මටත් කතා කරලා කිව්වා 'මචං සර්පයාට එහෙම බනින එක නරකයි' කියල.
මට නං එහෙම හිතෙන්නෙ නෑ. ෂුවර් එකටම සර්පයාට එහෙම හිතෙන්නෙත් නෑ. සෝෂල් මීඩියා කියන්නෙ මිනිස්සු එකිනෙකාට බනින අපහාස කරන මාධ්‍යයක් තමයි. දන්න නොදන්න ඕනම කෙනෙකුට ඕනම දෙයක් කියන්න පුළුවන් එක තමයි සෝෂල් මීඩියාවල විදිහ.
සර්පයාට මේ කියන කතා ඇහුවම මට හිතුනෙ ඌ අලුත් සමාජ කන්ඩායමක් ඇතුලට ගිහින් තියෙනවා කියන එක. සර්පයාව දන්න, ඌ කරපු වැඩ දන්න පිරිස අතරින් ඌව නොදන්න පිරිසකට උගේ කතා ඇහිලා තියෙනවා. ඒ කතාවලින් ඒ පිරිස කැළඹිලා තියෙනවා. ඒක හොඳ දෙයක්. එහෙම තමයි අදහස් පැතිරෙන්නෙ.
අපේ අදහස් අරන් යන්නෙ අපේ හොඳ කියන මිනිස්සුන්ට වඩා අපේ දොස් කියන මිනිස්සු. අදහසකට වැදගත් වෙන්නෙ ඒකට කැමති පිරිසට වඩා අකමැති පිරිස. ඒ අයගෙන් තමයි තවත් නොදන්නා පිරිසකට ඒ අදහස් ඇතුල්වෙන්නෙ. එතනදි අපහාස අවලාද වේදනා චෝදනා නැගීම ස්වභාවිකයි. ඒවා දිහා හිනා වෙවී බලන් ඉන්න එක ආස්වාදනීයයි.
මාර්ටින් වික්‍රමසිංහව දන්නෙ නැති අය මාර්ටින්ට බනිනවා. කේ කේ සමන් කුමාර දන්නෙ නැති අය සමන්ට බනිනවා. දැනීමට වඩා නොදැනීම බැනීමට හේතුවක් වෙනවා. එහෙම තමයි හැටි.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




