ලංකවේ ශිෂ්ට කියලා දෙයක් තව දුරටත් නැහැ. දැන් ලංකාව කියන්නේ අශිෂ්ටයන්ගේ පාරාදීසයක්.
ලංකාව දැන් පාලනය කරන්නේ මේ රටේ ඉතිහාසයේ හිටිය අශිෂ්ට ම පාපතරයන් ටික. ජේවීපී කියන්නේ කිරි දෙමින් හිටිය මව්වරුන්ගේ පියයුරු කපලා මරපු හැත්තක්.
එහෙව් මිනීමරුවන්ට කතිරය ගහපු ලක්ෂ 68 ක් අශිෂ්ටයන් ඉන්න රටක උඹලා කියවන ශිෂ්ටත්වය මොකක්ද අයිසේ! විහිළු නොකර හිටපල්ලා.
ශිෂ්ටත්වය කියන්නේ සමාජ ගිවිසුමක්. නැතුව ශිෂ්ටත්වය කියලා එහිම වූ අර්ථයක් නැහැ. අනෙකාව නොමරා සිටීම ශිෂ්ට වෙන්නේ ඒක සමාජය විසින් පිළිගන්නා තුරු පමණයි.
ලංකාවේ සමාජය නූගත් මෝඩ මිනීමරු මාලිමාවට මනාපය දුන්න දවසේ ඉඳලා ඒ සමාජ එකඟතාවය ඉවරයි.
“ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය." කියලා මිනීමරු නිර්මාල් දේවසිරි, අරගලයේ න්‍යායාචාරියා පැහැදිලිව කිව්වේ ඒකයි.
ව්‍යවස්ථාව තමයි මානව ශිෂ්ටත්වය. ඒක උල්ලංඝනය කළාට පස්සේ තවත් මොන ශිෂ්ටත්වයක් ද??? එහෙම එකක් දැන් ලංකාවේ නැහැ. නැවත හැදෙන්නේත් නැහැ.
අනෙකාට බොරු කියලා වංචා කරන්නේ නැහැ කියන්නේ පොදු එකඟතාවයක්. නමුත් ලංකාවේ ජනාධිපති හැටියට උඹලා පත් කරගත්තේ මේ රටේ ඉපදුන ලොකුම පචයා. කට ඇරියෝත් ඌ කියන්නේ බොරුවක්.
බොරු විතරක් නොවෙයි. අනුර කුමාර තමයි අනුන්ට වැඩිපුරම අපහාස කළේ. නින්දා කළේ. අසභ්‍ය කථා ගෙතුවේ. අසත්‍ය චෝදනා කළේ. ඉතින් එහෙව් මිනිහට රටේ පාලනය බාර දුන්න මන්ද මෝල් වල්බූරු සමාජයක ශිෂ්ටත්වය හොයන්න උඹලට පිස්සු ද ඕයි!
ඇස් ඇරලා බලාපල්ලා. ලංකා සමාජය අශිෂ්ටයන්ගේ රජ දහනක්. ඕකේ ඉන්න බුද්ධිමතුන් කියන උන් දිහා බලාපල්ලා. උන් ශිෂ්ටද? උන් තමයි අශිෂ්ට ම වැඩ කරන්නේ. විශ්ව විද්‍යාල ඇතුළේ දෙන නවක වධ දිහා බලාපල්ලා. පාසල්වල ගුරුවරුන් දිහා බලාපල්ලා. කොහෙද උඹලා කියන ශිෂ්ටත්වය තියෙන්නේ? එක තැනක් පෙන්නපල්ලා පුළුවන් නම්.
පන්සල, පල්ලිය, කෝවිල මේ කිසිම තැනක ශිෂ්ටත්වයක් තියෙනවද දැන්? නැහැ. බලාපල්ලා දැන් හාමුදුරුවෝ කියන කථා… පූජකයන් කියන කථා… ලංකා සමාජය තවදුරටත් ශිෂ්ට සම්පන්න නැහැ. අශිෂ්ටයි. ඒ නිසා නැති ශිෂ්ටකම් ගැන කියවන්න එපා.
ඩිල්කාට මේ යථාර්ථය තේරුම් ගන්න බැරි නම් දේශපාලනය නොකර ඉන්න.
ප්‍රේමකීර්ති අල්විස්ව මරලා, ඒ මනුස්සයාගේ මෝඩ බිරිඳව රවට්ටලා තමන්ගේ ඡන්ද කැම්පේන් එකට අපහරණය කරපු උන් පාලනය කරන රටක් මේක…
සාගරිකා ගෝමස්ව දූෂණය කරලා මරලා, ගැහැණු අපි එක මිටට කියලා කැම්පේන් කරලා දිනපු රටක් මේක…
ලංකාවේ ශිෂ්ටත්වය ඉවරයි. දැන් තියෙන්නේ කැලෑ නීතිය. යථාර්ථය පිළිගනු. අශිෂ්ට සමාජයක ශිෂ්ටත්වය සෙවීම වැනි මෝඩ වැඩ නොකරනු. දිස් ඉස් පොලිටික්ස්.(සටහන |එරන්ද ගිනිගේ)
eranda.ginige@gmail.com
කර්තෘ - අවතරණය
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
(උපුටා ගැනීම : ගිනිහුළ)
2026 මාර්තු 29




