The Leader News
BREAKING
Top Ad
Opinion

'ගෑස් තෙල් පෝලිම් හැදුනට පස්සේ ඒ ආණ්ඩුව අනිවාර්යෙන් පරදිනවා' මේක දේශපාලනයේ සාමාන්‍ය න්‍යායක් | එරන්ද ගිනිගේ

T

The Leader Desk

March 1, 2026 • 2:19 PM

'ගෑස් තෙල් පෝලිම් හැදුනට පස්සේ ඒ ආණ්ඩුව අනිවාර්යෙන් පරදිනවා' මේක දේශපාලනයේ සාමාන්‍ය න්‍යායක් | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතාවගේ ගොන්කමට තෙල් එකතු කර ගත්තත්, ලෝක වෙළඳපොළේ අර්බුද නිසා තෙල් හිඟ වුණත්,
  • අනුර නැතිව මාලිමාවට කිසිසේත්ම ආණ්ඩුවක් ගන්න බැරි බවත් ජවිපෙ ලොක්කෝ දන්නවා.
  • හිඟා නොකා හිඟා කාලා රටේ මිනිස්සුන්ට තෙල් ගෑස් කිරිපිටි ගෙන්නලා දුන්නා.
  • ලංකාවට සාමාන්‍යයෙන් මාසෙකට ඩොලර් මිලියන 250 ක තෙල් ඇති නාන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

අභ්‍යන්තර කුමන්ත්‍රණවලින් කළත් අවසාන ප්‍රතිඵලය එකයි. ඔය කටුව කෑවට පස්සේ ජනතාවට ඒ ආණ්ඩුව නහුතෙට එපා වෙනවා. ඇමරිකාවෙන් ඩොලර් දීලා බුරියානි කවලා අරගල නොකළත්, ඊළඟ ඡන්දෙන් ආණ්ඩුව ගෙදර යවනවා.

අනෙක් පැත්තෙන් පහුගිය සුළි කුණාටු, වැසි, ගංවතුර, නායයෑම් වලින් ගෙවල් දොරවල් නැති වුණු මිනිස්සු බොහෝමයක් තාම කූඩාරම්වල. පස්වත් ඉවත් නොකළ ගම්මාන එමටයි. මළමිනී තාම පස් යට. තමන්ගේ පාක්ෂිකයන්ට විතරක් ගෙවල් හදලා ඒවා විවෘත කරන උත්සව පෙන්වන කොට අර මිනිස්සුන්ට ඌරු ජුවල් නගිනවා. අනුර කුමාර එක උත්සවයකට විතරක් කෝටි ගාණක් වියදම් කරලා කියලා ප්‍රවෘත්ති දැක්කම ආයෙත් මිනිස්සු අනුරට ඡන්දයක් දෙන්නේ නැහැ.

මේක අනුර දන්නවා. මේ තමයි අනුරගේ පළමු සහ අවසාන විධායක ජනාධිපතිකම. අනුර නැතිව මාලිමාවට කිසිසේත්ම ආණ්ඩුවක් ගන්න බැරි බවත් ජවිපෙ ලොක්කෝ දන්නවා. ඒක තමයි ඔය ලාල් කාන්තලගේ කටින් පිටවෙන්නේ “අපි ඡන්දෙට බය නැහැ, අපි වැඩ කරලා තියෙනවා” වගේ රට බයිලා. ඒවා වැඩිපුර කියවන තරමට එයින් කියන්නේ ඔවුන්ගේ යටි හිත දන්නවා ඊළඟට වෙන දේ.

අනුර මේක ඉතාම සීරියස්ලි ගන්න ඕන තත්ත්වයක්. මම දැක්කා ආණ්ඩුවේ කවුද බූරුවෙක් කියනවා “බූලිවලට තෙල් ගහගන්න මිනිස්සුන්ව පොලීසියට අල්ලලා දෙනවා” කියලා. ඒවා අමු ගොන් කථා. අනුර වහාම ඔය මොළේ කචල් වාචාලයන්ගේ කටවල් වැහුවේ නැත්නම් ලංකාවේ ඉන්න නූගත් මෝඩ තිරිසන් මිනීමරු වැසියන් අතින් ජේවීපී දේශපාලන මණ්ඩලයම මැරුම්කන්න ඉඩ තියෙනවා.

තෙල් පෝලිම් හැදුනට පස්සේ කරන්න දෙයක් නැහැ. ආණ්ඩුවක දක්ෂතාවය තමයි පෝලිම් එකක්වත් නොහදා තියා ගන්න එක. ගෝඨාභය සහ පොහොට්ටු ආණ්ඩුව එතැනදී අසාර්ථක වුණා. ඒ අභ්‍යන්තර කුලල් කාගැනීම් සහ මෝඩ අහංකාරකම් නිසා.

නමුත් ගෝඨාභය ඊට පස්සේ හරි නිවැරදි දෙය කළා. මිනිස්සු කොච්චර තෙල් ගහගත්තත් ඒ ගහන තරමට ඔහු තෙල් ආනයනය කළා. හිඟා නොකා හිඟා කාලා රටේ මිනිස්සුන්ට තෙල් ගෑස් කිරිපිටි ගෙන්නලා දුන්නා. ලංකාවට සාමාන්‍යයෙන් මාසෙකට ඩොලර් මිලියන 250 ක තෙල් ඇති නාන්න. ගෝඨාභය ඒ කාලේ මාසෙකට ඩොලර් මිලියන 650 ක තෙල් ගෙනාවා!!!

එහෙම නොකළා නම් සති දෙකක් යනකොට ෂෙඩ්වල තෙල් කඳුලක් නැති වෙනවා. එහෙම වුණා නම් මුළු රටම නවතිනවා. අවජාතක කාලකන්නි හැත්තට උන්ගේ ගෙවල් ඇතුළේ හංගගන්නයි, ඒ අතරේ රට දුවන්නයි දෙකටම ගෝඨාභය තෙල් ගෙනාවා.

දැන් අනුරත් ප්‍රමාද වැඩියි. මැදපෙරදිග යුද්ධය හැරෙන විදිහට ලංකාවේ තෙල් මිලත් වැඩි වෙයි. තෙල් හිඟත් වෙයි. කරන්ට් කපන්න වෙයි. රජයේ නිලධාරීන් ජලාශ ටිකේ වතුර අරිනවද කියලා ඇහැ ගහගෙන ඉන්න. ගෝඨාභයට උන් කළේ එහෙමයි. මිනිස්සුන්ට පැනික් වෙන්න එපා කිව්වට වැඩක් නැහැ. ලංකාවේ ඉන්නේ මාලිමාව වගේ බූරු රැළකට ආණ්ඩුවක් දීපු ගොන් බානක්. උන්ට ඔය තර්ක තේරුම් ගන්න තරම් කපාල ධාරිතාවයක් නැහැ. අඩු කුලේ වසලයෝ.

අනුර මේක අතට අරගෙන ඉතාම ඉවසීමෙන් මේ පෝලිම් යුගය පහු කරගන්න ඕනා. පුළුවන් තරම් තෙල් ගෙනල්ලා දෙන්න ඕනා. අමන හැත්තට ගෙදර වතුර ටැංකියේ පුරවාගෙන නාන්න හරි තෙල් ගෙනල්ලා දෙන්න ඕනා. එච්චරයි දැන් කරන්න පුළුවන්. අනුර කොහොමත් ගෙදර යනවා. පණ කෙන්ද බේරාගෙන ගෙදර යන එක තමයි දැන් කරන්න තියෙන්නේ. ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(සටහන |එරන්ද ගිනිගේ)
eranda.ginige@gmail.com
කර්තෘ - අවතරණය
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

(උපුටා ගැනීම : ගිනිහුළ)
2026 මාර්තු 1

සබැඳි ලිපියක් :

තෙල් තිබ්බත් නැතත් පෝලිම් සොමිය කියන්නෙ වෙනම එකක් | Chinthana Dharmadasa

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...