The Leader News
BREAKING
Top Ad
Opinion

සනත් බාලසූරිය දිලිප පිරිස්ට කියා දිය යුතු දේ | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

February 13, 2026 • 8:15 AM

සනත් බාලසූරිය දිලිප පිරිස්ට කියා දිය යුතු දේ | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍යවේදි සනත් බාලසූරිය, කේ.එච්.ජේ. විජෙදාස ආදි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් උපුටා දක්වමින් ''සමන් මෙන්න මේ උපදෙස් පිලි පැද්දා නම්.........''. යනුවෙන් පළ කළ ලිපිය රජයේ දිලීප පීරිස් කළ උසාවියේ ප්‍රකාශ පොතක් හැටියට පළ කරයි නම් එහි ප්‍රස්ථාවනාවට ඉතා උචිත විය හැකිය.
  • පාසල් සහ සරසවි ජීවිතයේදී දිලීපගේ අන්වර්ථ නාමය දිලීප පොඩිපුතු නොවූ අතර, එහි අවසන් අකුරෙන් පටන් ගන්නා ප්‍රකට විකට නමක් බව  අළුත් කඩේ නීතිඥ වෘත්තිකයෙකු මතක් කළේය.
  •   මා විසින් දිලීප පීරිස්ද ඇතුළත් නීතිපති සංහතියම රාජ්‍ය නිලධාරින් හෙයින් ඔවුන්  උසාවියේදී සාමාන්‍ය නීතිඥයෙක`ට වඩා විනීත විය යුතු බව දක්වා ඇත.
  • මා දන්නා පරිදි රාජ්‍ය සේවකයා යන යෙදුම නිර්වචනය කිරිමේදී පදනම් කෙරෙන නිර්වචනය වන්නේ රාජ්‍ය මුදල් භාවිතාව බව මහාචාර්ය විශ්වා වර්ණපාලගේ ලංකා සිවිල් සේවා පරිපාලනය නම් නිබන්ධනයෙහි දන්වා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

දිලීප පිරිස් පෙබරවාරි 11 වෙනිදා අධිකරණයේදී තමා සමන් ඒකනායකට, ඒකනායක මුදියන්සේලාගේ සොමිසාර ඒකනායක යනුවෙන් කීවේ ගෞරවයෙන් බවට පාපොච්ඡාරණයක් කළේ ජන්මයෙන් උරුම පීරිස් කෑල්ල පරංගි ලන්දේසි සහවාසය තහවුරු වීමෙන් ඇතිවූ ලජ්ජාව තුනී කැර ගැනීමට විය හැකිය. පාසල් සහ සරසවි ජීවිතයේදී දිලීපගේ අන්වර්ථ නාමය දිලීප පොඩිපුතු නොවූ අතර, එහි අවසන් අකුරෙන් පටන් ගන්නා ප්‍රකට විකට නමක් බව  අළුත් කඩේ නීතිඥ වෘත්තිකයෙකු මතක් කළේය.  

මා විසින් දිලීප පීරිස්ද ඇතුළත් නීතිපති සංහතියම රාජ්‍ය නිලධාරින් හෙයින් ඔවුන්  උසාවියේදී සාමාන්‍ය නීතිඥයෙක`ට වඩා විනීත විය යුතු බව දක්වා ඇත. මා දන්නා පරිදි රාජ්‍ය සේවකයා යන යෙදුම නිර්වචනය කිරිමේදී පදනම් කෙරෙන නිර්වචනය වන්නේ රාජ්‍ය මුදල් භාවිතාව බව මහාචාර්ය විශ්වා වර්ණපාලගේ ලංකා සිවිල් සේවා පරිපාලනය නම් නිබන්ධනයෙහි දන්වා ඇත.

w6uy6

රාජ්‍ය සේවකයෙකු සිය රාජකාරි අතර සිදු කරන යම් ක්‍රියාවත් සම්බන්ධව නඩු පැවරීම සිවිල් නඩු විධාන සංග්‍රහයෙහි නියමයන්ට අනුව සිදු කළ යුතුවේ. එහි 461 වගන්තිය මෙසේය. ඇමතිවරයකු, රජය වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයා, නියෝජ්‍ය ඇමතිවරයකු, හෝ රාජ්‍ය නිලධාරියකු විසින්, රාජකාරිමය වශයෙන් සිදු කරනු ලබන කටයුත්තක් සම්බන්ධයෙන් යම් පුද්ගලයා විසින් ගැනිමට තීරණය කර තිඛෙන නීතිමය ක්‍රියා මාර්ගයක් සම්බන්ධයෙන් එවැනි ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් එවැනි ක්‍රියා මාර්යක් ගැනීමට හේතුව, එම ක්‍රියා මාර්ගය ගැනීමට හේතුව එම ක්‍රියා මාර්ගය ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන් පදිංචි වී සිටිවන ස්ථානය සහ ඔහු විසින් අයැද සිටින සහනය පිළිබඳ සිතාසියක් මගින් ඉහත සඳහන් අයට දැනුම් දීමෙන් අනතුරුව මාසයක් කල් ගතවන තෙක්, නඩුකර ක්‍රියා මාර්ගයක් ස්ථාපිත නො කළ යුතුවේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන පැමිණිලි පතෙහි ඉහත අකාරයට දැනුම්දීමක් සිදු කළ බව සඳහන් කළ යුතුවේ.

ව්‍යවස්ථායකය පැනවූ මේ නියමයට අනුෂංගික  තවත් විධිවිධාන ඇතද, ''රාජකාරිමය වශයෙන් සිදු කරනු ලබන කටයුත්තක් සම්බන්ධයෙන්'' නඩු පැවරීමකට පළමුව අනුගමනය කළ යුතු අනම්‍ය ක්‍රියා පිළිවෙත එය බව අනුගම්‍ය නොව විධානාත්මක බව De Silvd V. Illangakoon 57 NLR 547 නඩුවේදී බස්නායක අග විනිසුරු සමග විනිසුරු පුල්ලේ එක`ගව ප්‍රකාශිත නඩු තීන්දුවේ දැක්වේ.

සිවිල් නඩු විධාන සංග්‍රහයේ 461 වගන්තියේ තනතුරු දරන්නන්ට පමණක් නොව සායිබු ඒ පුංචිරාළ නඩුව අනුව ආරච්චිගේ පටන් කොරෙයා එ. විජේසිංහ නඩුව අනුව යටත් විජිත මහ ලේකම් දක්වා ලොකු පොඩි භේදයකින් තොරව ආණ්ඩුවෙන් පඩි ගන්නා හැම ප්‍රානියාම එකී නියමයෙන් ආවරණය වන හෙයින් වර්තමාන රාජ්‍ය තන්ත්‍රයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරි තනතුර දැරූ සමන් ඒකනායකටද එකී නියමය අනුව ඔහු සිදු කළාය කියන රාජකාරිය කිරීම සම්බන්ධව පළමුවෙන් හේතු දක්වන හැටියට ලිඛිතව දන්වා එක් මාසයක් කල් දිය යුතුය යුතුවේ.

 

එසේම ප්‍රශ්නගත කරුණේදී සමන් ඒකනායක වරදක් කර ඇති බවට කෙනෙකුට දෝෂාරෝපනය කළ හැකිය. එහෙත් එකී ක්‍රියාව ඔහු සිදු කළේ ගෙදර පූසාට මාළු තම්බන අතර නොව ජනාධිපති ලේකම් හැටියට හෙයින් රාජකාරියේ කොටසක් හැටියට එකී ක්‍රියාව සිදු කළ හේතුව විස්තර කිරීමේ අයිතිය සමන් ඒකනායක ඒකනායකට ලබා දී නැති නම් එය පරිපාටිමය නෛතික වරදකි.

Dileepa Peiris 2025.04.10 1දීලීප පීරිස්

 

මෙකී පරිපාටිමය නීතිය (Procedural law) අනුගමනය කළාද නැද්ද යන්න විමසීමට දීලීප පීරිස් විසින් සමන් ඒකනායකට අධි චෝදනා ගොනු කළ යුතුවා මෙන්ම ප්‍රශ්නගත ගෙවීම සම්න්ධව සිදු කළ විගණන විමසුම මෙහිදී තීරණාත්මක වේ. යථෝක්ත සිද්ධිමය කරුණ දේශීය ජල තීරුවේ ඇතුළත සිදු නොවූ අතර, ඊට අදාළ රාජ්‍ය මුදල් ගෙවීම පූර්ව අනුමැතියෙන් තොරව සිදු කළ මහ කොමසාරිස් වරිය කුමන රටක සේවය කළද, ලංකාවේ වලංගු  මුදල් රෙගුලාසි අනුව එකී කාර්ය කළාද යන්න දැක්වෙන විගණන වාර්තාව නිරික්ෂණ දැක්විය යුතුවේ.

ඒ කෙසේ සනත් බාලසූරියගේ ලිපියෙහි උපුටා දක්වන විනිසුරු යසන්ත කෝදාගොඩගේ දේශන සටහනේ දැක්වෙන ආකාරයට රාජ්‍ය නිලධාරියෙකු ගත් තීරණයක් හෝ කළ ක්‍රියාවක් වෙනත් කෙනෙකු එකඟ වෙනවාද නැද්ද යන්නට වඩා රාජ්‍ය නිලධාරියාට (පාර්ලිමේන්තුවෙන් පැවරූ බලය) මහජන සුභ සිද්ධිය සඳහා සද් භාවයෙන් විචක්ෂණශීලීව භාවිතා කර තිබේද යන්න විමසීම පරිපාලන නීතිය ක්‍රියාත්මක කරන අධිකරණයක වගකීම බව අවධාරණය කර ඇත.

මෙහිදී ප්‍රශ්නගත ගෙවීම බංකොලොත් රටේ ආර්ථීක තත්වය අනුව මිලියන 166ක මුදල් ප්‍රමාණයක් වන බව හෙයින්  ඊට සමගාමීව කුලි නිවැසියෙකු ගෙන් අය කරගත යුතු හි`ග මුදල ගැන නො තකා රාජ්‍ය නිලධාරියා සිදු කළ සද්භාවි බරපතල මැදිහත්වීමක් සිහිපත් කළ යුතුවේ.

s 29

 

ජාතික නිවාස වැඩ සටහන යටතේ ඉදි කළ නිවාසයක වහලේ ඇස්බැස්ටෝ තහඩුව පුපුරා යාම නිසා තම  නිවස තුළට ජලය ගලා යන හෙයින් අබලන් වහල පිළිසකර කර දෙන ලෙස නිවාසලාභියෙක් ඉල්ලා සිටියේය. විෂය භාර නිලධාරියා කැඳවූ වාර්තාව අනුව එකී නිවාස ලාභියා විසින් වසරකට අධික කාලයක් නිවාස කුලිය ගෙවා නැති වාර්තාවූයෙන් එකී ඉල්ලීම සලකා බැලීමට නම් හිඟ නිවාස කුලිය ගෙවන ලෙස ලිඛිතව දැන්වීය. හිඟ කුලිය ගෙවීමට තරම් ආදායමක් නැති බව කියමින් වහල පිළිසකර කර දෙන ලෙස නැවත නැවත දන්වා සිටියද, ඔහුගේ ඉල්ලීම ඉටු කළේ නැත. උක්ත නිවාස ලාභීයා නිවස අතහැර ගොස් ඇති බව දැන ගත් අළුතෙන් ප්‍රශ්න දෙස බැළු අනුප්‍රාප්තික නිලධාරියෙක් හිඟ කුලිය අමතක කර ගබඩාවේ තිබුණ ඇස්බැස්ටෝ තහඩුවක් කාර්යාලයේ වියදමින් ප්‍රවාහනය කර වහළට සෙවිලි කර නිවාස හිමියා යළි පදිංචි කරවිය.  මේ මැදිහත්වීම බැළු බැල්මට තරාතිරව ඉක්මවා යාමක් වුවද, ඔහුගේ මැදිහත්වීම ජාතික නිවාස ප්‍රතිපත්තියට අනුකූලව ගත් සද්භාවි තීන්දුවක් හැටියට සැලකිණ. (හේමලයා ස්වං චරිතාපදානය චන්ද්‍රසිරි සෙනෙවිරත්න 252-255පිටු) මෙවැනි සිද්ධින් රාශියක් ඉහත කී පොතේ සවිස්තරව දක්වා ඇත.

රජයේ මුදල් පරිහරණයේදී ප්‍රතිපලය තක්සේරු කරන්නේ රුපියල් සත අනුව නොව රාජ්‍ය ප්‍රතිපත්තිය මහජන යහපතට එකී වැයබර හේතුවීද යන්නය. රාජ්‍ය නිලධාරියෙකුගේ ක්‍රියාවක් නිසා අවභාවිතාවක් සිදුවී ඇත් නම් පළමුව ඊට හේතු විමසා පිළිතුර ගැන විගණන නිලධාරින් සෑහීමට පත් නොවේ නම් අදාල මුදල ආපසු අය කර ගැනීමට ක්‍රියා කරනු මිස මාංචු දමා රාජ්‍ය නිලධාරින් පොලිසිය හරහා උසාවි දැක්වීමක් සිදු නොවේ.

1 49

 

මාධ්‍යවේදි සනත් බාලසූරිය, උත්සාහ කරන්නේ සමන් ඒකනායක පිළිබඳ පළවූ කීර්තිමත් වාර්තා අවතක්සේරු කිරීම සඳහා ය. ඔහු කියන විදියට ප්‍රශ්නගත ගැටළුව විසඳීමට ඔහුගේ දෙන චරිත සහතික පලදායි නොවන නොවන බව සැබෑය. සමන් ඒකනායක වැනි රාජ්‍ය නිලධාරියෙකු සම්බන්ධව කළ ප්‍රකාශ දිලිප පීරිස්ගේ සදාචාරය පිළිබඳ හෙළිදරව්වකි. සමන් ඒකනායකට එවැනි තක්කඩි කතා කීමට නිහඬ විරෝධයක් පළ කළ කිහිප දෙනා අතර, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පවා සිටි අතර, එය අදහස් ප්‍රකාශ කිරිමේ පුරවැසි අයිතිය වන්නේය.

 සොමිසාර ඒකනායක හෙවත් සමන් ඒකනායකගේ චරිතය උසාවියට අදාළ නැත යන සනත් බාලසූරිය කියා සිටියද, විවෘත අධිකරණයකදි සමන් ඒකනායක කීර්තිමත් නම් රාජ්‍ය නිලධාරියා හොරෙක් වංචනිකයෙක් දූෂිතයෙක් කියා කෙහෙල් බද්දර පද්මේගේ මට්ටමට දැමූ රජයේ නීතිඥයා හැසිරුණ ආකාරය සාධාරණ පුරවැසියෙකු  තවදුරටත් අධිකරණයකදි අපේක්ෂා නො කරනු ඇත. උසාවිය කෙරෙහි පවත්නා දැඩි විශ්වාසයෙන් පැමිණ පෙනි සිටි විශිෂ්ඨ රාජ්‍ය නිලධාරියාට ගෙදර පූසාට මාළු තම්බලා ගෙදරින් පිටව ගිය බවට කළ ප්‍රකාශය කසිප්පු තිත් පොළකට මිස විවෘත අධිකරණයකට නො ගැලපෙන අතර, මේ වනවිට වෘත්තිකයන්ද විරෝධය පළ කර ඇත. මෙවැනි හැසිරීම් වික්ටර් අයිවන්ගේ විලාශයෙන් ප්‍රශ්න කරන දිනය වැඩි ඈතක නොවේ.

''මේ තැනැත්තිය සමාජ මාධ්‍ය හරහා මාසිකව ලක්ෂ ගණන් මුදල් උපයා තිබේ'' යයි කී විට එසේ මුදල් ඉපයිම වරදක්දැයි අධිකරණය විමසූ අවස්ථාවේ නැත ස්වාමිනි කියා කූඩැල්ලෙකු සේ දෙකට නැමී හැකිළුන දිලීප පීරිස් පූසන් බල්ලන් අධිකරණයේදී සිහිපත් කිරීම ආරේ ගති නෑරේ යන්නට මිස අධිකරණයට නම් සුදුසු නොවේ.

චණ්ඩි බුද්ධාගම, පොන්න පොලිසිය සහ යහ (ලාලකතිස්ස) පාලනය - Colombo Telegraph(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

සබැඳි ලිපි :

සමන් ඒකනායකගේ සිරබත් කෑම සාධාරනද? | Shiral Lakthilaka

'සමන් ඒකනායක හොඳ මහත්මයෙක්!' ; ඒත් මෙන්න මේ උපදෙස් ටිකත් පිළිපැද්දා නම්... | Sanath Balasooriya

සමන් ඒකනායක කියන්නෙ ජනප්‍රිය චරිතයක් නෙමෙයි.. ඒත්... | Ranga Kalansooriya

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සනත් බාලසූරිය දිලිප පිරිස්ට කියා දිය යුතු දේ | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න | The Leader