The Leader News
BREAKING
Top Ad
Opinion

භික්ෂුවකට එරෙහිව චෝදනාවක් මතුවුණාම ඒ ගැන කතා කිරීම 'සිවුරට' අපහාසයක්ද? - ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සමග කතාබහක්

T

The Leader Desk

May 18, 2026 • 4:22 PM

භික්ෂුවකට එරෙහිව චෝදනාවක් මතුවුණාම ඒ ගැන කතා කිරීම 'සිවුරට' අපහාසයක්ද? - ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සමග කතාබහක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * මහානායක හිමිවරුන්ට දඩුවම් කිරීමේ බලයක් නෑ
  • උන් වහන්සේ මෙම කාරණා පැහැදිලිකර ඇත්තේ  Sandeshaya by Saroj යුටියුබ් නාලිකාව සමග කල සාකච්ජාවක දීය.
  • භික්ෂුවකගේ වරදක් හෙළි කිරීම සිවුරට හෝ බුද්ධ ශාසනයට අපහාසයක් නොවන අතර, වරද සැඟවීමෙන් සිදු වන්නේ ශාසනයේ පිරිහීමක් බව ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පෙන්වා දෙති.
  • එසේම, ශාසනයේ සහ සමාජයේ යහපත උදෙසා ආගමික රාමුවෙන් ඔබ්බට ගොස් නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව උන්වහන්සේ අවධාරණය කරති.
අකුරු ප්‍රමාණය (Font Size):
  • දරුවන් රැකීම වෙනුවට චුදිතයින් ගැන ලත වෙන මහාචාර්යවරයෙක්
  • නිළධාරීන් ආගමයි, රාජකාරියයි පටලවා ගැනීම වැරදියි


භික්ෂුවකගේ වරදක් හෙළිදරව් කිරීම සිවුරට අපහාසයක් නොවන බවත්, සිවුර පිටුපස සැඟවී කරන අපරාධවලදී වැරදිකරුවන් සුරැකීම වෙනුවට වින්දිත දරුවන් වෙනුවෙන් පෙනී සිටීම සමාජ වගකීමක් බවත් ගල්කන්දේ ධම්මානන්ද හිමියන් අවධාරණය කරති.

 ළමා අපයෝජන වැනි සිදුවීම්වලදී ආගම සහ නීතිමය රාජකාරිය පටලවා නොගෙන, චීවරධාරියා කරන වරදට සිවිල් නීතිය යටතේ ක්‍රියා කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති.

උන් වහන්සේ මෙම කාරණා පැහැදිලිකර ඇත්තේ  Sandeshaya by Saroj යුටියුබ් නාලිකාව සමග කල සාකච්ජාවක දීය.


භික්ෂුවකගේ වරදක් හෙළි කිරීම සිවුරට හෝ බුද්ධ ශාසනයට අපහාසයක් නොවන අතර, වරද සැඟවීමෙන් සිදු වන්නේ ශාසනයේ පිරිහීමක් බව ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පෙන්වා දෙති. එසේම, ශාසනයේ සහ සමාජයේ යහපත උදෙසා ආගමික රාමුවෙන් ඔබ්බට ගොස් නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව උන්වහන්සේ අවධාරණය කරති.

 

මෙම සංවාදයේදී උන්වහන්සේ ගෙනහැර දැක්වූ ප්‍රධාන කරුණු පහත පරිදි සැකෙවින් දැක්විය හැක:

වරද හෙළි කිරීම සහ සිවුරේ ගෞරවයසිවුරට අපහාසයක් නොවේ:
වරදක් කළ පුද්ගලයා භික්ෂුවක් වුවද, ඔහුගේ වැරදි ක්‍රියාව හෙළි කිරීමෙන් සිවුරට අපහාසයක් සිදු නොවේ.

ශාසන පිරිහීම වැළැක්වීම:
වැරදි සඟවාගෙන සිටීමෙන් ශාසනය තවදුරටත් කෙලෙසෙන අතර, වැරදි පෙන්වා දීම ශාසනයේ ආරක්ෂාවට හේතු වේ.

බුද්ධ නියමය:
බුදුරජාණන් වහන්සේද විනය නීති පැනවූයේ භික්ෂූන් අතින් සිදු වූ වැරදි ප්‍රසිද්ධියේ සාකච්ඡා වීමෙන් පසුවය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...