The Leader News
BREAKING
Top Ad
Opinion

නිවටකමේ උපරිමය කරා.. | පිලිප් ශාන්ත

T

The Leader Desk

February 13, 2026 • 3:51 PM

නිවටකමේ උපරිමය කරා.. | පිලිප් ශාන්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙක් විළිලැජ්ජාව පැත්තකින් තියා ප්‍රභූ රාජ්‍යයට දොහොත් මුදුන් දී වන්දනා කරමින් සිටී.
  • තමන් අධිකරණ තීන්දුවලට ඇඟිළි නොගසන බව කියමින් නඩු තීන්දුවේ පාර්ශවකරුවන් වෙමින් සිටී.
  • ආණ්ඩුවේ බොහෝ අයගේ අදහස වූයේ තමන්ට රාජ්‍ය බලය ඇල්ලීමට නොහැකි වූ බව ය.
  • අධිකරණයකට ඇත්තේ නීතිමය ඇසකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන්ගේ මතය වන්නේ අධිකරණ කටයුතුවලට ඇගිළි නොගසන බවයි. එසේ නම් අධිකරණ තීන්දු සම්බන්ධයෙන් මත පළ නොකර සිටිය යුතුය. තමන් අධිකරණ තීන්දුවලට ඇඟිළි නොගසන බව කියමින් නඩු තීන්දුවේ පාර්ශවකරුවන් වෙමින් සිටී. එනම් අධිකරණයේ පැත්ත ගනිමින් සිටී.

ආණ්ඩුවේ බොහෝ අයගේ අදහස වූයේ තමන්ට රාජ්‍ය බලය ඇල්ලීමට නොහැකි වූ බව ය. එවැනි ශක්තියක් ආණ්ඩුවට නැත්නම් පසෙකට වී හිදීම තේරුම් ගත හැකිය. එහෙත් ආණ්ඩුව විසින් රාජ්‍යය දෙපා මුල වැටී වන්දනා කිරීම නින්දාසහගත ය. මෙය නිවටකමේ උපරිමය මිස ස්වාධීනභාවය නම් නොවේ.

අධිකරණයක් නීතියට අනුව දෙන දඬුවමෙන් යමෙකුට දේශපාලන අගතියක් වේ නම් වරදට සමාව ලබාදීමට ධනපතියන් පවා බියසුළු නොවේ. අධිකරණයකට ඇත්තේ නීතිමය ඇසකි. ඊට සංවේදී නොවන කරුණු සලකා බැලිය යුතුවිට වරදකරුවන් සම්බන්ධයෙන් සලකා බැලීමට නීතියේ ප්‍රතිපාදන සලස්වා ඇත. එහෙම මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට ලොකු වී ඇත්තේ ධනපති අධිකරණයේ දැක්මයි. ඊට එහා වූ දේශපාලනය ඇසකින් ප්‍රශ්නය දෙස බලන්නට තරම් ඔවුන්ට මොළයක් නැත.

අරගලයකට සමාජය තල්ලු වූයේ සමාජ වෙනසකට ය. එහිදී ඔවුන් ප්‍රකෝප වූයේ එවකට ආණ්ඩුව කුමන්ත්‍රණකාරීව ඊට පහරදීමෙනි. ඉන් කෝප වූ පිරිස් තැන තැන ප්‍රචණ්ඩකාරී ක්‍රියා කළහ. ඒ දේශපාලන අරමුණකින් මිස පෞද්ගලික ඉලක්කයකින් නොවේ. මුළු මහත් සමාජයක් වෙනුවෙන් අරගල කරනවිට රටේ නීතියට අනුව අපරාධමය වරදක් වුවද එය දේශපාලනිකව දකින්නට ආණ්ඩුවට හැකිවිය යුතුය. එහෙත් මේ නිවට ඇමතිවරු උජාරුවෙන් කියන්නේ අධිකරණයට තමන් ඇඟිළි නොගසන බවය.

ආණ්ඩුව ප්‍රගතිශීලී නම් කළ යුත්තේ වරදකරුවන් වූ අරගලකරුවන්ට නීති සහාය සපයා අභියාචනය ජය ගැනීමට පහසුකම් සැලසීමයි. නොඑසේනම් වරදකරුවන්ට ජනාධිපති සමාව ලබාදීමයි. එසේ නොකිරීමෙන් ආණ්ඩුව ඉගි කරන්නේ තමන් ප්‍රභූ රාජ්‍යය සරණ යන බවයි.

දැන් ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ රජුටත් වඩා රාජපාක්ෂිකවීමට ය. රාජ්‍යය ප්‍රභූ වුවද නිවටයන් මෙන් රාජ්‍යය හමුවේ වැද වැටෙන්නේ එබැවිනි. රාජ්‍යය කර තබා ගත් මේ මෝඩ ඇමතිවරුන් නුදුරු දිනක අසරණවන්නේ රාජ්‍යයේ බර උසුලා ගත නොහැකිව හර්ණියා තත්ත්වයට පත්වීමෙනි.

pilip shantha(සටහන | පිලිප් ශාන්ත)
විමුක්ති හඬ
shan.info1978@gmail.com

උපුටා ගැනීම - Philip Shantha ෆේස්බුක් පිටුවෙන්..

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...