ඕකුන්ට ඔහොමමයි කරන්න ඕනා. ඕකුන් තරම් ගුණමකු අධම හැත්තක් තවත් නැහැ. හෙට අනිද්දට තවත් වැඩි කරන්න ඕනා. කරන්ට් කපන්න කලින් විදුලි බිලත් තව වැඩි කරන්න ඕනා. ඔය සාහසික හැත්තට කිසිම අනුකම්පාවක් දක්වන්න නරකයි.
ඔය යුද්දෙට වැඩිය සිය ගුණයක් දරුණු කොරෝනා වසංගතයෙන් ඕකුන්ගේ කාලකන්නි ජීවිත බේරගන්න රට වහලා, වූහාන්වලට ප්ලේන් යවලා ලංකාවට ගෙන්වලා, කොරන්ටීන් කරලා, ගෙදරට කෑම බඩු මලු යවලා, රජයේ පාහර සේවකයන්ට ගෙදර ඉන්දැද්දි පඩි ගෙවලා, සන්තකේ තිබුණු ඩොලර් ටිකෙන් ලෝකයේ හොඳම එන්නත් ගෙන්නලා, දෙපාර තුන්පාර විදලා ඔක්කොම කළාට පස්සේ ඕකුන් තෙල් විදුලිය නැහැ කියලා ගෝඨාභයව මරන්න ගෝල්ෆේස් ආවා. වල් හැත්ත. වනචර හැත්ත. ඕකුන්ට ඔහොමමයි කරන්න ඕනා.

නියමයි අනුර!
ඕකුන්ට තව විඳවන්න කරන්න ඕනා. ඕකුන් සත පහකට විශ්වාස කරන්න බැරි අධම ජාතියක්. බුරියානි ටිකක් කන්න දුන්නම ඩොලර් ටිකක් අකවුන්ට එකට දැම්මම තමන්ගේ අම්මව විකුණන නරුම හැත්තක්. ඕකුන් කොහොමත් උඹවත් ගෙදර යවනවා, අනුර. ඒ නිසා ඕකුන්ට දැන්මම දෙන්න ඕනා සබුක්කුව අවුරුදු ගාණකට හික් ගෑවෙන්න.
අනික ඕකුන් උපන් ගෙයි මෝඩ හැත්තක්. උඹ කට උල් කරලා රාජපක්ෂලා උගන්ඩාවට ඩොලර් ගෙනිච්චා කිව්වම ඒක විශ්වාස කරපු නූගත් අමන මැටි මෝඩ තකතීරු ගොන් බානක්. ඕකුන්ට සත්‍යය තේරුම් ගන්න බැහැ. ඕකුන්ට තේරෙන්නේ ඔය කෝටු පාර තමයි. දෙන්න තියෙන්නේ ඕකුන් ඒ කාලේ එකතු කරපු තෙල් නහයෙන් කටින් එන්න. නියමයි අනුර!

විශේෂයෙන්ම ඔය හැඳි මිටේ ගෑණු ටිකට තවත් බඩු මිල වැඩි කරන්න ඕනා. ඕකුන්ට මතක නැහැ උන් හිටිය හැටි. කොටියා ඇවිල්ලා බෝම්බ ගහලා ඕකුන්ගේ අම්මලා අප්පලා අයියලා මල්ලිලා අක්කලා නංගිලා කුඩේ කුඩු කරලා කෑලි අහුල අහුල හිටපු අවුරුදු 30 ක යුද්ධය ඔය ගුණමකු ගෑණුන්ට මතක නැහැ. ඒ කාලකන්නි යුද්ධය අවසන් කරලා ඕකුන්ට තෙල් ගහගෙන විසේට නාඩගම් නටන්න රටක් හදපු මහින්දට හෙන ඉල්ලුවා ඔය අශිෂ්ට හැත්ත. ඕකුන්ට ඔහොමමයි කරන්න ඕනා.
මහින්ද හදපු පාරේ ට්‍රිප් යන ගමන් ඕකුන් මහින්දට සාප කළා මැරියන් කියලා. ඔය ගුණමකු මුල අමතක පාහරයන්ට කවදාවත් ඔළුව උස්සන්න දෙන්න නරකයි. ඕකුන් ගහන තෙල් ලීටරේ ඉඳලා ඕකුන්ගේ දෙපත් දිවට ගන්න හාල් ඇටයක් ගානේ බදු පිට බදු ගහලා ඕකුන්ව පාගලාම දාන්න ඕනා.
නියමයි අනුර! උඹ තමයි දෛවයේ දඬුවම් යක්ෂයා. උඹ මරු මචං. රාජපක්ෂලාට දඬුවම් කරනවා කියලා ඇවිල්ලා රටේ ගුණමකු හැත්තට දෙනවා දඬුවමක් උන් බීපු ගොන් කිරි මතක් වෙන්න. නියමයි!
ඒ ඔක්කෝටම වැඩිය මරු දේ තමයි අනුර, උඹ එහෙම කරලා AC දාගෙන ලයිට් කෝටියක් දාගෙන ආතල් එකේ ලයිව් ඇවිල්ලා විදුලිය නාස්ති කරන්න එපා කියලා බූරු හැත්තට ටෝක් දෙන එක. ඊට පස්සේ උඹේ සට්ටැඹි ටික තෙල් මිල වැඩි කරපු එක හොඳයි කිය කිය 68 ලක්සෙට දෙන කණේ පාර මරේ මරු! ගුණමකු හැත්තට ඌරු ජුවල් යනවා. උන්ගේ හිතේ තුවලේ හොඳ නොකර පාරන විදිහ නියමයි අනුර! දිස් ඉස් පොලිටික්ස් ඇට් ඉට්ස් බෙස්ට්!
(සටහන |එරන්ද ගිනිගේ)
eranda.ginige@gmail.com
කර්තෘ - අවතරණය
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
(උපුටා ගැනීම : ගිනිහුළ)
2026 මාර්තු 23





