දේශපාලන විචාරක කුසල් පෙරේරා පවසයි.
ශ්‍රී ලංකා මුහුදු තීරයට යාබද විශේෂ ආර්ථික කලාපයේදී ඉරාන නෞකාවකට එල්ල වූ ප්‍රහාරය මුල්කරගෙන මෙම ඉල්ලීම කළ හැකි බව ඔහු පැවසීය.
කුසල් පෙරේරා මෙම අදහස පළ කළේ Inside voice නාලිකාව සමඟ කළ සාකච්ඡාවකදීය.
රටක් හැටියට ශ්‍රී ලංකාව මෙම අවස්ථාවේ සිට ගත යුත්තේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සමග යැයි කුසල් පෙරේරා අවධාරණය කළේය.
ඇමෙරිකාව එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරය ප්‍රශ්න කරනු තබා ඒ ගැන ප්‍රකාශයක් කිරීමටවත් ශ්‍රී ලංකා රජය අසමත් වීමෙන් පෙනෙන්නේ රටක් හැටියට සිය ස්වාධිපත්‍ය අහිමි කරගැනීමක් යැයි ඔහු කීය.
පැහැදිලිවම ඇමරිකාව කළේ ත්‍රස්ත ක්‍රියාවක් යැයි කී හෙතෙම එය කෙලින් ප්‍රකාශ කිරීමට රජයට කොන්දක් තිබිය යුතු යැයි ද පැවසීය.
රට දේශපාලන අර්බුදයක ගිලී ඇතත් ලංකාවේ ජනමාධ්‍ය හා ජනතාව ඒ ගැන දැනුවත් නැතැයිද ඇමරිකා ඊශ්‍රායල ප්‍රහාරය සම්බන්ධයෙන් ලංකාවේ ජනමාධ්‍ය වාර්තාකරණයද පවතින්නේ කණගාටුදායක තැනක යැයි කුසල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.
(සටහන | ගිම්හාන් සිල්වා)




