අර නිරුවත වීඩියෝ කරලා වික්ක කියන කපල් එක සම්බන්දයෙන් ගත්තම ඒ අත්අඩංගුවට ගැනීමේ ගැටළුවක් මම දකිනවා.
මේක මම අර පහන්තුඩාව ඇල්ල ළඟ වීඩියෝ එක කරපු කපල් එක ගැන දැරුව මතයට වෙනස් එකක්.
එතැනදී මම දැක්කේ පහන්තුඩාව පොදු අවකාශයක් හැටියට.
එතැනදී මම දැක්කේ පහන්තුඩාව පොදු අවකාශයක් හැටියට. හැබැයි කාමරයක් ඇතුලේ මේ කපල් එක කරපු දේ ගැන කියන්න වරදක් මම දකින්නේ නැහැ. විශේෂයෙන් බංකොලොත් රටක.
දැන් මේ පාවිච්චි වෙන්නේ මොකක් හරි සුද්දගෙන් ආපු - නැත්නම් යුද්දේ නිසා පොලිසි හමුදා විසින් පාවිච්චි කරපු කසිකබල් කාමර නීතියක් හෝ සදාචාරක්. දැන් ඒ කතා හරියන්නේ නැහැ. නීතිමය ප්‍රශ්නයක් තියනවා නම් ඒවා සුද්ද කරන්න වෙනවා අනාගතය වෙනුවෙන්. සදාචාර ප්‍රශ්න ඉස්සරහට වලංගු වෙන්නේ නැහැ. ඒ මකුළු දැල් කඩාගන්න වෙනවා.
දැන් තියෙන්නේ ඩොලර් හොයන යුද්දයක්.
මොකද දැන් තියෙන්නේ ඩොලර් හොයන යුද්දයක්. ඒ වෙනුවෙන් ඉඩකඩ සපයන නිදහස් සමාජයක් දැන්වත් ඇතිවෙන්න ඕනි. ඒකෙදි ඔය පරණ කතා අමතක කරන්න වෙනවා. සමහර විපරීත පුද්ගල අවකාශවලට උනත් ඉඩ දෙන්න වෙනවා.
බ්‍රිතාන්‍යයේ චැතර් විසින් ඇතිකරපු නව ලිබරල් ප්‍රතිසංස්කරණ එක්ක පුද්ගලයින් තම තමන්ගේ තනි පුද්ගල ගේම් එක ගහපු හැටි සහ ඒවා සාර්ථක වෙච්ච හැටි බලාගන්න හනිෆ් කුරේෂිගේ My Beautiful Laundrette (1985) බලන්න. ඒක My Red Comrade (20014) එක්ක පටලාගන්න එපා.
1978 ආර්ථිකය විවෘත උනත් ඊට සාපේක්ෂව සංස්කෘතිය වෙනස් වුණේ නැහැ. යටත්විජිත ඇතුලේ තිබ්බ මේ පසුගාමී තත්වය නිසා හනිෆ් කුරේෂිල ලන්ඩන් නිව්යෝක් ගියා. ගිහින් එහෙ තිබ්බ නිදහස් වෙළඳපල අවකාශයෙන් විපුල ප්‍රයෝජන ගත්ත. මම කියන්නේ මේ ෆිල්ම් එකයි ලංකාවේ සමාජය ගැනයි නැවත කතාකරන්න ඕනි. මම ඒක මීට පෙරත් කියල තියනවා.
පොලිසියේ අයගේ ආතල් නිසා හරි මාධ්‍ය පඩංගුවල ආතල් වෙනුවෙන් හරි දැන් මේ ප්‍රශ්න තවදුරටත් සමාජයේ පසුගාමීබව වෙනුවෙන් පාවිච්චි කරන්න දෙන්න බැහැ
පොලිසියේ අයගේ ආතල් නිසා හරි මාධ්‍ය පඩංගුවල ආතල් වෙනුවෙන් හරි දැන් මේ ප්‍රශ්න තවදුරටත් සමාජයේ පසුගාමීබව වෙනුවෙන් පාවිච්චි කරන්න දෙන්න බැහැ. කතා කරන්න පුළුවන් අය යූ ටියුබ් වලින් සල්ලි හොයනවා වගේ ශරීරය පැත්තෙන් සල්ලි හොයන්න පුළුවන් අය එසේ කරපුදෙන්.
ඒ කපල් තමන්ගේ වීඩියෝ වලින්, තමන්ගේ ඇඟ විකුණනවා නම් සහ ඒ ඔස්සේ ඩොලර් (හරි මොනවා හරි මුදල් ඒකකයක්) හොයනවා නම් එසේකිරීම තවදුරටත් වරදක් ලෙස දකින්න තරම් ආර්ථික තත්වයක නෙවෙයි අපි දැන් ඉන්නේ. ඉස්සරවෙලා මේක ඇත්තටම 'නිදහස් සමාජයක්' කරන්න මේ පාලකයෝ දැනගන්න ඕනි.
සංචාරක කර්මාන්තේ කියල කිව්වට තායිලන්තේ ලඟටවත් එන්න අපිට බැහැ.
සංචාරක කර්මාන්තේ කියල කිව්වට තායිලන්තේ ලඟටවත් එන්න අපිට බැහැ. ලිංගික සේවා සැපයීම, ලිංගික සෞඛ්‍ය සම්බන්ද සම්බාහන වගේ දේවල්වල තියන සංකීර්ණ බව ගත්තම ඒවා දැක්කොත් අපේ පොලිසිවලට කලන්තේ දායි.
ඒ නිසා සමාජයක් හැටියට නිදහස් ලෙස මුදල් හම්බ කරන්න කැමති විශාල පිරිසකගේ අවකාශය අපි ඉතාම දුෂ්ට ලෙස හකුළුවමින් ඉන්නේ. ඒක වැරදියි.
කොත්මලේ මල් කොල්ල වගේ හැමෝටම මල් විකුණන්න බැහැ. මිනිස්සු තවත් ගොඩක් දේවල් අත්හදා බලමින් ඉන්නවා පොහොසත් වෙන්න. දියුණු වෙච්ච හැම රටකම ඒ අත්හදා බැලීම් වෙනුවෙන් ඉඩක් දුන්න.
පොහොසත් වෙනඑක අපූර්ව දෙයක් නම් මිනිස්සුන්ට එසේ කිරීමට ඉඩ දෙන්න. අලුත් තත්වයන් එක්ක මිනිස්සු වෙනස් වෙලා ඉවරයි. දැන් දේශපාලනය වෙනස් කරන්න.
අපේ කොල්ලෝ කෙල්ලොත් ඩොලර් මිළියන් ගණන් හොයයි. ලානා රෝඩ්ස්ල සනී ලියොන්ල මෙහෙනුත් බිහිවෙයි. ඉඩ දෙන්න....(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
සබැඳි ලිපියක් :
පිස්සු කෙලින්න එපා! - නිරුවත විකිනීමේ අයිතිය වෙනුවෙන් වත් පෙනී ඉන්න