The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

21ට සුබපැතුම්..! | Chinthana Dharmadasa

T

The Leader Desk

November 16, 2025 • 4:27 AM

21ට සුබපැතුම්..! | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මං කිසිම දවසක නාමල්ගෙ කතාවක් වැඩිවෙලාවක් අහගෙන ඉඳලා නෑ. කිසිම දවසක රාජපක්ෂ මතවාදය වෙනුවෙන් පෙනී ඉඳලා නෑ. කිසිම දවසක රාජපක්ෂලා වෙනුවෙන් අකුරක් ලියලා නෑ (මුදලටවත්). ඒ වෙනුවට රාජපක්ෂලාට විරුද්ධව මං ඕනතරම් දේවල් කරලා තියෙනවා.
  • නාමල් කතා කරන විලාසය, තැන්පත්කම, දේවල් දිහා බලන ආකාරය මට උනන්දුවක් ඇති කළා.
  • ඒ වගේම අවුරුදු 39ක වයසට ලංකාවෙ දේශපාලනයේ ඉතාම දැඩි වෙනස්කම්, සුවපහසුකම්, පීඩනයන්, ඇදවැටීම් මැද වැඩිම පන්නරයක් ලැබූ තරුණයා වෙන්නෙ නාමල්.
  • ඒත් දැන් නාමල් ඇත්තටම පිපෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


රාජපක්ෂලා එක්ක මට පුද්ගලික ප්‍රශ්න කිසිවක් නෑ. ඒත් පවුල මූලික දේශපාලනය සහ චූලවාංශික පිරිමි මතවාදය එක්ක මට පෑහීමක් නෑ.

ඒත් අද මං සන්නා නාමල් එක්ක කරපු සාකච්ඡාව බැලුවා. නාමල් කතා කරන විලාසය, තැන්පත්කම, දේවල් දිහා බලන ආකාරය මට උනන්දුවක් ඇති කළා. ඒ වගේම අවුරුදු 39ක වයසට ලංකාවෙ දේශපාලනයේ ඉතාම දැඩි වෙනස්කම්, සුවපහසුකම්, පීඩනයන්, ඇදවැටීම් මැද වැඩිම පන්නරයක් ලැබූ තරුණයා වෙන්නෙ නාමල්.

හොරකම්, දූෂන, ඝාතන, ලැම්බොගිනි, උගන්ඩා සල්ලි, රත්තරං අශ්වයො ආදී සියලු චෝදනා මැද නාමල් හිනාවෙවී තාම දේශපාලනය කරනවා. තමන්ගේ දේශපාලන කඳවුරට ප්‍රතිවිරුද්ධ මහා අරගලයකින් පස්සෙ පත්වුනු ආණ්ඩුවක් ඉස්සරහ නාමල් තව තවත් ශක්තිමත් වෙමින් ඉන්නවා. මෙච්චර කල් නාමල් පිපෙනවා කිව්වට මං එහෙම එකක් දැක්කෙ නෑ. ඒත් දැන් නාමල් ඇත්තටම පිපෙනවා.

කවදාහරි නාමල් මේ රටේ නායකත්වය ගන්නවා. ඒක 2029ද 2034ද කියලා ඉලක්කම් වෙනසක් විතරයි තියෙන්නෙ. මේ රටේ යක්ඛ පරම්පරාවෙ උරුමය ඒ විදිහට බලය ගැනීම ගැන මට අර්බුදයක් නෑ. ඇත්තටම ඒ ගැන තිබුනු මගේ ‍සංකා වේදනා ගොඩක් ඉවර කරන්න මාලිමා ආන්ඩුව බලයට පත්වීම හේතු වුනා. සහතික ලත් බොරුකාරයන්ට වඩා දක්ෂ චෞරයන් වුනත් ගෞරවාන්විතයි කියල මාලිමා ආණ්ඩුකරණය ඇතුලෙ ප්‍රත්‍යක්ෂ වුනා.

 

namalmvuihgr
මේ රටේ ඕනෑම දේශපාලන කඳවුරක මතවාදය ඉවසන්න, එය නියෝජනය කරන ජනතාවට ගරු කරන්න වගේම මතවාදීව ඊට එරෙහිව ශිෂ්ටසම්පන්නව වැඩ කරන්න පුළුවන්කමක් අතිපාරිශුද්ධ බවේ මිත්‍යාවක් විසින් රටේ බලය ලබාගැනීමෙන් පස්සෙ මගේ ඇතුලෙ නිර්මාණය වුනා.

නාමල් විශිෂ්ට නම්‍යශීලීත්වයක් පෙන්නුම් කරනවා. ඕනෑම පක්ෂයක් එක්ක එකට වැඩකිරීමේ හැකියාවක් පෙන්නුම් කරනවා. ඒත් එක්කම දැවැන්ත විපක්ෂ රැලියකට නායකත්වය දෙනවා. උඩම තැනට ගිහින් බිංදුවටම වැටිලත් ආපහු හිනාවෙවී නැගිටින්න හයිය තියෙන මේ තරුණයාට මං සුබ පතනවා.

අපි ආපහු දවසක මූනට මූන මාරාන්තිකව ගැටෙයි. ඒත් මේ මොහොතෙ නාමල් කරන වැඩකොටස අගය නොකරන ‍කුහකයෙක් වෙන්න මට පුළුවන්කමක් නෑ.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


සබැඳි ලිපියක් :

21 වැඩේ පරණ ද? | Mahesh Hapugoda
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...