The Leader News
BREAKING
Top Ad
Opinion

අධිපති මතවාදය..! ලෝක ජනතාවට බොර තෙල්.! ලංකාවට ඇදිහැස බිස්කට්.!! ඇමරිකානු සෙබළුන්ට, තිරසාර සාමය.!!!

T

The Leader Desk

April 5, 2026 • 8:39 AM

අධිපති මතවාදය..!  ලෝක ජනතාවට බොර තෙල්.! ලංකාවට ඇදිහැස බිස්කට්.!! ඇමරිකානු සෙබළුන්ට, තිරසාර සාමය.!!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැල්ලද්දර ඉස්කෝලෙදිත්, තංගලු ප්‍රයිමරියෙදිත් අපි ඉන්ටවල් එකේදි කෑවෙ, ඇමරිකන් ආධාර යටතේ දුන්නු ඍජුකෝණාශ්‍ර ඇදිහැස බිස්කට්.
  •   ඒ උත්තරාරෝපිත, ඕපපාතික ධනපති පංතියේ පුතා ලා, එංගලන්තයේ ගිහින් නන් රෙලවන්ට් සබ්ජෙක්ට්ස් ඉගෙන ගෙන ඇවිත් – 1948 දී බ්‍රිතාන්‍ය ධනපති පංතියේ සෙවනින් මිදිල, රට කළේ අවුරුදු පහයි.
  • ට්‍රෙශරි එකේ තිබ්බ, අතිරික්ත රන් පවුම් සංචිතයත් ඉවර කරලා – 1953 බජට් එක බැලන්ස් කරගන්න බැරිව, හර්තාලටත් පාර කපල – පාරකට තොටකට බැහැගන්න බැරිව, අන්තිමට කැබිනට් එක රැස් වුනේ කොළඹ වරායෙ ඈතට වෙන්න නවත්තලා තිබුණු නැවක.
  • ජාතියේ පියා සහ පුතා Dudley Senanayake(1911-1973) ජාතියේ පියා ඩී.එස්.
අකුරු ප්‍රමාණය (Font Size):

පහක් දෙනව. තාමත් සුවඳ දැනෙනවා. අද වෙනකන් ඒ තරම් ප්‍රණීත බිස්කට් වර්ගයක් මට නැවත කන්න ලැබිලා නෑ.

481447562 669185438777141 8976313497712902498 nනාසා එකේ වැඩකරපු තාරක, එක වතාවක් ලංකාවට එන්න කළින් මට කතා කරල ඇහැව්ව,  එනකොට, එහෙන් ගේන්න ඕන මොනවත් තියෙනවද කියලා. මං ඉල්ලුවෙ ඇදිහැස බිස්කට්. නමුත් තාරක ගෙනාවෙ, ජැක් ඩැනියෙල් එකක්.

අලුත් අධිපති පංතිය..

අපි ඇවිල්ල කෑමට උපන් ජාතියක්. ණයට කන්න දෙනවනං බොහොම කැමතියි. නිකං දෙනවනං ඊටත් වඩා කැමතියි. මැදපෙරදිග වහල් කම් කරන ගම්බද ගැහැණුන් ලංකාවට එවන විදෙස් සංචිත වලින්, ආනයනය කළ විනෝදකාමී ආහාර වර්ග භුක්ති විඳින අපේ ලජ්ජා නහර කැපුවෙ,  විල්බාවෙ ගේ නඩුවත් අහල ඉවරවුනාට පස්සෙ, 1833 කෝල්බෲක්-කැමෲන් කොමිෂන් සභාවේ නිර්දේශ යටතේ ස්ථාපිත කරපු ලංකාවේ අළුත්  අධිපති පංතිය විසින්.

රෝහණ සහෝදරයා කිව්වෙ, ඒ අධිපති පංතිය, උත්තරාරෝපිත ධනපති පංතියක් කියළා. ඒ සහෝදරයා ගේ අදහස අසම්පූර්ණ යි. ඒ අධිපති පංතිය උත්තරාරෝපිත විතරක් නෙවෙයි. ඕපපාතික යි. ප්‍රභූ අතීතයක් නෑ. නෝංජල්. ප්‍රභූ අතීතය හදන්න නම්, නෙක විධ විසිතුරු කතා ගොතන්න ඕන.

 

dharman16081603
ඒ උත්තරාරෝපිත, ඕපපාතික ධනපති පංතියේ පුතා ලා, එංගලන්තයේ ගිහින් නන් රෙලවන්ට් සබ්ජෙක්ට්ස් ඉගෙන ගෙන ඇවිත් – 1948 දී බ්‍රිතාන්‍ය ධනපති පංතියේ සෙවනින් මිදිල, රට කළේ අවුරුදු පහයි. ට්‍රෙශරි එකේ තිබ්බ, අතිරික්ත රන් පවුම් සංචිතයත් ඉවර කරලා – 1953 බජට් එක බැලන්ස් කරගන්න බැරිව, හර්තාලටත් පාර කපල – පාරකට තොටකට බැහැගන්න බැරිව, අන්තිමට කැබිනට් එක රැස් වුනේ කොළඹ වරායෙ ඈතට වෙන්න නවත්තලා තිබුණු නැවක.

ජාතියේ පියා සහ පුතා

img635 2008Dudley Senanayake(1911-1973)
ජාතියේ පියා ඩී.එස්. එයාගේ පුතා ඩඩ්ලි එතකොට අගමැති. බඩේ අමාරුව කියලා ඉල්ලා අස්වුනා. ඇත්තට ම ගැස්ට්‍රයිටිස් වැඩිවෙලා. අප්ප, පුතා දෙන්නම කොමර්ෂල් ක්‍රොප්ස් හා නන් කොමර්ෂල් ක්‍රොප්ස් වෙන් කොට හඳුනාගන්න බැරි ඇග්‍රිකල්චර් මිනිස්ටර් ලා. ඒ කාලෙ අපේ ඉකොනොමි එක හැන්ඩ්ල් කල අය අතුරින් කී පර්සන් ලා. අපේ බුඩිස්ට් කල්චර් එකට අනුව, මේ ගොල්ල හරි හොඳ මිනිස්සු. ඒත් ඒක තමා එයාලගෙ කැපෑසිටි එක. මේ බුඩිස්ට් කල්චර් එකේ බලපෑම, අපේ ඉස්ලාමීය, ක්‍රිස්තියානි හා ඇන්ග්ලිකන් සෙට් එකටත් තියෙනව. කොච්චර වුනත් එයා හොඳ මිනිහ කියල අන්තිමට කියනව.

ඇත්තම කිව්වොත් ආර්ථිකය හැන්ඩ්ල් කරන්නෙ, ඕනෑම ජනසමාජයක අධිපති පංතිය මිස පුද්ගලයින් කීප දෙනෙක් නෙවෙයි. වැඩකරන පංතියත් නෙවෙයි. ඉකොනොමි එක විතරක් නෙවෙයි, සියළුම සමාජ අර්ථක්‍රම මෙහෙයුම් යාන්ත්‍රණ මෙහෙයවන්නෙ රූලිං රෙජිම් එක. ඒ කිව්වෙ – රජය, නීතිය, ආර්ථික මොඩලය, අධ්‍යාපනය, සංස්කෘතිය, ආගමික සංස්ථාව, කලාව ඇතුළුව මේ ඔපරේෂනල් මිකෑනිසම්ස් ඔක්කොම.

අපි හිතනව ආණ්ඩුව පත් කරන්නෙ අපි කියල. එහෙම වුනා නං මේ වෙලාවෙ ලංකාවේ ජනාධිපති පුටුවෙ ඉන්නෙ ප්‍රේමෙගේ පුතා. ජනතා විමුක්ති පෙරමුනේ අන්රයියා නෙවෙයි. ඒනං දැං කෝමද රටේ තත්වය. සබ්මැරීන් කාල පන යනව. පංති සටන ගැන මෙච්චර කියන්නෙ ඒකයි. නිකමට හිතන්න, රනිල් බ්ලොක් වෝට්ස් මිලියන් 2.2 කැඩුවෙ නැත්තං මොකද වෙන්නෙ කියළා. රනිල් කිව්වෙ නැවතත් පුද්ගලයෙකුගේ අභිලාෂයක් ගැන නෙවෙයි. ජූලි අක්කියි, මෝදි අංකලුයි, ට්‍රම්ප් බ්‍රෝ යි, ලංකාවේ අධිපති පංතියේ සවුන්ඩ් නියෝජිතයෝ යි කියන මේ ඔක්කොගේම ගෝලීය අභිලාෂයටයි. හැබැයි එයාල  දැනට පරාදයි.

ඩොමීනියන් ලංකාවේ..

President Mr.anura
එයාලට රනිල් ගේන්න බැරිවුනා. ඒ වෙනුවට ඩොමීනියන් ලංකාවේ විරුද්ධ පක්ෂය වෙනුවෙන් සෑහෙන වියදමක් දරා ගෙන හදපු – යටහත්  පහත් මිත්‍රශීලී නායකය – ජනාධිපති කරන්න වුනා. අපේ ලව්ලි මර්ෂි කොටා. ඉස්සර ගුණ්ඩ ගේ ගෝලයා. ලෙනින් ඇවිල්ල බහුශ්‍රැත ෆිලොසෆිකල් කොටා. නැපෝලියන් ඇවිල්ල ග්‍රේට් වෝරියර් කොටා. කොට මොඩල් – ලඟ පිකප්. මේ ඔප්ෂන් එක, අධිපති පංතියට එරෙහිව තවදුරටත් මැනිපියුලේට් කරන ස්මාර්ට් ම විදිහ හොයන  එක තමයි දැං වැඩේ.

රටක ජනතාව ගේ චින්තනය හැඩ ගස්සන්නේ, ඒ ජනසමාජයේ අධිපති පංතිය විසින්. සාමාන්‍ය ව්‍යවහාරයේ දී කිසියම් රටක ජනතාවගේ චින්තනය කියන්නෙම එරට අධිපති පංතියේ චින්තනයම තමයි. අපි ඉතා කුඩා චිත්‍රය මිස, විශාල චිත්‍රය නොදකින්නේත්, අපිට ඉතා කුඩා දේශපාලඥයින්, විද්‍යාර්ථීන්, ජන නායකයින් ආදී අය විශාල වී පේන්නෙත් ඒ නිසායි. අපි ඔක්කොටම කළින් වෙනස් කරගන්න ඕන, මේ නෝංජල් – සෙල්ෆ් චූන් – මයික්‍රො මැටර් ෆෝකසිං, බලය දුටු කල වහා ඔකඳ වී, ඉක්බිති යටත් වී වැතිරෙන, අනුරාගී ගොබ්බ චින්තනය යි.


Screenshot 20250812 204813 Facebook(සටහන | නිශාන්ත ජයසූරියාරච්චි)

උපුටා ගැනීම - lankapowernews.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...