The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

21 වැඩේ පරණ ද? | Mahesh Hapugoda

T

The Leader Desk

November 15, 2025 • 4:09 AM

21 වැඩේ පරණ ද? | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම හිතනවා මේ වෙද්දී ලංකාවේ දේශපාලනයේ ඉන්න අයගෙන් වැඩියෙන්ම නම්‍යශීලි දේශපාලනඥයා නාමල් කියල. ඔහු එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානෙටම ගිහිල්ල 21 වැඩේ ගැන කතාකරන්න තරම් වෙනස්වෙන්න හැකියාව පෙන්නලා තියෙනවා. ඔහු ඩාලි පාරටත් ගියා.
  • ඒ අනුව නාමල් එජාප කාර්යාලයට සහ ඩාලි පාර යන දෙකටම යනවා.
  • ඒ නිසා පරණ එක ගේන්න හදනවා කියල කට්ටිය කියන්නන් වාලේ පරසක්වළ ගැහුවට නාමල් ඇත්තටම පරණ එක නෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ දේශපාලන නම්‍යශීලි බව මහින්දටවත් තිබ්බද දන්නේ නැහැ ඔය සැලුන් දොරක් ඇරලා තිබ්බ කීවට. නාමල්ට හැකියාව තියෙනවා දේශපාලනයේ ප්‍රධාන ධාරාවේ ඉන්න ඕනි කෙනෙක් එක්ක වැඩක් කරන්න. වැඩක් පටන්ගන්න. ඒක මම දකින ඔහුගේ පරම්පරාවේ වැදගත් නායකත්ව ලක්ෂණයක්.

namal raja
අපිටත් අපේ පරම්පරාවට කලිනුත් එකිනෙකාට එකතුවෙන්න බැරි තරම් මොනවදෝ ලොකු බැරියර් තිබ්බ. මානසික වගේම තවත් කරුණු. නාමල් ඒ බැරියර් අතරින් ගමන්කරනවා. සජිත්ට තවමත් බැහැ ඒක කරන්න. විශේෂයෙන් පැරණි සීමාවල් සහ මානසික බෝඩර් අලුත් පරම්පරාව ප්‍රතික්ෂේප කරන තත්වයක් තුල.

ගොඩක් කරණු නිසා මම නාමල් කියන දේශපාලනඥයා දිහා කැමැත්තෙන් බලන් ඉන්නවා. ඉන් විශේෂ කරුණක් තමයි ඔහු අපිට කලින් පරම්පරාව වගේම අපේ පරම්පරාවත් නියෝජනය කරන්නේ නැති එක. ඒ නිසා ඔහු අලුත් කෙනෙක් හැටියට මම දකිනවා. ඔහු අලුත් දෙයක් කරන්න පුළුවන්.

අපේ පරම්පරාව සහ ඊට කලින් එක වගේ වගේ පට්ටපල් බොරු සමාජයට කියල බලය ගන්න ඔහු උත්සාහ කරන එකක් නැහැ. සහ අලුත් දේශපාලන සම්බන්දතා හදන්න ඕනි කාලයක් මේක. විශේෂයෙන් Z Gen එක ගැන කතාකරද්දී කියවෙන ප්‍රධානම වචනයක් තමයි මේ 'නව දේශපාලන සම්බන්දතා' (new political relationships) කියන්නේ. ඔවුන් පැරණි ගතානුගතික දේශපාලන සීමාවලින් ඉස්සරහට ගිහිල්ල පැරණි නායකයින් පවා අලුත් සම්බන්දතා වෙත යයි කියල බලාපොරොත්තු වෙනවා (bipartisanship). ඒ අනුව නාමල් එජාප කාර්යාලයට සහ ඩාලි පාර යන දෙකටම යනවා. මේක අලුත් දෙයක් හැටියට සමහරු දැකල තිබ්බ. අලුත් පරම්පරාව හිතන හැටි එක්ක ඒක අලුත් දෙයක් තමයි.

namal 2

විශේෂයෙන් පැරණි දේශපාලන පක්ෂ ආකෘති වලින් ඉස්සරහට ගිහිල්ල වැඩකරන එක අනිවාර්යයක් වෙලා මේ වෙද්දි.

ඒ නිසා පරණ එක ගේන්න හදනවා කියල කට්ටිය කියන්නන් වාලේ පරසක්වළ ගැහුවට නාමල් ඇත්තටම පරණ එක නෙවෙයි. ඔහුට පුළුවන් වෙයි අලුත් දෙයක් කරන්න.

නාමල් කියන්නේ මහින්ද නෙවෙයි. රනිලුත් නෙවෙයි. සජිතුත් නෙවෙයි. නාමල් එයාගෙම විදියකට වැඩක් කරයි. විශේෂයෙන් එයාලට වෙච්ච අතපසුවීම් හදාගැනීම එක්ක.

පරණ එකට ආයේ යනවා කියන එකත් හදල තියෙන දෘෂ්ටිමය කතාවක් විතරයි. මොකද දැන් තියෙන්නේ හරියට අලුත් එකක් වගේ. දැනුත් තියෙන්නේ පරණ එකේම දිගුවක් තමයි. මුහුණු විතරයි වෙනස්. පරණ දහං ගැට, ඩීල්, අතයට වැඩ, කොමිස්, හොරකම් කාලය පිළිබද ප්‍රශ්නයක් විතරයි.

අරගලය නිසා දේශපාලනය වෙනස් උනා කියල කවුරුහරි කියනවා නම් මම කියන්නේ අරගලයත් එක්ක අනික් අයත් වෙනස් වෙමින් ඉන්නවා කියන එක.

 



Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...