The Leader News
BREAKING
Top Ad
Opinion

තෙවරසක් තුළ බෞද්ධ භික්ෂූන්ට එරෙහිව ළමා අපයෝජන පැමිණිලි 300ක්! | Saroj Pathirana

T

The Leader Desk

May 29, 2026 • 9:50 AM

තෙවරසක් තුළ බෞද්ධ භික්ෂූන්ට එරෙහිව ළමා අපයෝජන පැමිණිලි 300ක්! | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව තුළ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ ළමා අපයෝජන චෝදනා සහ ඒ වටා ගොඩනැඟී ඇති නීතිමය හා සමාජීය තත්ත්වය පිළිබඳව බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක සරෝජ් පතිරණ මහතා විසින් විශේෂ අනාවරණයක් සිදු කර තිබේ.
  • ----------- ගතව ගිය තුන් වසර තුළ ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ 285කට එරෙහිව ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා.
  • අධිකාරිය පවසන අන්දමට ඒ අතරින් 27 දෙනෙකුට එරෙහිව නඩු පවරනු ලැබ තිබෙනවා.
  • එමෙන්ම 2023 මැයි පළමුවෙනි දින සිට 2026 මැයි පළමුවෙනි දින දක්වා කාලය තුළ භික්ෂූන් වහන්සේ කොතරම් පිරිසක් දඩුවම් ලබා තිබෙන්නේ දැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය සතුව දත්ත නොමැති බවත් ඇය සඳහන් කර තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ළමාරක්ෂක අධිකාරියේ (NCPA) සහ OCCRP ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයේ දත්ත ඇසුරෙන් ඔහු පෙන්වා දෙන්නේ, ගතවූ තෙවසර තුළ භික්ෂූන් 285 දෙනෙකුට එරෙහිව ළමා අපයෝජන පැමිණිලි ලැබී ඇති අතර ඉන් බහුතරයක් ලිංගික අපයෝජන චෝදනා බවයි. බලගතු පූජ්‍ය පක්ෂයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේදී පවතින බාධා, යුක්තිය පසිඳලීමේ ප්‍රමාදය සහ අටමස්ථානාධිපති හිමියන්ට එරෙහිව එල්ල වූ චෝදනාව ද ඇතුළුව මෙරට ළමාරක්ෂණ පද්ධතියේ ඇති බරපතල හිඩැස් පිළිබඳව මතු දැක්වෙන ෆේස්බුක් සටහන මඟින් දීර්ඝව විශ්ලේෂණය කෙරේ.

-----------

54mkjl
ගතව ගිය තුන් වසර තුළ ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ 285කට එරෙහිව ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා. අධිකාරිය පවසන අන්දමට ඒ අතරින් 27 දෙනෙකුට එරෙහිව නඩු පවරනු ලැබ තිබෙනවා.

OCCRP ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් මා කළ තොරතුරු විමසීමකට ප්‍රතිචාර දක්වමින් එහි නීති අධ්‍යක්ෂිකා නීතිඥ ප්‍රීතිකා සකලසූරිය සඳහන් කර තිබුණේ, චෝදනා ඉදිරිපත් වී තිබෙන පුද්ගලයින් කවුරුන් දැයි විමසමින් දත්ත වෙන් කිරීමට 2023 ජනවාරි මාසයට පෙර පැවති පැරණි දත්ත පද්ධතිය තුළ පහසුකම් නොමැති බවය. එමෙන්ම 2023 මැයි පළමුවෙනි දින සිට 2026 මැයි පළමුවෙනි දින දක්වා කාලය තුළ භික්ෂූන් වහන්සේ කොතරම් පිරිසක් දඩුවම් ලබා තිබෙන්නේ දැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය සතුව දත්ත නොමැති බවත් ඇය සඳහන් කර තිබුණා.

පැමිණිලි ලැබී තිබෙන පූජකවරුන්ගේ නම, තනතුර සහ බෞද්ධ භික්ෂුවක් ද හෝ වෙනත් පූජකයෙක් ද යන වග සඳහන් කරන මෙන් කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් නීති අධ්‍යක්ෂවරිය පවසා තිබුණේ එම ප්‍රශ්නයට පිළිතුරු දත්ත පද්ධතියෙන් ලබා ගත නොහැකි බවය.

ඉහත සඳහන් කළ පැමිණිලි අතරින් 70%ක්වත් ලිංගික අපයෝජන සම්බන්ධ චෝදනා බව, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ OCCRP කළ විමසීමකදී සඳහන් කළා. ගිහියන් මෙන්ම බෞද්ධ භික්ෂූන් ද පැමිණිලිකරුවන් අතර සිටින බවත් ඇය කියා සිටියා.

v6ughhh
Child Abuse Claims Made Against Nearly 300 Sri Lankan Buddhist Monks in Last Three Years

අපයෝජන සිදුවන ප්‍රමාණය පැහැදිලිවම පැමිණිලි ලැබෙන ප්‍රමාණයට වඩා ඉතා ඉහළ බව පෙන්වා දුන් සභාපතිවරිය, විවිධ හේතු නිසා පැමිණිලි ඉදිරිපත් කිරීමට බොහෝ දෙනා මැලිවන බවත් කියා සිටියා. විශ්ලේෂකයින් පෙන්වා දෙන පරිදි අධිකරණය ඉදිරියේ දරුවා යළිත් වරක් අපයෝජනයට ලක්වීම මෙන්ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයේ බරපතල ප්‍රමාදය එයට එක හේතුවක් විය හැකියි. යුක්තිය ඉටුවීම පමාවීම අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමට එක් ප්‍රධාන හේතුවක් බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ත් පසුගියදා පැවැත්වූ ප්‍රසිද්ධ දේශනයක දී සඳහන් කොට තිබුණා. මේ අතර අපයෝජනයට ලක්වන දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් මුහුණදෙන සංවේදී අත්දැකීම් පිළිබඳව දැනට ස්වීඩනයේ වාසය කරන වෛද්‍ය බෝධිනී සමරතුංග සංදේශය නාලිකාව සමග විස්තර කළා.


විශේෂයෙන්ම අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ඉදිරිපත් වූ ළමා අපයෝජන චෝදනාවේදී පැහැදිලිවම දකින්නට ලැබුණේ ධනවත් සහ බලවත් පූජ්‍ය පක්ෂයට එරෙහිව ඉදිරිපත්වන පැමිණිලිවල දී පොලිසිය ඇතුළු නීතිය පසිඳලන ආයතනවලින් පමණක් නොව ඇතැම් වෛද්‍යවරුන් ගෙන්  පවා සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බව. එහිමියන් අත් අඩංගුවට ගන්නා මෙන් බලකරමින් "කෙවිටක් රැගෙන පොලීසය පසුපස යාමට සිදු වූ" බව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්‍යක්ෂිකා නීතිඥ සජීවනී අබේකෝන් විවෘත අධිකරණය ඉදිරියේ කියා සිටියා. විශේෂයෙන්ම නායක භික්ෂුවක් යනු සමාජයේ ඉතා බලවත් සහ ධනවත් පුද්ගලයෙකු වීම එයට හේතුව බව ළමාරක්ෂක අධිකාරියේ නිර්මාතෘ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පෙන්වා දෙනවා.


ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසන පරිදි, ඉහත කී කාල සීමාව තුළ ක්‍රිස්තියානි පූජකවරුන්ට එරෙහිව ළමා අපයෝජන පැමිණිලි ලැබී තිබෙන්නේ දෙකක් පමණයි. ඒ හැරුණු කොට එම කාලය තුළ වෙනත් ආගම්වල පූජකයින්ට එරෙහිව කිසිදු පැමිණිල්ලක් ලැබී නැහැ.

සිය සේවාදායක භික්ෂූන් වහන්සේ ඔහුට එරෙහි සියලු චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන බව හේමරතන හිමියන් ගේ එක් නීතිඥයෙකු වන මහේෂ් කොටුවැල්ල OCCRP කළ විමසීමකදී කියා සිටියා. ළමා අපයෝජන චෝදනාව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන මෙන් නීතිපතිවරයා පොලිසියට දැනුම් දී තිබෙනවා. එබැවින් හේමරතන හිමියන්ට එරෙහිව මහාධිකරණයක් ඉදිරියේ චෝදනා ගොනු කරන්නේ ද, නැද්ද යන්න විමර්ශන අවසානයේ නීතිපතිවරයා විසින් තීරණය කරනු ඇති බවත් නීතිඥ කොටුවැල්ල සඳහන් කළා.

saroj pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 මැයි 28

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...