The Leader News
BREAKING
Top Ad
Opinion

ඔබගේ නාකි අනෙකා කවු ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 11, 2024 • 11:56 AM

ඔබගේ නාකි අනෙකා කවු ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් ටවුමේ අලුත්ම කතාව තමයි නාකියෝ එළවන්න ඕනි කියන එක.
  • එයාලත් දැන් ජීවිතේ අග්ගිස්සට ඇවිල්ල ඉන්නේ. ගොඩක් වෙලාවට මේක දැන් ගොඩක් වයෝවෘද්ධ පැත්තට හැරිලා තියන දේශපාලනයේ තවමත් ඉන්න අය වෙනුවෙන් ගේන කොමෙන්ට් එකක් බව පේනවා.
  • මේ ප්‍රශ්නෙම 1972 සහ 1988-89ත් ඒ පරම්පරාව ඇහුවා.
  • ඒකට ලැබුණු උත්තර සාහසිකයි. 90 තරුණ අසහනය පිළිබද කොමිසමෙන් උණත් කිව්වේ තරුණයින් සඳහා අවස්ථා වැඩිකරන්න කියල.
අකුරු ප්‍රමාණය (Font Size):
 
දැන් ටවුමේ අලුත්ම කතාව තමයි නාකියෝ එළවන්න ඕනි කියන එක. සහ ඊට සමගාමීව ''තරුණ අපිට'' නායකත්වය ඕනි කියන එක. ටිකක් මේක වැඩිපුර ප්‍රමෝට් කරන්නේ ජාතික ජන බලවේගය විසින් කියලත් පේනවා. 

මම දන්නා අපේ කැම්පස් එකේ ජාතික ජන බලවේගයට සහයෝගය දෙන ආචාර්ය මහාචාර්ය ටික දෙනෙකුත් අවුරුදු පනහ පැනපු අය. එයාලත් දැන් ජීවිතේ අග්ගිස්සට ඇවිල්ල ඉන්නේ. 

ගොඩක් වෙලාවට මේක දැන් ගොඩක් වයෝවෘද්ධ පැත්තට හැරිලා තියන දේශපාලනයේ තවමත් ඉන්න අය වෙනුවෙන් ගේන කොමෙන්ට් එකක් බව පේනවා. මෙච්චර් කල් දේශපාලනයේ ඉඳල, රටත් බංකොලොත් වෙනකල් ඉඳල, තවත් මේ ඉන්න ඉඳිල්ල මොකක්ද කියන ප්‍රශ්නේ තමයි ඔය අහන්නේ. 
 
Women walking by burned bus destroyed by marxist JVP-Sinhalese People's Liberation Front, in southern town in heart of JVP territory,nr. Matera.    (Photo by Robert Nickelsberg/Getty Images)
 
වෙනත් විදියකින් කිව්වොත් උඹල මෙච්චර කල් දේශපාලනයේ හිටිය. දැනුත් ඉන්නේ උඹලගේ දරුවෝ සහ ඥාතියෝ දේශපාලනයේ ස්ථාවර වෙනකල්. උඹලගේ දුවා දරුවෝ නොවන අපිට කොහෙද ලෝකයක් කියන ප්‍රශ්නේ තමයි මේ අහන්නේ. මේ ප්‍රශ්නෙම 1972 සහ 1988-89ත් ඒ පරම්පරාව ඇහුවා. ඒකට ලැබුණු උත්තර සාහසිකයි. 
 
90 තරුණ අසහනය පිළිබද කොමිසමෙන් උණත් කිව්වේ තරුණයින් සඳහා අවස්ථා වැඩිකරන්න කියල. නිර්ප්‍රභූ පසුබිමක් තියන අය වෙනුවෙන් අවස්ථා වැඩිකරන්න කියල. ඒක ඇත්ත. 

ඒ ප්‍රශ්නෙම වෙනත් විදියකට වගේම පැරණි විදියටත් යම් දේශපාලන ප්‍රවාහයක් විසින් නැවත නැවතත් මේ සමාජයෙන් අසමින් ඉන්නවා. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ. 
 
ආණ්ඩුව ගෙදර යනු ! – ජවිපෙ පාරට බැස 'ගේම' ඉල්ලයි! (PHOTOS)
ඒ ප්‍රශ්නෙට හැමදාම යම් ජනප්‍රියත්වයක් ලැබුණ. ඒ කියන්නේ එහෙම ඒ ප්‍රශ්නය ජනප්‍රිය වෙන්න පසුබිමක් තවමත් මේ සමාජයේ තියනවා කියන එක. 

හැබැයි මේ ප්‍රශ්නෙට මම වැඩි කැමැත්තක් නැහැ. ඒකට හේතුව තමයි මගේ පුද්ගල අවකාශය, සංවර්ධනය සහ විකසිත බව මම ''අනේකත්වයක්'' මත පදනම් කරන්න අකමැති වීම. 

මම යම් මහන්සියක් දරල, ඉගෙනීමක් ලබල, රැකියාවක් ලබල, සමාජයේ යම් ස්ථාවරබවක් ලබමින් ඉන්න එක වලක්වන බාහිර සතුරා ''නාකියෙක්'' නම් නෙවෙයි. ඒ කියන්නේ මගේ පුද්ගල සංවර්ධනය අවහිර කිරීමේ ''දේශපාලන අනෙකා'' නාකියෙක් නෙවෙයි. 

මගේ සන්දර්භය ඇතුලේ නාකින් විසින් මගේ අවස්ථා නැතිකරලා තියනවට වඩා මම හිතන්නේ ඔවුන් වඩාත් උදව්කරලා තියනවා මට මේ තැනට එන්න සහ මගේ වටපිටාව ඇතුලේ නාකින් ගොඩක් ඉන්නවා මගේ ජයග්‍රහණ වෙනුවෙන් සුබපතන සහ තවත් ඉස්සරහට යන්න කියන. 
 
Shot of a young businessman looking bored while working at his desk during late night at work
 
අනික මට දේශපාලනයට එන්න ඕනි නම් ඒකට වලකපන්න ඉන්න නාකියෙක් මට නම් පේන්නේ නැහැ. එකම දේ එහෙම කරන්න මට අවශ්‍යතාවක් නැතිකම සහ මගේ කම්මැලි කම සහ ලෝකයේ අභිවෘද්ධිය වෙනුවෙන් ජීවිතේ කැපකරපු නාකි විද්‍යාඥයින්, ක්‍රියාධරයන්, සිතන්නන්, කලාකරුවන්, ආගමික නායකයින් සහ දේශපාලනය ඇතුලේ ඉන්න අය වුණත් ඉනට අත්දෙක තියාන....
 
මේ ගොඩක් නාකි මිනිස්සු කොච්චර අපිට ජිවිතය ගැන උත්තේජනයක් සපයනවද?..අපිට බලාගෙන හැදෙන්න කොච්චර දේවල් ඒ මිනිස්සු තුළ තියනවද? 

මේ මම ආසම නාකියෙක් වෙච්ච අවුරුදු 68දී ඉන්දියන් බයිසිකලේකින් ලෝක වාර්තාවක් තිබ්බ නවසීලන්තයේ බර්ට් මුන්රෝ චරිතය රඟපාපු ඇන්තනි හොප්කින්ස්....(දැන් අවුරුදු 86) 

වයසට ගියත් මියනොයන ආශාව, කැපකිරීම, අධිෂ්ඨානය සහ ජයග්‍රහණය වෙනුවෙන් මේ ෆිල්ම් එක බලන්න....

 
බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...