The Leader News
BREAKING
Top Ad
Opinion

‘ජෙනරල් කමල් ගුණරත්න ඇතුලු මගේ ආරක්ෂක ජාලය සීඅයිඒ ඔත්තු සේවය ගිල ගත්තා’ - ගොඨාභය රාජපක්ෂ

T

The Leader Desk

February 26, 2026 • 5:03 PM

‘ජෙනරල් කමල් ගුණරත්න ඇතුලු මගේ ආරක්ෂක ජාලය සීඅයිඒ ඔත්තු සේවය ගිල ගත්තා’ - ගොඨාභය රාජපක්ෂ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔසී අබේගුණසේකරගේ පුත්‍රයකු වන අසංග අබේගුණසේකර පසුගියදා youtube නාලිකාවක් සමඟ විශේෂ හෙළිදරව්වක් කර තිබේ.
  • ඔහු දැනට ඔහු වොෂින්ටන්හි පිහිටි දකුණු ආසියානු ෆෝරසයිට් ජාලයේ වත්මන් විධායක අධ්‍යක්ෂවරයා වන අතර 2021 සිට වොෂින්ටන්හි  මිලේනියම් ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි.
  • අසංග අබේගුණසේකර අසංග අබේගුණසේකර ප්‍රකාශ කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරක්ෂක වළල්ලමම සීඅයිඒ  සංවිධානය විසින් අල්ලා ගෙන තිබුණි.
  •  මේ බව ඔහුට ප්‍රකාශ කර ඇත්තේ ද  ගෝඨාභය රාජපක්ෂම විසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

අසංග අබේගුණසේකර යූඇන්පීයෙන් 2015 මහ මැතිවරණයෙහි දී ගම්පහ දිස්ත්‍රික්කයට තරග කර පරාජය වීමෙන් අනතුරුව යහ පාලන  ආණ්ඩුවේ  ජාතික ආරක්ෂක අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂ වශයෙන් සේවය කළේය. ඔහු දැනට ඔහු වොෂින්ටන්හි පිහිටි දකුණු ආසියානු ෆෝරසයිට් ජාලයේ වත්මන් විධායක අධ්‍යක්ෂවරයා වන අතර 2021 සිට වොෂින්ටන්හි  මිලේනියම් ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි.

Asangaඅසංග අබේගුණසේකර
අසංග අබේගුණසේකර ප්‍රකාශ කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරක්ෂක වළල්ලමම සීඅයිඒ  සංවිධානය විසින් අල්ලා ගෙන තිබුණි.  මේ බව ඔහුට ප්‍රකාශ කර ඇත්තේ ද  ගෝඨාභය රාජපක්ෂම විසිනි.

මෙම යූ ටියුබ් සාකච්ඡාව ප්‍රසිද්ධියට දින ගණනාවක් ගතවී ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂ අසංග අබේගුණසේකරගේ ප්‍රකාශ තවමත් ප්‍රතික්ෂේප කර නැත.

ගෝඨාභය කියා ඇති පරිදි ඔහුගේ සම්පූර්ණ ආරක්ෂක වළල්ලම ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය වන සීඅයිඒ සංවිධානය විසින්ම අල්ලාඉගෙන සිට තිබේ. ගෝඨාභය පසුපසින් සීඅයිඒ ඒජන්තයින් සිංගප්පූරුවට පවා ගොස් තිබේ.

ගෝඨාභය කියන පරිදි ඔහුට ජනාධිපති ධූරය අහිමි වූයේ එම පුද්ගලයන් අමෙරිකානු මධ්‍ය ඔත්තු සේවයේ අවශ්‍යතාවයන් අනුව කටයුතු කළ නිසාය.



මෙම ප්‍රකාශයේ දී ගෝඨාභය ජනාධිපති ධූර කාලයේ දීත් රනිල් රාජපක්ෂ ජනාධිපති දුර කාලයේ දීත් ආරක්ෂක ලේකම් වශයෙන් සිටි  ජෙනරාල් කමල් ගුණරත්න සීඅයිඒ සංවිධානයට සහාය වූ පුද්ගලයකු ලෙස නමින්  සඳහන් කර තිබේ.

එසේ නමුත් රනිල් රාජපක්ෂට ජනාධිපතිධූරය ලබා දීමෙහි දී ඉදිරිපත් කරන ලද එක් කොන්දේසියක් වූයේ කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ලෙස පවත්වා ගැනීම බව ඒ දිනවල දැන ගන්නට තිබුණි. ඉන් අදහස් වන්නේ ගෝඨාභය දැන දැනම සීඅයිඒ ඔත්තුකරුවකු ආරක්ෂක ලේකම් ලෙස තබා ගත් සහ දිගටම පවත්වා ගැනීමට කටයුතු කළ බවයි.

සීඅයිඒ සංවිධානය විසින් බිලිබා ගත් තවත් අයකු ලෙස ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර ඇති තවත් නමක් නම් ඔහුගේ විදේශ කටයුතු උපදේශක වශයෙන් සිටි අද්මිරාල් ජයන්ත කොළඹගේය. ඔහු තමා අමාරුවේ දැමීමට කටයුතු කළ අයෙක් බව පවසා තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 18 වන නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ  ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදේශ කටයුතු උපදේශකවරයා ලෙසත් සේවය කළේය.

 

kamal gunaratne

ගෝඨාභය වටා සිටි චින්තන පර්දශදය පාත් පායින්ඩර් නම් මිලින්ද මොරගොඩ විසින් දියත් කරන ලද රාජ්‍ය නොවන සංවිධානයට සම්බන්ධ වී සිටි අය බවත් අසංග අබේගුණසේකර අනියමින් සඳහන් කරයි. අදමිරාල් ජයන්ත කොළඹේ ද එහි ප්‍රධානියෙකි.

ඊයේ (25.02.2026) අත්අඩංගුවට ගත් මේජර් ජෙනරල් සුරේශ් සලේ ඒ වන විට සේවය කරමින් සිට ඇත්තේ පාත් පායින්ඩර් ආයතනයේය.  මෙම සීඅයිඒ මෙහෙයුම සුරේශ් සලේද දැන සිටින්නට ඇතැයි අසංග අබේගුණසේකර අඟවයි.

එමෙන්ම අසංග අබේගුණසේකර කරන තවත් හෙළිදරව්වක් නම් විස්සයි 2029 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයා ලෙස මිලින්ද මොරගොඬ ගෙන ඒමට විපක්ෂ කණ්ඩායම අතර සාකච්ඡාවක් පවතින බවයි.

milinda1මිලින්ද මොරගොඩ
මිලින්ද මොරගොඩ ප්‍රසිද්ධ ඇමෙරිකානු හිතවාදියෙකි.

පාත් පායින්ඩර් ආයතනයේ බොහෝ දෙනා ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක වළල්ලට සම්බන්ධ වී සිටි බව අනියමින් කියැවෙන  ප්‍රකාශක් අසංග අබේගුණසේකර එම යූ ටියුබ් සාකච්ඡාවෙහි දී  කරයි.

ගෝඨාභය කී බව කියන මෙම සීඅයිඒ කා වැදීම සත්‍යයක් නම් ලංකාවේ ආරක්ෂක හමුදා තුළ අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයේ බලපෑම  ඉතා ප්‍රබල  විය යුතු බව දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරති.

එය වත්මන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට එල්ල විය හැකි තර්ජනයකි.

අසංග අබේසේකර කියන්නේ රනිල් රාජපක්ෂ බලයට ගෙන ඒම ද වක්‍ර ලෙස සීඅයිඒ සංවිධානයේ සැලැස්මක් විය හැකිව තිබූ බවයි. එමෙන්ම මෙම යූ ටියුබ් නාලිකා කරුවන චමුදිත සමරවික්‍රම, අසංග අබේගුණසේකරගෙන් ප්‍රශ්න කරන්නේ ආණ්ඩුවෙන් ඉවත් කිරීමෙන් පසු ඔහුද සීඅයිඒ සංවිධානයේ කටයුතු සඳහා රැකියාවක් ලබා නොගත්තේද කියාය.  පිළිතුර වශයෙන් අසංග අබේගුණසේකර  කියන්නේ එය ද සීඅයිඒ සැළැස්මේ කොටසක් විය හැකි බවයි.  ඔහු ශ්‍රි ලංකාවේ ඇති වූ ජන අරගලය ගැන ඇමෙරිකානු සීඅයිඒ සංවිධානයේ අත්තක් ව තිබූ යුඑස්ඒඑයිඩ් වාර්තාවක් ලිවීමට බඳවා ගත්තේය. එහිදී ඔහුට පැයකට රුපියල් ලක්ෂය ඉක්ම වූ වැටුපක් ලැබුණි.

 

Gotabaya 2

අසංග අබේගුණසේකර කරන ප්‍රකාශ සත්‍ය සත්‍ය ද නැද්ද යන්න තහවුරු වී නැති නමුත් මෙම ප්‍රකාශය ලංකාවේ ජනමාධ්‍ය විසින් මේ තාක් දුරටත් සාකච්ජාවට ගෙන නැත.

රටක හිටපු ජනාධිපතිවරයකු තමාගේ ආරක්ෂක ජාලයම ඇමෙරිකානූ සීඅයිඒ සංවිධානය විසින් ගිල ගත් බවට කරන ලදැයි කියන ප්‍රකාශය, අතිශය තීරණාත්මක සහ ජාතික මාතෘකාවක් විය යුතු කරුණකි.



| srilankabrief
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

‘ජෙනරල් කමල් ගුණරත්න ඇතුලු මගේ ආරක්ෂක ජාලය සීඅයිඒ ඔත්තු සේවය ගිල ගත්තා’ - ගොඨාභය රාජපක්ෂ | The Leader