිද්ධාර්ථ ගෞතමයන්ද වැඩි සිටියහ. මිනිසුන් හඳුනා ගැනීමට තමන් වහන්සේ සතු විචක්ෂණ භාවය (?) අනුව පුක්කුසානිගේ මනස කියවූ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පුක්කුසානි කෙරෙහි කාරුණික වූ සේක.
''භික්ෂුව මම ඔබට ධර්ම දේශනා කරමි. අසනු. මෙනෙහි කරනු'' යයි වදාළහ. බුද්ධ කාලයේ පවා කහ රෙදි හැඳ ගත් සියල්ලන් භික්ෂුන් ලෙස හැඳින්වූ බව මෙයින් තහවුරුවේ. මේ සිද්ධියේ ඊළඟ අපූර්වත්ය වන්නේ පුක්කුසානි ඊට එකඟත්වය දැක්වීමට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට ආමන්ත්‍රණය කළ ආකාරයයි.
''එසේය ඇවැත්නි... '' යනුවෙන් පුක්කුසානි සිද්ධාර්ථ ගෞතමයන් ඇමතීමය. බෞද්ධ මූලාශ්‍ර අනුව ඇවැත්නි යනු තවත් තමන්ට සමාන කෙනෙකු ඇමතීමට යොදන පදයකි. එයින් අදහස් වන්නේ කාසාය වස්ත්‍රයෙන් සැරසී සිටි ගෞතම බුදුන් වහන්සේ තවත් මහනෙකු හැටියට පුක්කුසානි තුළ පැවති අවබෝධයයි. හෙවත් තමන්ට කතා කළේ තමන් සොයා පැමිණි සිද්ධාර්ථ ගෞතමයන් බව දැන නො සිටීමය.
මේ උපුටා ගැනීමෙන් බුදුන් වහන්සේ පවා කහරෙදි පොරවා ගත් පමණින් කිසිවෙකු බෞද්ධ භික්ෂුවක් හැටියට නො සැලකූ බව තහවුරු කෙරෙන මේ දේශනා පාලිය අනුව වර්තමානයේ ජීවත්වන සමාජ ආලෝලනයකට ලක්ව සිටින සුප්‍රකට බලංගොඩ කස්සප ආදි භික්ෂූන්ට මාංචු නොදා අධිකරණයට ගෙන ඒම තම තම නැන පමණින් විමසිය යුතුවේ.
වර්තමානයේ බලයේ සිටින දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සමග පූජ්‍යත්වය සහ පූජකවරයා දැඩි සමාජ කතිකාවක් බවට පත්ව තිබේ. ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ට බල්ලන් කියා අපහාස කරන ස්වකීය නිකායෙන් නෙරපා දැමූ තඹුත්තේගම චීවරධාරියා වචනාර්ථයෙන්ම කහකඩයෙකු මිස බෞද්ධ භික්ෂුවක් නම් නොවේ. ඔහු සමාජ මාධ්‍ය හරහා ශ්‍රාවකයන්ට ආමන්ත්‍රණය කරන විලාසය සේම රටේ බෞද්ධයන් කුඩා සාමනේරයන් වහන්සේ නමක ගෙන් හෝ කිසි විටෙක අපේක්ෂා නො කරන්නකි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කතිකාවත් සම්මුතින් අනුව ස්වකීය නිකායික භික්ෂුන් වහන්සේ දේශපාලනයට සම්බන්ධවීම අකැපය. එහෙත් එකී නිකායට අයත් බවට අනුමාන කළ හැකි ඕමල්පේ සෝබිත හිමි ප්‍රමුඛ ඛෙංගමුවේ නාලක හිමි වැනි චරිත ඊට පටහැනිය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක තනතුර දරමින් ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ අදටත් දේශපාලනික මතවාද අතර නිතර දැකිය හැකි ඕමල්පේ සෝභිත හිමියන්ද ඉහත කී සූත්‍ර පිටක සංසිද්ධිය අනුව කෙනෙට ප්‍රශ්න කළ හැකිය.
මධ්‍යම අධීවේගි අධිවේගී ඉදි කිරීම වසර ගණනක් අඩාල කිරීමට හේතු වූ විවාදාපන්න පඩු කරඳ ගසේ කතාව ඊට උදාහරණයකි. පඬුකරද ගසේ ගස් දෙබලක කහ සිවුරක් පටලා හා දැන් පුළුවන් නම් සසුන් ගත කළ ගසට අත තියපියව් කියා රාජ්‍ය නීතියට තර්ජනය කළ අවස්ථාවට ඕමල්පේ සෝභිත හිමියන්ද දුන් සහභාගිත්වය බෞද්ධ කියවීම් අනුව සිවුරට ගරු කරන මේ ලේඛකයා කිසිවක් ලියන්නේ නැත. එහෙත් ඒ ක්‍රියාව බෞද්ධ ඉගැන්වීම සහ රාජ්‍ය නීතිය දෙකටම පටහැනිය. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නේත්‍ර පූජාවෙන් කෘතවේදිත්වය දැක්වූ බෝධි ශාඛාව වසර දහස් ගණනක් පුරා සැදැහැති ජනතාව වන්දනාමානයෙන් බුහුමන් ලැබූවද ඊට චීවර පූජා පැවැත්වූවද කිසි විටෙක ශ්‍රී මහා බෝධිය පූජනීව බෞද්ධ භික්ෂුවක් හැටියට සලකා නැත.
ත්‍රීකුණාමල පිළිම කතාව රටේ නීතිය අනුව ගත් කළ පොලිසියට මැදිහත්විය හැකි බැළු බැල්මට (සංඤය) වරදකි. ඒ අනුව පිළිමය තැම්පත් කිරිම ගැන ඍජු පැමිණිල්ලක් ලැබුණද යන්න පැහැදිලි නැතද, දුටු පමණින් එතැනට පැමිණ ආගමික ක්‍රියාවක නිරත වෙමින් සිටි ගිහි පැවිදි දෙපක්ෂයට සංසුන්ව රටේ වලංගු නීතියක් කඩ කර ඇති බව දිය යුතුවේ. ඒ සමග එහි ඇතිවූ හබයත් සමග පිළිමය අත් අඩංගුවට ගැනීමත් පොලිසිය සතු රාජකාරියකි. පිරිස අවනත නොවීම හේතුවෙන් තමන් භාරයට ගත් එකී පිළිමය නඩු භාණ්ඩයකි. ඒ නඩු භාණ්ඩය පසුදා උදෑසන වෙරළ භූමියේ තැම්පත් කළේ රිමාන්ඩ් භාරයේ සිටින සැක කරුවන් නම්.......? පොලිසිය සම තලා කොට මිස එකී නඩු භාණ්ඩය එකී සැකකරුවන්ට භාරයට ගත නො හැකිය.
අත් අඩංගුවට ගත් ප්‍රශ්නගත පිළිමය නැවත පොලිස් නිලධාරින් විසින් ආපසු වෙරළ භූමියට ගෙන ගොස් තැම්පත් කිරීමෙන් වෙරළ සංරක්ෂණ නීතිය කර කර ඇත්තේ පොලිසිය මිස භික්ෂුන් හෝ ගිහි බෞද්ධයන් නොවේ. සත්‍ය ලෙසම භික්ෂුන් ඇතුළු පිරිසට එරෙහිව ගොනු කළ හැකි වන්නේ නීතිය කඩ කිරීමට තැත් කිරීමේ චොදනාවක් පමණි. කී භික්ෂූන් සහ බෞද්ධ ගිහි පිරිස රිමාන්ඩ් භාරයේ තබා ගැනීම නො කළ යුතුවේ.
මේ තත්වය මාධ්‍ය වාර්තා අනුව සැක කරුවන්ගේ නීතිඥයන් මෙන්ම රජයේ නීතිඥයන්ද කරුණු සැල කිරීමෙන් අධිකරණයට සහාය වී ඇති බවක් නොපෙනේ. එසේම වෙරළ සංරක්ෂණ වගන්ති ඉවත් කරයි නම් හෝ සැකකරුවන් වරද පිළි ගනියි නම් ලිහිල් දඬුවමකින් නඩු විභාගය අවසන් කළ හැකි බවට අධිකරණයේදී කරුණු ඉදිරිපත්වූ බවද මාධ්‍ය වාර්තා අතර දැක්විණ. ඒ අවස්ථාවේ පොලිසිය තමන්ට එරෙහිව එක් භික්ෂුවක් වෙනත් අධිකරණවල පවරා ඇති නඩු ඉවත් කර ගන්නේ නම් පමණක් සංරක්ෂණ වගන්ති ඉවත් කර ගැනීමට කැමති බවට පොලිසිය විවෘත අධිකරණයේදී කොන්දේසි ඉදිරිපත් කිරීම බරපතල තත්වයකි. මේ හැසිරීම් පොලිසියේ සාමාන්‍ය රාජකාරි ස්වභාවය නොවේ.
ත්‍රීකුණාමලේ මහාධිකරණයෙන් ඇප ලැබුණද මේ නිර්මානයවූ පරිසරය රටේ සහජීවනයට අහිතකර වේ. භික්ෂුන් වහන්සේ ඇතුළු සැක කරුවන් සම්බන්ධව ත්‍රීකුණාමලේ පොලිසිය ක්‍රියා කළ ආකාරය ගැන පොලිසිය භාර ඇමති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කිරීමක් කළ යුතුවේ.
මේ අතර ඉහත කී පුක්කුසානිගේ සිද්ධිය යළි උදාහරණය ගනියි නම් බ ජනප්‍රිය බුද්ධාගම තබා බුද්ධ දේශනය හෝ නො දන්නා මරිමෝල් චීවරධාරින් හෙවත් බුදුන්ට ඇවැත්නී යනුවෙන් ආමන්ත්‍රණය කළ වර්ගයේ පුක්කුසානිලා ඕනැ තරම් අප අතර වේ.

සිවුරට මුවා වී බලයට පත්වීමට මාන බැළු දේශපාලනඥයන්ට පාවඩයක් හැටියට බුද්ධ චීවරය භාවිතා කරමින් වෛද්‍ය ෂාපිට එරෙහිව ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ මාරාන්තික උපවාසයක් කළ අතුරලියේ රතන භික්ෂුව පුක්කුසානි මෙන් බුදුන් හෝ බුද්ධ දේශනාව හඳුනා නො ගත් චරිතයකි. අධිකරණ පරිශ්‍රයේදී ගලගොඩඅත්තේ භික්ෂුව සන්ධ්‍යා එක්නැලිගොඩට කුණුහරුප කීවේ ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතකයන් වෙනුවෙනි. පළුකරද ගස පැවිදි කළ කිසිදු භික්ෂුවක් මාධ්‍යාවේදි ලසන්ත වික්‍රමතුංග, තාජුදීන් වැනි මනුෂ්‍ය ඝාතන වලට එරෙහි වෙලාම නැත. මේ අනුව ලංකාවේ විවාදිත භික්ෂු ප්‍රති රූපකයන් භික්ෂුත්වයෙන් වෙන් කොට හඳුනා ගත හැකි බවය.
එහෙත් භික්ෂු ප්‍රති රූපකයන් මට්ටු කිරීමට වර්තමාන පාලකයන් ක්‍රියා කරන කට මැත දොඩවන ආකාරය 56දී මෙන් අටට අහිත කර සංස්කෘතික පිබිදීමක් වුණොත් එහි ප්‍රතිපල යහපත් නොවේ.
එක් දහස් නවසිය පනස් තුනේ පමණ 'තාපස නිකාය' නමින් සමාජ ගතවූ මනෝ විකාරයෙන් කහ රෙද්දක් පොරවා ගෙන සොහොන් පිටිවල රැය පහන් කළ කසා වස්ත්‍ර ධාරියෙකු මුල් කොට ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය හරහා 56 පෙරළියට ලැබුණ ශක්තිය කිසිවෙකු අමතක කළ යුතු නොවේ.

නීතිය කාටත් ඉහළින් කීවාට එය සමහර පුද්ගලයන්ගේ බුරියට පහළින් පවත්නා බව රහසක් හෝ විහිළුවක් නොවේ. සිදු කළා දූෂණ ක්‍රියා සම්බන්ධව අල්ලස් කොමිෂමේ විමර්ෂණයට යටත්ව සිටින වර්තමාන කතානායක එකී අවසන් වන තෙක් සිය තනතුරෙන් බැහැරව නසිටිය යුතු වුවද ඒ හැදිච්චකම ඔහුට හෝ අනුර කුමාර දිසානායකට නැත. අල්ලස් කොමිෂම විමර්ෂණයකට භාජනය වී සිටින කාන්තාවක විගණාධිපති තනතුරට ජනාධිපති විසින් නිර්දේශ කිරීම දේශපාපලනික ක්‍රියාවකි. එහෙත් රටම දන්නා එකී චොදනා ගැන කිසිදු නිර්දේශයක් නො කොට එකී කාන්තාව රටේ විගණකාධිපති තනතුරට නම් කිරීමට එක`ගවූ වර්තමාන ව්‍යවස්ථාදායක සභාවට පත්වූ රාජ්‍ය සේවය අතර ගිණුම් තැබීමේ නිලධාරින් හැටියට දැරූ විශ්‍රාමික රාජ්‍ය නිලධාරින්.....? සිදු කළ මැදිහත්වීම ඛෙහෙවින් කණගාටුදායකය.
මෙම ඉහළ මට්ටමේ දේශපානික ක්‍රියාකාරකම් සමග ත්‍රීකුණාමල පිළිම සිද්ධිය පාලනයන් බෞද්ධයන් අවුස්සා හදිසි නීතියෙන් රට පාලනය කිරීමට අවස්ථාවක් පාදා ගත් කුමන්ත්‍රණයකට වඩා යමක් නැත. මේ පාලකයන් වෙරළාරක්ෂක නීතිය යටතේ බුදු පිළිමයක් අත් අඩංගුවට ගැනීම නිත්‍යානුකූල වේ. එහෙත් මහා මාර්ග නීතිය යටතේ වසා දැමිය නොහැකි ඒ 26 මාර්ගය රාජපක්ෂලා විසින් වසා දැමීම ගැන දන්නේම නැත. එකී නීති විරෝධි ක්‍රියාව හේතුවෙන් මහනුවර ඉහළ යන පරිසර දූෂණය ගැන 2016දී පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම රාජපක්ෂ පාලනය අවසන් වන තෙක් විභාගයට නො ගැනීම නඩු පමාව ගැන කතා කරන අයගේ සිහියට නො එන්නේ ඒ හරහා ලැඛෙන දේශපාලන වාසියක් නැති නිසාය.
පොලිසිය අත් අඩංගුවට ගන්නා අදාන්තයන්ට මත් කුඩු සන්තකයේ තිබුණා යයි කියා රිමාන්ඩ් කිරීමේ භාවිතය අනුව ත්‍රීකුණාමලේ භික්ෂුන් රිමාන්ඩ් බන්ධනාගාර කර ඇත්තේ ඇතිවන කලබලයක් මැඩීමේ චේතනාවෙන් හදිසි නීතියෙන් බලය ආරක්ෂා කර ගැනීමේ උවමනාවෙන් බව පැහැදිලිය. එකී පොලිස් නිලධාරින්ට අඛණ්ඩව එකී පරීක්ෂණවලට යෙදීමට ඉඩ දීම කතානායකට පාර්ලිමේන්තුව හෑල්ලූ කිරීමට ඉඩ දීම සහ දූෂණ චෝදනා නැගණ නිලධාරිණියක විගණාකාධිපති තනතුරට පත් කිරීමත් එක වර්ගයේ ක්‍රියාවන් වේ.
උඩ ගෙඩි දෙමින් ලාල් කාන්ත වැනි කැබිනට් ඇමතිවරු ප්‍රසිද්ධියේ කරන තර්ජන හරහා යළි බලයට පැමිණීමට මාන බලන දූෂිතයන් යළි බලයට ගෙන ඒමට රට තුළ ඇති විය හැකි අස්ථාවරත්වය ඛෙහෙවින් බිහිසුණු විය හැකිය. වෛතුල්‍යවාදින්ට දඬුවම් කිරීම හේතුවෙන් මහා විහාරය සමතලා වූ බව පුක්කුසානි වර්ගයේ භික්ෂුන් අවබෝධ කර ගත යුතුවේ.
(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com




