නැක්සලයිට් කුමන්ත්‍රණකාරීන් ලෙස නම් කරමින් විජය කුමාරතුංග ඇතුලු වාමාංශිකයින් සිරගත කිරීමය, 83 දෙමළ සංහාරයට වගකිව යුත්තේ ජවිපෙ, නසසප, කොප කියා ඒ පක්‍ෂ තහනම් කිරීමය. වැඩියෙන්ම බැට කෑ පක්‍ෂය වූයේ ජවිපෙය.
දැන් තුනෙන් දෙකේ බලයෙන් උන්මත්තක වී ඇති අනුර කුමාරත් ජේ ආර් ගේ පිළිවෙතම අනුගමනය කරමින් සිටී. චම්පික දඩයම එහි එක කොටසක් පමණි. ජේ ආර් පන්නයේම දඩයමකි. අනුරලා පලාත් සභා තියෙන්නේ නැත. හේතුව පරදින බව දන්නා නිසාය. ඒ අයගේ තක්සේරුව 2029 වන විට නාමල් ඇතුළු පිරිස දූෂණ චෝදනාවන්ට හිරේ ගිය පසු පොහොට්ටුව විනාශවනු ඇති බවය.

නාමල් හිරේ ගියත් ඔය පක්‍ෂ එහෙම නවතින්නේ නැත. එහෙම නම් විජේවීර මරා දමනු ලැබීමට පසුවත් ජවිපෙ දිගටම පැවතුනේ කෙසේද? දේශපාලනයේදී ඔය හිතන ඒව වෙන්නේ නැත කියා 3% අනුර ජනාධිපති වී ඒ පක්‍ෂය 2/3ක් ගැනීමෙන්වත් නොතේරේද?
සජිත්ටත් නොබෝ දිනකම මුදල් අවභාවිතාව ගැන චෝදනා ගොනුවනු ඇත. අනුරට අවශ්‍ය බව පෙනෙන්නේ දිලිත් වැනි ෆා රයිට් අපේක්‍ෂකයෙකු සමඟ 2029යේදි තරඟයට ඒමට පිට්ටනිය ක්ලියර් කර ගැනීමට බව පෙනේ. මෙය නම් මුග්ද න්‍යායක් අනුර.
කරන ලද වැරදිවලට හිරේ දැමීම වෙන එකක්, ඒත් මේ චම්පික මර්දනය කරන්න යන්නෙ මුග්ද පදනමක් මත.(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)




