The Leader News
BREAKING
Top Ad
Opinion

සෙක්ස්වලින් පුළුවන් දේශපාලනේ ගැන කියන්න (වීඩියෝවක්)

T

The Leader Desk

March 25, 2026 • 8:56 AM

සෙක්ස්වලින් පුළුවන් දේශපාලනේ ගැන කියන්න (වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලනේදි අපි හිතන්නෙම අපිට විරුද්ධ අදහසක් කියන මිනිහා වැරදියි කියල.
  • මං රනිල්ට කැමති රනිගෙයි මගෙයි දේශපාලනය සමාන හින්ද නෙමෙයි.
  • ඒ ලිබරල්බව මංගලගෙ ඇසුර ඇතුලෙ මං දැක්කා.
  • ඒක ජීවිත චර්යාවක් ඇතුලෙ පුහුණු වෙන දෙයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

අපිට කොහොමවත් බැරි වෙනවා ඒ මිනිහගෙ සපත්තුවට බැහැලා බලන්න. දේශපාලනය කියන්නෙම එහෙම බෙදුම් ඉරි ලකුණු කිරීමක්. මට හි‍තෙන්නෙ දේශපාලනය කිරීමෙන් ලබන්න පුළුවන් ලොකුම අභ්‍යාසය වෙන්නෙත් ඒක. අපේ මතයට විරුද්ධ මතයක් දරන්නා නිවැරදි විය නොහැකිද?

අපි අමතක කරන දෙයක් තමයි දේශපාලනය කියන්නෙ විෂයක් කියන එක. ඒක විශ්ව විද්‍යාලෙන් ඉගෙන ගන්න පුළුවන් විෂයක් නෙමෙයි. යම් පරිචයක් අවශ්‍ය විෂයක්. විශ්ව විද්‍යාවෙ දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තට ආන්ඩුවක් කරන්න පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ.

මේ ආන්ඩුව ආවට පස්සෙ තමයි මං තේරුම් ගත්තෙ රාජ්‍ය සේවයෙ පසුගාමීත්වය වුනත් කොයිතරම් වැදගත්ද කියල. ඒක හැදිලා තියෙන්නෙම පිස්සෙක් වුනත් ආන්ඩු බලය ගත්තට ලොකු හානියක් සිද්ද නොවෙන්න. තිරිංගයක් වගේ. සාර්ථක පාලකයෙකුට ඒක වාතයක් වුනාට නොදැනුවත් පාලකයෙකුගෙන් විය හැකි හානිය අවම වෙනවා.

චාමර සම්පත් කවදාවත් තමන් නොදන්න දෙයක් දන්නවා කියල හිතන්නෙ නෑ. එහෙම හිතලා නාගන්නෙ නෑ. ඒක හින්ද මිනිහා ඥාණවන්තයෙක්. නොදන්න දේ තමන් දන්නවා කියල හිතන එකේ තමයි ප්‍රශ්න එන්නෙ.

මං රනිල්ට කැමති රනිගෙයි මගෙයි දේශපාලනය සමාන හින්ද නෙමෙයි. රනිල් සුළුතරයේ මනුස්සයෙක් නිසා. බහුතරයේ කෙනෙක් නොවෙන නිසා. ජනතාව විසින් දක්කගෙන යන නායකයෙක් නෙමෙයි. එයාට ජනතාව එක්ක දුරක් තියෙනවා.

මංගලගෙ මං කැමති නිදහසට. ඒ ලිබරල්බව මංගලගෙ ඇසුර ඇතුලෙ මං දැක්කා. එතකොට තමයි මං ඉගෙන ගත්තෙ ලිබරල් කියන දේ පොතෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල. ඒක ජීවිත චර්යාවක් ඇතුලෙ පුහුණු වෙන දෙයක්. මංගල කියන්නෙ ලංකාවෙ බිහිවුන ක්‍රියේටිව්ම පොලිටීෂන්. එයා පොලිටිකල් ආර්ටිස්ට් කෙනෙක්.

මේ පරම්පරාව ඉවර වෙනවා. තව එක්කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. ඒ තමයි චම්පික රණවක. ඉතාම සුවිශේෂී නායකයෙක්. තමන් කතා කරන විෂයක් ගැන පරතෙරටම දැනුමක් ඇති කෙනෙක්.

(චින්තන ධර්මදාස මේ අදහස් පැවසුවේ ගැමුණු වන්නිනායක සමග කළ මතක පද වැඩසටහනේදීයි. ඒ වැඩසටහන පහතින් නැරඹිය හැකියි)

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...