The Leader News
BREAKING
Top Ad
Opinion

'පරිසර සංවිධාන' වල ක්‍රියාකාරීත්වය පිළිබඳත් අවධානයෙන් සිටිය යුතුයි | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර

T

The Leader Desk

May 23, 2026 • 9:33 AM

'පරිසර සංවිධාන' වල ක්‍රියාකාරීත්වය පිළිබඳත් අවධානයෙන් සිටිය යුතුයි | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හම්බන්තොට දිස්ත්‍රික්කයේ මයුරපුර, ගෝනරුව ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත සූර්ය බල විදුලි ව්‍යාපෘති 17 කට එරෙහිව රාජ්‍ය නොවන පරිසර සංවිධානයක් (Movement for the Land and agriculture reform) දිගින් දිගටම සංවිධානය කරන උද්ඝෝෂණ පසුගිය කාලයේ අපට මාධ්‍ය මගින් දැක ගැනීමට හැකි විය.
  • රුපියල් මිලියන 14ක වියදමින් ගොවි සංවිධාන සහ සමාගම් එක්ව අලි වැටක් ඉදිකොට ඇති බවටද තොරතුරු වාර්තාවේ.
  • මෙම ව්‍යාපෘති සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, සුනිත්‍ය බලශක්තිය අධිකාරිය , මහවැලි අධිකාරිය ඇතුළු සියලුම අදාළ රාජ්‍ය ආයතන අවසර ලබා දී ඇති බවද ප්‍රකාශ වේ.
  • මෙම පරිසර සංවිධානවල හැසිරීම දෙස බැලීමේදී ඇතිවන ගැටලු නම්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔවුන් මෙහිදී පෙන්වා දෙන්නේ සංවේදී පරිසර කලාපයක් වන මයුරපුර රක්ෂිතය ආසන්නයේ සිදුවන මෙම සිදුවීම මගින් අලි මිනිස් ගැටුම වඩාත් උග්‍ර වන බවයි.

රුපියල් මිලියන 14ක වියදමින් ගොවි සංවිධාන සහ සමාගම් එක්ව අලි වැටක් ඉදිකොට ඇති බවටද තොරතුරු වාර්තාවේ. මෙම ව්‍යාපෘති සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, සුනිත්‍ය බලශක්තිය අධිකාරිය , මහවැලි අධිකාරිය ඇතුළු සියලුම අදාළ රාජ්‍ය ආයතන අවසර ලබා දී ඇති බවද ප්‍රකාශ වේ. ශ්‍රී ලංකාව මේ වන විට පවතින්නේ උග්‍ර බලශක්ති අර්බුදය. එබැවින් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වීමද රටක සංවර්ධනයට අත්‍යාවශ්‍යය. මෙම පරිසර සංවිධානවල හැසිරීම දෙස බැලීමේදී ඇතිවන ගැටලු නම්.


1.ලංකාවේ අලි මිනිස් ගැටුම ඇති එකම සංවේදී පරිසර කලාපය මෙයද ? අනෙකුත් ප්‍රදේශවල ඇති ගැටලුවලට ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි. ?

2.ලංකාවේ අලි ගහනය කොපමණද? එම සංඛ්‍යාව ප්‍රමාණය ඉක්මවා ගොස් ඇත්ද ?

3.ලංකාවේ දිස්ත්‍රික්ක දොළහක් තුළ අලි මිනිස් ගැටුම උග්‍ර වී ඇත. මේ හේතුවෙන් වගා භූමි රාශියක් විනාශයට පත් වී ඇති අතර ගොවීන් වගාවෙන් ඈත්වීමටද ඒ හේතුවක් වී ඇත. මේ පිළිබඳ මෙම පරිසර සංවිධාන වල මතය කුමක්ද?

4.රාජ්‍ය නොවන සංවිධාන වලට විදේශ ආධාර අඩුවීමේ ප්‍රවණතාවය මත (USAID වැනි) පුද්ගලයන්ගෙන් මුදල් එකතු කිරීමට අලි-මිනිස් ගැටුම හොඳින් යොදා ගත හැකි උපකරණයක්ද ? (සෑම පරිසර සංවිධායනයකම වෙබ් අඩවි වල ආධාර එකතු කරනු දක්නට ලැබේ)

 

elephant 260307
එසේම මයුරපුර ප්‍රදේශයේ ගොවීන්ගෙන් බහුතරයක් මෙම ව්‍යාපෘතියට කැමති බවද දැනගන්නට ලැබී ඇත. වෙල්ලස්සේ උක් වවන විටද, පෝර්ට් සිටි ව්‍යාපෘතිය සහ මන්නාරම සුළං බල ව්‍යාපෘතියට ද මෙවැනි සංවිධාන විරුද්ධ වී ඇත. විදේශ විනිමය ගැටලුවකට  මුහුණපා සිටින අප මෙවැනි සංවිධාන වල ක්‍රියාකාරීත්වය පිළිබඳ වඩා අවධානයෙන් සිටිය යුතුය.

Rasanga H
(සටහන | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
prasadrharischandra@gmail.com


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...