The Leader News
BREAKING
Top Ad
Opinion

යුද්ධය මැද මහදේවිය සළු උනා දමයි! - ඉතිහාස කයිවාරුව ( වීඩියෝ )

T

The Leader Desk

March 14, 2026 • 4:37 AM

යුද්ධය මැද මහදේවිය සළු උනා දමයි! - ඉතිහාස කයිවාරුව ( වීඩියෝ )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතිහාස පොත් කියවද්දි ඒකෙ තියෙන වැදගත්ම අභ්‍යාසය වෙන්නෙ තමන් නිර්මාණය වුනු සංස්කෘතික අගතීන්ගෙන් මිදිලා අදාල කාලයේ සංස්කෘතිය සමග බද්ධ වෙන එක. මට ඉතිහාසය චමත්කාරජනක විෂයක් වෙන්නෙම ඒකයි.
  • අපිට ඉස්කෝල ඉතිහාසෙ උගන්නන්නෙ මේ කාලෙ සදාචාරය ඇතුලට ඒ කාලෙ කතන්දරේ දාලා.
  • සුජිත් අක්කරවත්ත කියන්නෙ මං දැකපු ලංකාවෙ ඒ පරිකල්පනය ඇති එකම මනුස්සයා.
  • සුජිත් එක්ක මේ ඉතිහාස කතා ඇතුලෙ ඇවිදින එක ජීවිත පරාසය පුළුල් කරන සක්මනක්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒක අපි නොදැනුවත්වම අපි ඇතුලෙ හැදිලා තියෙන පර්සෙප්ෂන් නැත්නම් දෘෂ්ටිමය සීමාවන් අභියෝග කරනවා. අපි රජකාලෙ ඉතිහාසෙට යද්දි ඒ කාලෙ වැදගත්ම කාරණය වුනු රජාගෙ සුකුරු ධාතුව කියන කාරණය මූලිකව බලන්න ඕන. බලය පිළිබඳ මූලිකම තැන තිබුනෙ එතන. දැන් අපිට ස්වභාවිකයි කියල පේන පවුල් ආකෘතිවලින් ගැලවිලා බලන්න ඕන. මොකද මේ පවුල් සදාචාරය ඒ කාලෙ තිබුනු එකක් නෙමෙයි. අපිට ඉස්කෝල ඉතිහාසෙ උගන්නන්නෙ මේ කාලෙ සදාචාරය ඇතුලට ඒ කාලෙ කතන්දරේ දාලා. ඒක විකෘතියක්.

සුජිත්ගෙ තියෙන සුවිශේෂම දක්ෂතාවය වෙන්නෙ මේ සංස්කෘතික අගතීන්ගෙන් ගැලවිලා අතීත ඉතිහාසය කණින්න පුළුවන් වීම. ඒ කැණීමට නූතන සදාචාරයේ මෙවලම් පාවිච්චි නොකිරීම. එහෙම නැතුව ඒ අතීතය සජීවමාන කරන්න ඕන වෙනවා දැවැන්ත පරිකල්පනයක්. සුජිත් අක්කරවත්ත කියන්නෙ මං දැකපු ලංකාවෙ ඒ පරිකල්පනය ඇති එකම මනුස්සයා. අනිත් අයට ඒ ඉතිහාස කියවීමට අවශ්‍ය ශෘංගාරය, ලාලසාව තිබුනෙ නෑ කියලයි මං හිතන්නෙ.


Mahawanshaya

අපේ සංස්කෘතිය කියන්නෙ අද කාලෙ සදාචාරවාදීන්ට හුස්ම හිරවෙන කලාපයක්. මහාවංශය කියන්නෙ ඒ කතා ඒ විදිහටම හංගලා තියෙන නිධන් වදුලක්. සුජිත් එක්ක මේ ඉතිහාස කතා ඇතුලෙ ඇවිදින එක ජීවිත පරාසය පුළුල් කරන සක්මනක්. විහාර මහා දේවිය කියන්නෙ කොහොම ගැහැණියක්ද? තමන්ගේ උත්පත්ති නාමය පවා අහිමි වූ දුටුගැමුනු කියන්නෙ කොහොම වීරයෙක්ද? ඒ අපි දහම් පාසැල් ඉතිහාසෙ ඇතුලෙ ඉගෙනගත්ත කතාව නම් නෙමෙයි. ඒක අපේ ලිබරල් මහත්තුරුන්ගේ පවා ඇස් උඩයන තරම් විකසිත ශෘංගාර රමනීය පරිච්ඡේදයක්.  


ඉතිහාස කයිවාරුවෙ දෙවෙනි කොටස පහලින් පෙරලන්න පූළුවන්.

(සටහන | Chinthana Dharmadasa)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුද්ධය මැද මහදේවිය සළු උනා දමයි! - ඉතිහාස කයිවාරුව ( වීඩියෝ ) | The Leader