The Leader News
BREAKING
Top Ad
Opinion

අධිකරණ සේවා කොමිසමත් නීතිය නවනව නම්? | සංදේශය වීඩියෝවක්

T

The Leader Desk

May 13, 2026 • 4:08 PM

අධිකරණ සේවා කොමිසමත් නීතිය නවනව නම්? | සංදේශය වීඩියෝවක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * සති ගණනක් මුලුල්ලේ අධිකරණ සේවා කොමිසමේ පුරප්පාඩුව පුරවා නෑ
  • වැඩ තහනම් කළ අයෙකු සම්බන්ධයෙන් මාස හයක් යනතුරු විනය ක්‍රියාමාර්ග ගෙන නැත්නම් ඔහුට/ඇයට වැටුප් ගෙවිය යුතු බවට ආයතන සංග්‍රහය පවසන නමුත් මහියංගන අතිරේක දිසා විනිසුරු රංගනී ගමගේ ට මාස 9ක් පුරා විනය පරීක්ෂණයකිනුත් තොරව, වැටුපත් නැතිව වැඩ තහනම්.
  • 2026 මැයි 13       
අකුරු ප්‍රමාණය (Font Size):


* අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ වරදකට යළිත් තිළිණ ගමගේ ගේ වැඩ තහනම්

* ඒත්, නඩු ගණනාවක් තියන අම්පාර දිසා විනිසුරුවරිය තවමත් නඩු අහනවා

* මහියංගන අතිරේක දිසා විනිසුරු රංගනී ගමගේ ට මාස 9ක් වැටුප් නැතිව වැඩ තහනම්

* මේ තීන්දු ගන්නෙ පුරප්පාඩුවවත් පුරවා නැති අධිකරණ සේවා කොමිසම විසින්

* අධිකරණ සේවා කොමිසමත් නීතිය නවනව නම් ?

පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු නීතිය පසිඳලන ආයතන නීතිය ක්‍රියාත්මක කරනු වෙනුවට නීතිය නවන බවට බරපතල චෝදනා එල්ලවෙමින් තිබෙන අතරවාරයේ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ගේ සභාපතිත්වයෙන් පවතින අධිකරණ සේවා කොමිසමේ ක්‍රියාකාරිත්වය ගැනත් බරපතල අවධානය යොමුවෙමින් තිබෙනවා.

උදාහරණයක් ලෙසට විනිසුරුවරුන්ගේ කාර්ය සාධනය, ස්ථාන මාරු සහ විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කටයුතු කරන අධිකරණ සේවා කොමිසමේ පවතින පුරප්පාඩුව දැන් සති ගණනක් මුලුල්ලේ පුරප්පාඩුව පුරවා නැහැ.

එසේ වුවත්, එක් සාමාජිකයෙකුගේ පුරප්පාඩුවක් තිබියදී පවා කොමිසම පසුගිය සති කිහිපය තුළත් විනිසුරු ස්ථාන මාරු ක්‍රියාත්මක කොට තිබෙනවා.

උදාහරණයක් විදියට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලබා සිටින අම්පාර දිසා විනිසුරු ජයලක්ෂිත සිල්වා විනිසුරුවරිය සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා අධිකරණ සේවා කොමිසම, අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ වරදකට තිළිණ ගමගේ විනිසුරුවරයා ගේ වැඩ තහනම් කොට තිබෙනවා.

වැඩ තහනම් කළ අයෙකු සම්බන්ධයෙන් මාස හයක් යනතුරු විනය ක්‍රියාමාර්ග ගෙන නැත්නම් ඔහුට/ඇයට වැටුප් ගෙවිය යුතු බවට ආයතන සංග්‍රහය පවසන නමුත් මහියංගන අතිරේක දිසා විනිසුරු රංගනී ගමගේ ට මාස 9ක් පුරා විනය පරීක්ෂණයකිනුත් තොරව, වැටුපත් නැතිව වැඩ තහනම්.

අධිකරණ සේවා කොමිසමේ මෙවැනි තවත් නීති විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳව සංදේශයට තොරතුරු ලැබී තිබෙනවා.

සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවේ.

| උපුටා ගැනීම - Saroj Pathirana ගේ ෆේස්බුක් පිටුවෙන්.
2026 මැයි 13 

 

 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...