බොරතෙල් ගෙන්වීමේ මිල ආවරණය කරලා දෙන අපේ ඉන්ධන මිල සූත්‍රය අනුවම ඉන්ධන මිල තීරණය කරනව ද?
නැත්නම් එහෙම නොකර, ජනතාවට සහනයක් දෙනව ද? කියන්නේ මෙහෙම අවස්ථාවක එන ප්‍රශ්න දෙකක්.
ගොඩක් අය මේ දෙකෙන් එකක් තෝරගන්න වෙනවා කිව්වත්, ඇත්ත කතාව නම් මේ දෙකම කරන්න පුලුවන් කියන එක.
කොහොමද කරන්නේ? ඒකට කරන්න දේවල් දෙකක් තියෙනවා.

1- දැනට අපි භාවිතා කරන ඉන්ධන මිල සූත්‍රය, ලෝක බොරතෙල් මිල ඉහළ යන වෙලාවට ඇත්තටම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිපුර ඛනිජ තෙල් සංස්ථාවට ආදායම හොයලා දෙනවා. ඒක නිවැරදි කළ යුතු වෙනවා.
2- ඉන්ධන මිල ඉහළ යනකොට රජයට ආර්ථිකයේ අනෙක් ක්ෂේත්‍රවලින් වැඩි බදු ආදායමක් ලැබෙනවා. ඒ ආදායම් සැළකිල්ලට ගත්තහම, ඉන්ධන මිල සූත්‍රය ඇතුලේ තියෙන බදු අඩුකරලා ජනතාවට සහනයක් දෙන්න පුලුවන්. එහෙම දෙන සහනයකින් රජයේ අයවැය ඉලක්කවලට බාධාවක් වෙන්නේ නැහැ.
මේ දෙකේ එකතුව ඉන්ධන මිල ඉහළ යාමක කම්පනය දරාගන්න පුලුවන්, සහනයක් දුන්නත් රජයේ අයවැය ඉලක්කවලට බාධාවක් නැතිව යන්න පුලුවන්, විසදුමක්.

මේ ගැන වැඩි විස්තර පර්යේෂණ වාර්තාවක් හරහා ඉදිරියේ දී, ප්‍රකාශයට පත්කිරීමට වෙරිටේ රිසර්ච් ආයතනය සැළසුම් කර තිබෙනවා.
මේ විසදුම ලංකාවට විතරක් නෙවෙයි. හදිසියේ සිදුවෙන ඉන්ධන මිලේ වෙනස්වීම් නිසා පොදුවේ කම්පනයට ලක්වෙන ලෝකයේ අනෙක් සියලුම රටවල්වලටත් වැදගත් වේවි.
(සටහන | ආචාර්ය නිශාන් ද මෙල්)
වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ
උපුටා ගැනීම - PublicFinance.LK ෆේස්බුක් පිටුවෙන්..




