“ආර්ථිකය ගැන නැවත සිතීම” යනු ආර්ථික විද්‍යාව අලුතින් ඉගැන්වීම හා අලුත් ප්‍රායෝගික භාවිතයක් සම්බන්ධයෙන් බලපෑම් කරන ක්‍රියාකාරීන්ගේ හා සිසු සිසුවියන්ගේ ගෝලීය ජාලයකි. එහි ආරම්භය ඇත්තේ, ඇමෙරිකාවේ විශිෂ්ඨ ශ්‍රේණියේ විශ්ව විද්‍යාලයක් වන හාවඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් 2008 ගෝලීය මූල්‍ය බිඳ වැටීමෙන් පසු 2011 දී ඔවුන්ගේ ආර්ථික විද්‍යා හැඳින්වීමේ දේශනයෙන් නැගිට පිටව යෑමය. ඊට හේතු දැක්වීම වූයේ, ඉන් උගන්වන්නේ, “නිශ්චිතවූ සීමිත දැක්මක්” යැයි කියා ය. එය “ආර්ථික අසමානතා සහිත ගැටළුකාරී, අකාර්යක්ෂම ක්‍රියාවලියකට” හේතුවී ඇතැයි කියා ය.
ඊට සති කිහිපයකට පසු එංගලන්තයේ මැන්චෙස්ට විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් “පශ්චාත් ආර්ථික බිඳවැටීමේ හවුල” යැයි එකතුවක් හදා ගත්හ. ඊට හේතු ලෙස ඔවුන් කීවේ, පංති කාමරයේ ඔවුන්ට උගන්වන සාම්ප්‍රදායික ආර්ථික සූත්‍ර, ඔවුන්ට ජීවත් වන්නට සිදුව ඇති ලෝකයේ යෝධ ආර්ථික බිඳවැටීම සමගින් කිසිදු සම්බන්ධයක් නොමැති යැයි කියාය.
ආර්ථිකය ඉගැන්වීමේ හා භාවිත කිරීමේ මේ අලුත් ප්‍රවනතාව සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා ඉකුත් පෙබරවාරි 10 වන දින “ද ගාඩියන්” පුවත්පත සඳහා මැතිව් ටේල විසින් ලියා ඇති, “වර්ධනයෙන් ඔබ්බට - විෂය ඉගැන්වීම වෙනස් කරන ආර්ථිකය නැවත සිතීමේ ව්‍යාපාරය” ලිපිය කිය වන මෙන් මම ඉල්ලමි.
ඊට දින 05 ට පෙර “ලෝකයේ ‘දියුණු’ ධනවත් රටවල් ගැන කතාව ලොකු බොරුවක්” මැයෙන් ඉකුත් පෙබරවාරි 05 වන දින ලියූ “ද-ලීඩ” වෙබ් අඩවියේ පළ කෙරුණු ලිපියෙහි මෙවැන්නක් මම ලීවෙමි.
“මේ රටවල් සම්බන්ධයෙන් අප ඇසිය යුතු වැදගත් හා ප්‍රධානම ප්‍රශ්නය වන්නේ, ඒ රටවල ආර්ථිකය හිමි, රටේ ජනතාවටද නැතිනම් කාටදැයි යන්නය. ඒ රටවල අති බහුතරය ඔවුන්ගේ ජාතික ආර්ථිකයේ හිමිකරුවන් නොවන බව කිව හැකිය.”
එකී ලිපියෙන් මගේ නිගමනය මා ඉතා සැකෙවින් ඉදිරිපත් කෙරුවේ මෙලෙසිනි.

“රටේ ජනගහනයෙන් අති බහුතරය බහුවිධ දරිද්‍රතාවයක රඳවා, අතළොස්සක් ජාවාරම්කාර ධනකුවේරයින්ගේ දේශපාලන බලය වෙනුවෙන් ලොව දුප්පත් රටවලට හමුදා ආරක්ෂාවද ඈඳා කෙරෙන ණය ආධාර දීමේ ගෝලීය චණ්ඩිකම අප අනුකරණය කළ යුතු ආදර්ශයක් නොවන්නේ යැයි මම කියමි. අප හදාගත යුත්තේ අති බහුතරයකට සුව පහසු, නිදහස්, ශිෂ්ඨ ජීවිතයක් ගත කළ හැකි ආර්ථිකයක් සතු සමාජයකි. ඒ ආර්ථිකයට හවුල් කරගත නොහැකි සුළුතරයක් වන්නේ නම් ඔවුන් වෙනුවෙන් සමාජ සුභසාධනයක් නඩත්තු කළ හැකි ආර්ථිකයකි.”
“ආර්ථිකය නැවත සිතීමේ ව්‍යාපාරය” මේ කතාවම වෙනත් ආකාරයකින් අප හමුවේ තබා ඇත. ඔවුන්ගේ ප්‍රවේශය මෙවැනි ය. “ආර්ථිකය ගැන ප්‍රධාන ධාරාවේ නැඹුරුවීම් සියල්ල, ගෝලීය සමාජයක් වශයෙන් අපව අසාර්ථක කර ඇතැයි තේරුම් ගන්නට දැන් ලෝකයම අවදි වෙමින් ඇත. කාලගුණ විපරියාස, වසංගත සහ වර්ධනය වන ගෝලීය විෂමතා, වෙනසක අවශ්‍යතාව ප්‍රදර්ශනය කරන්නකි.” එහිදී අප මුහුණ දෙන ගැටළුව ඔවුන් සඳහන් කරන්නේ, “ස්වභාවික ලෝකයට සැළකිය යුතු හානියක් සිදු කරන, විෂමතා වර්ධනයට හේතුවන, සමාජය වෙළඳපලකරණය කිරීමට දායක වන, විශ්ව විද්‍යාලවල උගන්වන යල් පිනූ, එකම අධිකාරවාදී ආකාරයේ ආර්ථික විද්‍යාව වේ” යැයි කියා ය. අපට අවශ්‍ය වන්නේ, මේ අභියෝග වලට සාර්ථකව මුහුණ දිය හැකි කුසලතා ගොන්නක් සමග විශ්ව විද්‍යාල වලින් දොරට වඩින ආර්ථික විද්‍යා සිසු සිසුවියන් පිරිසක් යැයි ඔවුහු කියති.
අපගේ අරමුණ වන්නේ, සමාජීය හා කාලගුණික සාධාරණත්වය වෙනුවෙන් ආර්ථික විද්‍යාව හා සම්බන්ධ ක්ෂේත්‍රයේ කල්කිරියාව ප්‍රශ්න කරන, නවීකරණය කරන හා ඊට අභියෝග කරන ශිෂ්‍ය ව්‍යාපාරයක් හැදීම යැයි ඔවුහු කියති. එබැවින් (1) සාක්ෂි මත යතාර්ථවාදී ලෝකයේ කාලගුණය ගැන අවධානයක් ඇති, බහුත්වවාදී ජනතා කේන්ද්‍රීය (2) විචාරාත්මක, විවෘත හා විවිධත්වයක් සහිත, අන්තර් විෂය අවබෝධයක් සමග කල්ලිවාදී නොවන වාගේම (3) ප්‍රජාතන්ත්‍රවාදී (විෂයමාලා සැකසීම ආචාර්යවරුන්ගේ හා ශිෂ්‍යයින්ගේ වගකීමක් වන), ලාභය නොව මිනිසා ප්‍රමුඛ කෙරෙන සහ බහුතරයකට හවුල්විය හැකි ප්‍රතිපත්තීන් මත ඔවුන්ගේ පාඨමාලා නිර්මාණය කිරීමට අපි විශ්ව විද්‍යාල සමග එක්ව කටයුතු කරන්නෙමු යැයි ඔවුහු කියති.

අප මුහුණ දෙන කාලගුණික අර්බුදය හා පාරිසරික බිඳවැටීම්, විකල්ප සංවර්ධන ආකෘතීන්ගේ අවශ්‍යතාව තේරුම් ගැනීමට අපට බල කරන්නේ යැයි ඔවුන්ගේ පිළිගැනීම ය. සැබෑ ලෝකයේ මේ අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බව ඔවුහු කියති. ඒවා ආර්ථික විද්‍යා පාඨමාලා වලට ඇතුළු කිරීමට ඔවුන් කටයුතු කරන බවද කියති. එවගේම පාරිසරික ආර්ථිකයෙහි නූතන ආකෘතීන් ඉගැන්වීමටද ඔවුන් මැදිහත්වන බැව් කියති.
මේ කියන්නාවූ “ආර්ථිකය ගැන නැවත සිතීම” සඳහාවන පළමු සංවාදය 2012 දී ලන්ඩනයේදී පැවැත් වින. ඊට හවුල් වූයේ සැබෑ ලෝකයේ ආර්ථික ගැටළු ගැන උනන්දුවක් දක්වන හා ඒ වෙනුවෙන් වඩා පුළුල් ලෙස ආර්ථික විද්‍යාව හැදෑරීමට උනන්දු වූ පිරිසකි. එළෙසින් එකතු වූ රටවල් 30 ක, විශ්ව විද්‍යාල 65 ක ආර්ථික විද්‍යා ශිෂ්‍ය කණ්ඩායම් 2014 මැයි 05 වන දින ලොව පුරා පුවත් පත්වල විවෘත ලිපියක් පළ කළහ (Open Letter — International Student Initiative for Pluralism in Economics). එහි ආරම්භක වාක්‍යයෙන් කියුවේ, “අර්බුදයකට හසුව ඇත්තේ ආර්ථිකය පමණක් නොව, ආර්ථික විද්‍යා අධ්‍යාපනයද අර්බුදයකට හසුව තිබෙන්නකි” යැයි කියා ය.

අපේ අය දන්නවා නම්, මෙය අලුත් උත්සාහයක්ම නොවේ. මහාචාර්ය ස්ටීව් කීන් ද හවුල් වූ සිඩ්නි විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යා සිසු සිසුවියන් 1970 දී සාම්ප්‍රදායික පාඨමාලාව සංශෝධනය කළ යුතු යැයි උද්ඝෝෂණය කළහ. නැවත 1992 දී ආර්ථික විද්‍යා විශේෂඥයින්, ආචාර්යවරුන් සහ නොබෙල් ත්‍යාගලාභින්ද අත්සන් කළ ප්‍රසිද්ධ ඉල්ලීමක් ඇමෙරිකන් ඉකොනොමික් රවීව්හි දැන්වීමක් ලෙස පළ කරනු ලැබිණ. ආජන්ටිනාවේ ආර්ථික විද්‍යාඥයින් ප්‍රමුඛව 1997 දී “ඉකොනොමියා ක්‍රිටිකා” නමින් ගොනුවක් හැදින. 2007 දී ඔවුහු කලාපීය සමුළුවක්ද පැවැත් වූහ. 2000 දී පැරිසියේ අලුත් ශිෂ්‍ය ව්‍යාපාරයක් පාරට පැමිණියේ ය. එහි ප්‍රතිපලයක් ලෙස “පෙප්ස්-එකොනොමි” යැයි ප්‍රංශයේ නව ආර්ථික සංවිධානයක්ද, “ප්ලුරාලෙ-එකොනොමික්” නමින් ජර්මනියේ ආර්ථික සංවිධානයක් ද බිහි වූහ. 2008 ගෝලීය ආර්ථික අවපාතය සමග “ආර්ථිකය ගැන නැවත සිතීම” සඳහා ව්‍යාපාරයක් බිහිවීම එනිසා යතාර්ථයක් වූවකි.
එවැනි කිසිදු තැනක ලාංකීය විශ්ව විද්‍යාල හා විද්‍යාර්ථීන් හමුවන්නේ නැත. මෙවරද “ආර්ථිකය නැවත සිතීමේ ව්‍යාපාරය” සම්බන්ධයෙන් ලාංකීය සම්බන්ධයක් අසන්නට දකින්නට නැත. තවමත් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැරණි ආර්ථික චින්තනය සමග නතරව ඉන්නේ එනිසා ය. තවමත් ‘50-‘60 දසකයේ ආර්ථික විශ්ලේෂණ හා නිර්ණායක කර තියා ගත් අපගේ ආර්ථික විශේෂඥයින් “අන්තර්වර්තිකයින්” ලෙස වාද කරන්නේ එබැවිනි. මේ පැරණි, අවලංගු වූ ආර්ථික චින්තනයෙන් මිදෙන්නට සූදානම්, තරුණ තරුණයින්ට මගේ ඇරයුම, ඉල්ලීම වන්නේ, “ආර්ථිකය නැවත සිතීමේ ව්‍යාපාරය” ගැන කියවන්න, ඊට සම්බන්ධ වන්න, ඔවුන්ගේ https://rethinkeconomics.org/about/ වෙබ් අඩවියට ගොඩ වන්න යැයි කියා ය.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 පෙබරවාරි 11 වන දින




