තුන්වෙනි වාරිකය ලංකාවට ලැබීමෙන් මාධ්‍යවේදියෙකු මැතිවරණ ගැන විමසූ විට, මැතිවරණ යනු ලාංකික ජනතාවගේ තීරණයක් බවත්,

ලංකාව තවමත් පවත්නා අවදානමෙන් මිදී නැති බව ජාත්‍යන්තර අරමුදලේ  ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෘවර් කියා සිටියේ අවවාදයකට වඩා තරවට්ටුවක ස්වභාවයෙනි. 

පීටර් බෘවර් සඳහන් කළ මේ ''අවදානම'' ණය ප්‍රති ව්‍යුහගත කිරීම හෝ රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට අදාළ යමක් නොවේ. ඉන්ධන ලීටරය රු. 171ට, ගෑස් සිලින්ඩරය රු. 1250ට, කිරි පිටි පැකට් එක රු. 325ට, වැනි ධරණීය නිශ්චිත මිලක් සහ අඛණ්ඩ සැපයුමක් පැවති, එසේම රු. 10,000කින් රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමා, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථීර තැම්පත් සඳහා 15%ක නිත්‍ය වාර්ෂික පොලි අනුපතයක් ලබා දීමට තරම් ශක්තිමත් ආර්ථීක වටපිටාවක් නිර්මානය කළ යහ පාලකයන් ප්‍රතික්ෂේප කොට, මිලියන හතකට ආසන්න ශ්‍රී ලාංකේය ජනතාවක් එක පෙළ ගැසී ගත් මැත්වරණ තීන්දු පිළිබඳ දුන් සියුම් ඉඟියකි. 

 



1956 පෙරළිය යනු ඉංග්‍රීසිය නිල භාෂාව ලෙස පැවතීමත්, යටත් විජිත යුගයේ දොර ජනෙල් ආරුක්කු ගේට්ටුවල යොදා තිබූ කුරුස හරහා ආගම් වෛරයක් හරහා සිංහල බෞද්ධ බහුතරය කුපිත කරවීමේ ප්‍රතිපලයකි. ඉන්පසුව බණ්ඩාරනායකට එරෙහිව වෘත්තීය සමිති උසිගන්වා 56 ජයග්‍රහණය විනාශ කළ වාමාංශිකයන් සමග ශ්‍රීලනිපයේ තුන් හවුලට ජනතාව දුන් දුන් තුනෙන් දෙකක බලයක් ප්‍රදානය කළාය. එකී පාලන සමයේ මිනිසුන් මහ පාරේ හාමතේ මිය යාමත්, සතියට දෙ දිනක් ලංකාවේ මිනිසුන්ට බත් කෑම නීතියෙන් තහනම් කිරීමත් හාල් පොලූ මිරිස් පොලූ දමා ගොවි ද්‍රව්‍ය හුවමාරුවට වැට බැඳීමත් නිසා එදා රටේ ජනතාව දුක් වින්දේ විපක්ෂය හැමදාම ගයන අපි ආවොත් තොපි ගොඩ මන්ත්‍රය සාපයක් වීමෙනි.  

විස්ස ට එරෙහි නොවෙනු! : ගෝඨාට ඒකාධිපතියකු වීමට ඉඩ දීම වාසිදායක ය!! -  සිරිමල් විජේසිංහගෝඨාගේ සෞභාග්‍ය දැක්ම, යහ පාලනය සැලසුම් කළ සමබර ආර්ථීකය විනාස කිරීමට ගත කළේ තුන් වසරකටත් අඩු කාලයකි.

පසුගිය මැතිවරණයේදිත් අපි ආවොත් තොපි ගොඩ මන්ත්‍රය ජනතාවට පමණක් නොව පාලකයන්ටද සාපයක් විය. 2015-2019 කාලයේ බැංකු මංකොල්ල අවලාදය හැර කිසිදු පීඩනයක් රටේ වී නම්, ඒ ජනතාව වශී කළ රාජපක්ෂලා සහ සගයන් පසුපස නීතිය හඹා යාම පමණකි. මුස්ලිම් වෛරී වඳ කතා සහ පාස්කු බෝම්බ පුපුරුවා ජනතාව කුපිත කොට, ලබා ගත් ගෝඨාගේ සෞභාග්‍ය දැක්ම, යහ පාලනය සැලසුම් කළ සමබර ආර්ථීකය විනාස කිරීමට ගත කළේ තුන් වසරකටත් අඩු කාලයකි. අපි ආවොත් තොපි ගොඩ පණිවිඩය විශ්වාස කළ මිනිසුන් එක්ව ලබා දුන් ඡන්ද ප්‍රතිපලය විසින් ශ්‍රී ලංකාව යහපතට වඩා තල්ලූ කළේ විනාසයටය.  

විද්යුක් මාධ්‍ය සාකච්ඡාවකදී හඳුන්නෙත්ති, ගෝඨා ලියූ පොත පෙරළා, ජවිපෙය 2022 රටේ බල ඉල්ලා නො සිටි බව තහවුරු කොට, බලකර ඉල්ලා සිටියේ අපි ආවොත් තොපි ගොඩ යන තේමාව රැගත් මැතිවරණයක් පමණක් බව කී අවස්ථාවේ 2022දී රට පැවති තත්වය අනුව කඩිනම් මැතිවරණයක් සඳහා සුදුසුව පැවතියේදැයි කිසිවෙකු හඳුන්නෙත්තිගෙන් ඇසුවේ නැත.  

 

පෝලිම් අහිංසකයි, කැරලි තමයි භයානක - (ගාමිණී වියන්ගොඩ)2022 අර්බුද කාලයේ පැට්‍රල් ලීටරයක් අපේක්ෂාවෙන් දහස් ගණන් ජනතාව රට පුරා දිවා රෑ නො තකා පෝලිම්වල ලැග සිටියහ.

2022 අර්බුද කාලයේ පැට්‍රල් ලීටරයක් අපේක්ෂාවෙන් දහස් ගණන් ජනතාව රට පුරා දිවා රෑ නො තකා පෝලිම්වල ලැග සිටියහ. ඇනවුම් කළ ඉන්ධන තොග මිලදී ගැනීමට ඩොලර් නොමැති නිසා කොළඹ වරායේ නතර කළ නෞකා පෝලිම් දිනපතා මාධ්‍ය හරහා දැකගත හැකිවිය. එකී තත්වයද ආවේගශීලි ජනතාව නිර්මානය කළ මැතිවරණ ප්‍රතිපලයක් වන අතර, එකම අවශ්‍යතාව ජනතාවට සහන සපයන ක්ෂණික වැඩ පිළිවෙලක් මිස මැතිවරණයක් නොවන බව විශ්වාස කළ එකම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ පමණකි. එකී විශ්වාසයෙන් ඔහු තනිව දියත් කළ  මෙහෙයුම සාර්ථක වූ බව ජාත්‍යන්තරය  පවා පිළිගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන සක්‍රිය දායකත්වයෙන් මනාව තහවුරුවේ.

මැතිවරණ ඉල්ලා සිටීම ගැන අදත් ආඩම්බර වන ජවිපෙය ආසන්න අඩ සියවක් රටේ අර්බුදයට විසඳුම ප්‍රජාන්ත්‍රවාදී මැතිවරණ නොවේය යන දැඩි ස්ථාවරය ඒත්තු ගැන්වීමට කළ මහා විනාශය අදටත් ඉල්මහ බක්මහ විරු සමරු හරහා යළි සිහි කරති. 71දී ජවිපෙය, සන්නද්ධ අරගලයකින් බලය ඇල්ලීමට තැත් කළේ තුනෙන් දෙකක ජනතා වරමක් ලබාගත්  ශක්තිමත් ආණ්ඩුවට එක් වසරක් හෝ රට පාලනය කිරීමට ඉඩ නො තබමිණි.

 

අවංක ලාල් සහ වංක කුමාර සමග දේශපාලන වංග ගිරියේ උතුර දකුණ පැටලුනු මාලිමාව -  (ඥානසිරි කොත්තිගොඩ)ලාල්කාන්ත සහ හඳුන්නෙත්ති
දෙවනුව යළි 1988දී තුවක්කු ගත්තේ ඡන්ද පොළට එන මුල් දස දෙනාට වෙඩි තබා මරා දැමුවේ විධායක ජනාධිපති වරයෙකු තෝරා ගැනීමට රටේ ව්‍යවස්ථාව ලබා දුන් බලයට අභියෝග කරමිනි. 2022 මැයි 9 වෙනිදා එක් නිමේෂයකින් රට පුරා සිදු කළේ  තිස් අවුරුදු යුද්ධයට මුල්වූ එල්ටීටීයට හෝ නො කළ තරම් විනාශයකි. ලාල්කාන්ත සහ හඳුන්නෙත්ති පොල්දූව වටරවුමේදී රනිල් ජනාධිපති කිරීමට අත් ඔසවන කිසිදු මන්ත්‍රී වරයෙකුට ගෙදර යාමට ඉඩ නොදෙන බවට තර්ජනය මැයි 9 වෙනිදා ගෙදර යමින් සිටි  මන්ත්‍රීවරයෙකු මහ මගදි ඝාතනය සිහිපත් කිරීමකි. 

මේ හාදයන් බාල මහළු ඉහළ පහළ පන්ති භේදයකින් තොර සකල ලාංකික ජනතාවම පාන් කියන්න බැරිව සිටියදී, අපි මැතිවරණයක් ඉල්ලා සිටියා කියන්නේ රෙදි ඇඳගෙනදැයි කිසිවෙකු හඳුන්නෙත්තිගෙන් ඇසුවේ නැත. ඔවුන් උත්සාහ කළේ රටේ බලය ලබා ගැනීමට තමන්ට ඇති හැකියාව අත්හදා බැලීම පමණකි. බිඳ වැටුණ රට කොන්දේසි විරහිතව භාරගත් රනිල් වික්‍රමසිංහ, ජනාධිපති වී පැය හතළිස් අටක් තුළ,  ඉන්ධන තොග නිර්බාධිතව නියමිත මිලකට ඛෙදා හැර පෝලිම් අවසන් කරද්දී, විපක්ෂය පැට්රල් ලීටර් 20ක් සතියට මදි උද්ඝෝෂණ කළහ. ඉන්ධන ගැටථව අවසන් කළ රනිල් පාසල් සහ රජයේ කාර්යාල යළි ආරම්භ කොට ජන ජීවිතය යථාවත් කළේය. මෙවැනි පරිසරයක ජවිපෙ අපේක්ෂා කළ මැතිවරණය ප්‍රකාශයට පත් කළා නම් ඡන්ද පෙට්ටි ප්‍රවාහණය  තබා රාජ්‍ය නිලධාරින්ට රට පුරා විසිරුණ ඡන්ද පොළ කරා යාමත් අපහසු බව ඔවුන්ට කල්පනා නො කිරීම ''අපි ණය ගෙවන් නෑ මචන් ....'' ජාතියේ ළදරු වලිප්පුවක් පමණකි.  

රනිල් වික්‍රමසිංහ නැවත යළි ශකිත්මත් කරන රටේ තවමත් වාසි ලබා ගැනීමට ක්‍රියාත්මක වැඩවර්ජන සඳහා ගුරුවරු පන්ති කාමර වලින් ඉවත් වුවද, දැඩි ආත්ම විශ්වාසයෙන් කිසිම කෙඳීරීමකින් තොරව උසස් පෙළ, සා. පෙළ විභාග වලට මුහුණ දෙන පාසල්  දරුවන්ගේ ප්‍රතිපල පමා කිරිමට උත්තර පත්‍ර පරීක්ෂාව අත් හිටුවා වැඩි දීමනා ඉල්ලා ගුරු සංහතිය වීදි බසිති. විපක්ෂයේ කැලැන්ඩරයට අනුව වැඩ වර්ජන, රජයේ සේවකයන්ට අර්බුද කාලයේ මාසික වැටුප වාර දෙකකින් ගෙවන තරමට බංකොලොත්ව පැවති රට වර්තමානයේ ඛෙහෙවින් ශක්තිමත් බව වැඩ වර්ජන වලින්ම තහවුරු වේ.

ගුරු අරගලය හරහා රාජ්‍ය සේවය දැකීම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)බංකොලොත්ව පැවති රට වර්තමානයේ ඛෙහෙවින් ශක්තිමත් බව වැඩ වර්ජන වලින්ම තහවුරු වේ.

 

එසේම වැසී ගිය ව්‍යාපාර යළි ආරම්භ වීමත්, රටේ ප්‍රවාහන හා ඉන්ධන සේවා නිර්බාධිතව ලබාගත හැකි බව දස දහස් ගණන් ආධර කරුවන් රටේ තැන් තැන්වලට බස් වලින් ගෙන්වා සිය ජන ශක්තිය පෙන්වන දේශපාලනඥයන් තහවුරු කරමින් සිටිති. ලංවිම ආයතන ප්‍රතිසංවිධානයට එරෙහි සටන් වදින්නේ විසි තුන් දහසක් සේවක පිරිස වෙනුවෙන් මිස විදුලි පාරිභෝගිකයාගේ දුක් ගැනවිලි යටපත් කරමිනි. විපක්ෂයේ කිසිවෙකුත් දෙ කෝටිය ඉක්මවූ විදුලි පාරිභෝගිකයන්ට ලංවිම සේවක පඩිනඩි දීමනා ණය පොලී ගෙවීමට සිදුවි ඇති බව කල්පනා නො කරති. සත්තකින්ම ලංවිම යනු වෘතීය සමිති මාෆීයාවක් මිස රාජ්‍ය ආයතනයක් නොවන බව ලාංකේය විදුලි පාරිභෝගිකයන්ට කියා දෙන්නට කෙනෙක් නැත.

මේ අතර, මැතිවරණය ගැන කතා කළ ජනාධිපති වික්‍රමසිංහ, රනිල් පරද්දනවාද යන්න නොව, නැවත 2022 අප්‍රේල් මැයි කාල වකවානුවට තල්ලූ කරනවාදැයි ජනතාව තීරණය කළ යුතුව බව කීය. සත්තකින්ම 2020 මැතිවරණයේදී ජනතාව කළේ ගෝඨා දිනවීම නොව රනිල් ගෙදර යැවීමය. අප්‍රේල් අරගලයේ උවමනාව එනම්  රටට අවශ්‍ය ක්‍රමයක් මිස පුද්ගලයෙක් නොවේ ය යන්න විවෘත සංවාදයක් විය යුතුවේ. එකී කතිකාවේදී මිලියන පහකට ආසන්න විදුල් බිල නො ගෙවා බුද්ධාගමට මුවා වී ලංවිම බය කරන මිහින්තලේ හාමුදුරුවන්ගේ ක්‍රියාව හා එකී හිඟ මුදල සුජිත් ප්‍රේමදාස විසින් ගෙවා දැමීමේ හොඳ නරක විමසිය යුතුවේ.

සජිත් එකී බිල ගෙවූයේ නිවන් යාමට නොව රටේ බලය ඇල්ලීමටය. හාමුදුරුවන් ලංවිමට පොලූ තැබුවේත් ගෙවන්න බැරිකම නොව පාලකයන්  බිය ගැන්වීමටය. මෙහි වැදගත්ම දේ සජිත් බස් ඛෙදන්නේත් හිඟ විදුලි බිල ගෙවන්නේත් තම සාක්කුවෙන් නොව කාගේ හරි පොකැට්ටුවෙනි. ඒ පොකැට් කාරයා ඉල්ලන සියල්ල දීමට අනාගතයේ සජිත්ලාට සිදුවේ.  

රාජ්‍ය සේවය කොට උඩ තබා අනුර කුමාරට නැති බලයක් පෙන්වීමට පාලකයාට තර්ජනය කරන වෘත්තීය සමිති අනුර බලයට පත්වූ පසුව අඩු පඩියට වැඩ කරන්නේ නැත. එයින් අදහස් වන්නේ සජිත් හැසිරවීම ධනවතුන් විසින්ද, අනුරගේ හැසිරවීම වෘත්තිය සමිති විසින්ද අනාගතයේ සිදු වන බවය. 

 

රනිල් වැෂ්නාඩ්සේ වැල් පාලමෙන් එතෙර වුණා ද? - (අජිත් පැරකුම් ජයසිංහ)ජනාධිපති වික්‍රමසිංහ
මේ කියවීම සමග ජනාධිපති වික්‍රමසිංහගේ රනිල් පරද්දනවාද යන්න නොව, රට නැවත 2022 අප්‍රේල් මැයි කාල වකවානුවට තල්ලූ කරනවාද නැද්ද යන ප්‍රකාශය තේරුම් ගත යුතුවේ. සර්ධාවන්තයන් දිවා රාත්‍රී නො මසුරුව පින් පෙට්ටි පුරවන හෙයින් ආගමික නායකයන්ට මොකා බලයට පත් වුණත් ඔවුන් දේශපාලනය කරන්නේ රටේ යහපතට නොවේ. 

වැඩ කළද නො කළද, ලාභ ලැබුවද නො ලැබුවද, මාසික වැටුප් අතුරු දීමනා ලැඛෙන හෙයින් රජයේ සේවකයන්ට මැතිවරණ යනු සූදුවකි. එහෙත් අව් වැසි නො බලා ගංවතුරු නියං ආපදා මැද  ගොවිතැනින් මුට්ට කර ගැනීමෙන් ජීවිත ගැට ගසා ගන්නා රටේ බහුතර ජනතාව දේශපාලකයන් පසුපස යමින් ගොන්පස් ඇල්ලීමට කාලයක් අවකාශයක් නැත. එහෙයින් ඔවුන් කතිර දායකයන් පමණි. ගොවි පන්තිය උදාහරණයට ගත්තොත් කෘෂිකර්මය හා බැඳී පවත්නා කිසිදු ගැට`ථවට ආධාර මිස නිත්‍ය විසඳුම් සෙවීමෙන් දේශපාලනඥයන්ට ලැඛෙන වාසියක් නැත. 

වලල තරුෂිලා මොනරාගල බට්ටිලා රටට කිර්තිය ගෙනාවේ එක එකා පසුපස යමින් ජයවේවා කියා නෙවේ. කට්ට කාලාය. කැප වෙලාය. ණය වෙලාය. අවදානම් දරා ගෙනය. කනකර උගස් කරාය. ඒ දරුවන්ගේ දෙමාපියන් දේශපාලන පක්ෂ පසුපස ගියා නම් බට්ටිලා තරුෂිලා මතු නොව දමයන්ති දර්ශලා සුසන්තිකාලා චමරි අතපත්තුලාත් ඡන්ද කොළ ඛෙදා පක්ෂ දිනවා ආණ්ඩුවේ රස්සා පෝලීමට එකතු වෙනවා මිස, තම ශක්තිය උරගා බලන්නේ නම් නැත. 

රටක් රාජ්‍යයක් යනු එහි ජීවත්වන්නන් විසින් ගොඩ නගා ආරක්ෂා කළ යුතු උරුමයන් මිස එක එකාගේ වාසියට බදු සල්ලි ඛෙදමින් දේශපාලන ඔට්ටු අල්ලන බූරු පිටියක් නොවේ. තවත් කියයි නම් මිහින්තලේ හාමුදුරුවෝ සහ සජිත් එහි ඔට්ටු අල්ලමින් සිටිති. ලංකාව පරයා සිංගප්පුරුව මැලේසියාව වැනි අසල්වැසි රටවල් ගොඩ නැගුවේ කැපවීමෙන් මිස අපි ආවොත් තොපි ගොඩ කියමින් රටේ මිනිස්සු රවටලා නම් නොවේ.

 

රනිල් ඉදිරියේ දණ ගැසීමට රාජපක්ෂලාට ඇත්තේ තව කොච්චර දුරක්ද?- රටේ රාළරනිල් පරද්දනවාද අප නැවත 2022 අප්‍රේල් මැයි කාල වකවානුවට තල්ලූ වෙනවාද?
රනිල් පරද්දනවාද අප නැවත 2022 අප්‍රේල් මැයි කාල වකවානුවට තල්ලූ වෙනවාද යන්න ගැඹුරෙන් සහ තාර්කිකව සාකච්ඡා කිරීමේදී කැපවීම හෙවත් කට්ට කමින් ගොඩ නැගුණ සිංගප්පුරු, මැලේසියා ආදි සාර්ථක අත්දැකීම් ගුරු කොට ගත් ජනතා පෙළ ගැස්මකට අප සූදානම් විය යුතුවේ. රනිල් පරද්දනවාද අප නැවත 2022 අප්‍රේල් මැයි කාල වකවානුවට තල්ලූ වෙනවාද යන ප්‍රශ්නය නැවත නැවත ඇසිය හැකිය. එස්.බී.දිනානායක කියැන්නැහේ ඉදිරි මැතිවරණ සටන සුරංගනා කතාවක් නොවන බව රනිල් තේරුම්ගත යුතුවේ. එසේම රටට ප්‍රතික්ෂේප කළ රාජපක්ෂලා මත යැපෙන රනිල් වික්‍රමසිංහට තවදුරටත් රාජපක්ෂ වහලෙකු වෙනවාට රටට ආදරය කරන කිසිවෙකු කැමති නොවන බවද එස්.බී.දිසානායක තේරුම් ගත යුතුවේ. 

කේ.එච්.ජේ. විජයදාස - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්