The Leader News
BREAKING
Top Ad
Opinion

ඩිජිටල් ඔල්වරසන් දෙන්න. පපුවට ගසාගන්න. ගොන් වැඩ නොකරන්න | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

March 2, 2026 • 9:11 AM

ඩිජිටල් ඔල්වරසන් දෙන්න. පපුවට ගසාගන්න. ගොන් වැඩ නොකරන්න | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද - ඉරාන යුද්ධය වැනි කාරණාවලදී ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට හෝ පක්ෂපාතීත්වයක් සඳහා ශ්‍රී ලංකාව ද එහි පුරවැසියන් ද පොඩි වැඩි බව මගේ අදහසයි.
  • ලංකාවේ අන්තවාදී මනස් ඇති බොහෝ නායකයන්ට තම දෙබිඩි ජීවිතයේ පාරිභෝජනවාදී අභිලාෂයන් වෙනුවෙන් ඇමරිකන් වීසා ඉතා වැදගත් නිසා, නායකයන් පාලනය කරගන්නේ නම්, මොබ් කලහකාරීත්වයන් සිදුවන්නේ නැත.
  • අලුතෙන් ගොඩනැගෙමින් ඇති චීනය, ඉන්දියාව, ජපානය වැනි බල කේන්ද්‍රයන් වැඩි පරිස්සමකින් කටයුතු කරනු දැකිය හැකිය.
  • උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව ලෙස වර්තමානයේදී හැඳින්වෙන රාජ්‍යය සංවර්ධනය වීමේදී, සිංහල ජාතිකවාදය, බුද්ධාගම, ගොවිගම හා පිරිමි ආධිපත්‍යය මූලික වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙත්, ඕනෑ කෙනෙකුට ඕනෑ අදහසක් දැරිය හැකිය. ප්‍රතිචාර ද දැක්විය හැකිය. එහෙත්, පකිස්තානුවන් කළ පරිද්දෙන් ඇමරිකානු තානාපති සේවාවන්ට පහර දීම වැනි අන්තවාදී ක්‍රියාවලට මහජනයා පෙළඹවීමට අන්තවාදී වාමාංශික හා ආගමික කල්ලිවලට ඉඩ නොතැබීම රජයේ හා ආණ්ඩුවේ වගකීමකි.

ලංකාවේ අන්තවාදී මනස් ඇති බොහෝ නායකයන්ට තම දෙබිඩි ජීවිතයේ පාරිභෝජනවාදී අභිලාෂයන් වෙනුවෙන් ඇමරිකන් වීසා ඉතා වැදගත් නිසා, නායකයන් පාලනය කරගන්නේ නම්, මොබ් කලහකාරීත්වයන් සිදුවන්නේ නැත.

 

1560232916767

ලෝක දේශපාලනය තුළ එක පැත්තකින් බල මධ්‍යස්ථාන කීපයක් ගොඩනැගෙමින් තිබේ. එක්සත් ජනපදය, යුරෝපය, රුසියාව වැනි ගතානුගතික බල කේන්ද්‍ර තම බලය රැකගැනීමට ආක්‍රමණශීලී ප්‍රයත්න දරති. අලුතෙන් ගොඩනැගෙමින් ඇති චීනය, ඉන්දියාව, ජපානය වැනි බල කේන්ද්‍රයන් වැඩි පරිස්සමකින් කටයුතු කරනු දැකිය හැකිය.

ලෝක ඉතිහාසය තුළ බල කේන්ද්‍රයන් වෙනස් වීම අලුත් දෙයක් නොවේ. කලෙක ඒ සඳහා ආගම මූලික විය. පසු කලෙක ධනවාදය හා සමාජවාදය මූලික විය. කෙසේ වෙතත්, වර්තමානය වන විට වඩා වැදගත් වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් වෙළඳාම, නිදහස් සංචලනය, ගෝලීයකරණය වැනි සංකල්පයි.

GettyImages 1163546254 ed5621771f57455f86e384aa1f7745d1 808x454
සමාජයන් හා ප්‍රජාවන් සංවර්ධනය වන ස්වාභාවික රටා තිබේ. එම රටාවලට බලපාන ආගමික, දේශපාලනික කාරණා තිබේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව ලෙස වර්තමානයේදී හැඳින්වෙන රාජ්‍යය සංවර්ධනය වීමේදී, සිංහල ජාතිකවාදය, බුද්ධාගම, ගොවිගම හා පිරිමි ආධිපත්‍යය මූලික වී තිබේ. එම අධිපතිවාදයන්ට එදිරිව සුළුතර උද්දේශනයන් ද ශ්‍රී ලංකාව සමාජ දේශපාලනිකව සංවර්ධනය වීමේදී වැදගත් වේ.

ඇතැම් විට දෘෂ්ටිවාදී බලවේග මෙම ස්වාභාවික රටාවට බලපෑම් කරයි. ලෝකයේ නිර්මාණය වූ සෝවියට් ආකෘතියේ සමාජවාදය, චීන ධනවාදය, ඉස්ලාමීය විප්ලවවාදයන් ආදිය එවැනි ස්වාභාවික රටාවන්ට සිදුකරන ලද ආක්‍රමණික මැදිහත්වීම්ය. දැන් ඉතින් අරක නැද්ද, මේක නැද්ද යයි මගෙන් නොඅසන්න. ඒවා ද ඇත. උදාහරණයක් ලෙස, ක්‍රිස්තියානි ඉවැන්ජලිකවාදයන්, සියොන්වාදය, හින්දුත්වය ආදිය ද තිබේ. ඒවා තවමත් ස්වාභාවික රටාවලට ස්වාභාවික අන්දමින් බලපෑම් කිරීමේ සීමාව ඉක්මවා ගොස් නැත.

130811170336 sri lanka buddhist mob

 

ලංකාවේ සමාජ සංවර්ධනයේ ස්වාභාවික රටාවට සමාජවාදයේ සුවිසල් බලපෑමක් තිබේ. එම බලපෑම වැඩිපුරම එන්නේ සමසමාජ, කොමියුනිස්ට් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙතිනි. ජවිපෙ එයට එකතු කර ඇති මොබ් ප්‍රචණ්ඩත්වය ද ස්වාභාවික වෙමින් තිබෙනවා විය හැකිය. එය සිංහල-බෞද්ධ සම්ප්‍රදායන් සමග ගැටුමක් තිබෙනවා විය හැකිය. එහි පරිවර්තනයක් වෙමින් තිබෙනවා ද විය හැකිය.

මගේ අදහස නම්, ලොව ඕනෑම සමාජයක ස්වාභාවික සංවර්ධනයට ලෝක සමාජයේ සංවර්ධනය ද අදාළ වන බවයි. ලෝක සමාජ සංවර්ධනයට හා විශේෂයෙන්ම අධිපති බලවේගවල සමාජ සංවර්ධනයට සමාන්තර නොවන විප්ලවීය තත්වයන් සම්බන්ධයෙන් ගැටලු ඇති වේ. සමාජවාදී රාජ්‍යයන් හා ඉස්ලාමීය මූලධර්මවාදී රාජ්‍යයන් අර්බුදයට පත් වන්නේ මේ හේතුවෙනි. එවැනි විප්ලවීය රාජ්‍යයන් පිහිටුවීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, මානව හිමිකම්, නිදහස වැනි සටන් පාඨ ලෙලවා මහජනයා බලමුළුගැන්වූ බලවේගයන්ට ඒවාට ප්‍රතිවිරුද්ධව නටන්නට අයිතියක් ඇත්තේම නැත.  

 

211203102115 01 taliban food distribution 1106

මෙම කරුණු ලංකාවට අදාළ වන ආකාරය ගැන මගේ අදහස මෙසේය: ඉතිහාසයේ අවස්ථා දෙකකදී ප්‍රචණ්ඩ කැරැලි මගින් බලය ඇල්ලීමට උත්සාහ කළ ජවිපෙ බලයට පත්වීම ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරුන් බලයට පත්වීම හා යම් දුරකට සමාන වේ. එහෙත්, ලංකාව ඇෆ්ගනිස්තානය මෙන් නාස්ති වී ගිය රටක් නොවේ. එසේම, එය ලෝකයට තවමත් වැදගත්කමක් ඇති රටකි. විශේෂයෙන්ම ඉන්දියාවට ලංකාව වැදගත්ය. එහෙයින්, තලේබාන්වරුන් පිරිමින්ට ඇට නොකැඩෙන්නට ගැහැනුන්ට තඩි බාන්නට පුළුවන් වන ආකාරයට නීති සම්පාදනය කළාය කියා, ඇතැමුන්ට ඕනෑ වුණත්, ලංකාවේ ජවිපෙට විරුද්ධවාදීන්ට වට කර නෙළීම වැනි දේ කළ නොහැකිය. පැලවත්තේ උපදෙස් මත ගම් මට්ටමේ සියලු සංවිධානවල බලය ඇල්ලීමට දැරූ උත්සාහය අසාර්ථක වීම ජවිපෙට පාඩමක් ඉගෙන ගැනීමට අවස්ථාවකි.

jvp sri lanka

 

වාසනාවට ජවිපෙ නායකත්වය දෘෂ්ටිවාදීමය වශයෙන් එතරම් අන්තවාදීන් නොවේ. පක්ෂ උරුමයෙන් ලැබුණු මානසිකත්වයේ සහ වාම භාෂාව, සංස්කෘතිය, කලාව වැනි කාරණාවල බලපෑම ඇතත්, ඔවුහු දෘෂ්ටිවාදීන්ට වඩා තත්කාර්යවාදීන් හෙවත් ප්‍රැග්මැටිස්ට්ලා වෙති.

ලෝක දේශපාලනය තුළ, ලංකාවේ අප ඔල්වරසන් නැගුවත්, කම්පා වී පපුවට ගසාගත්තත්, කිසිදු බලපෑමක් ඇති නොවේ. ඔබ කැමති නම්, ඔල්වරසන් දෙන්න. කැමති නම් පපුවට ගසාගන්න. ගොන් වැඩ පමණක් නොකරන්න.

කවරයේ ඇති අවන්ත ආටිගලගේ දුර්වල කාටුනය තවත් වාමාංශික ඩිජිටල් පපුවට ගසාගැනීමකි.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...