කොරෝනා වෛරසය මිනිස් ජීවිතවල නව පිටුවක් පෙරළමින් සිටී. තාක්ෂණය වඩා ඉදිරිගාමී ලෙස ශ්‍රී ලංකා සමාජය තුළ තීරණාත්මක සාධකයක් බවට පත්වන බවට ඉඟි මේ වන විටත් පළ කෙරෙමින් ඇත.

කොරෝනා වෛරසය ලෝකය පුරා පැතිරීයාමත් සමග ලෝකය භෞතිකව දුරස් වෙමින් එහෙත් තාක්ෂණිකව පෙරටත් වඩා සමීප විය. මිනිසා තාක්ෂණයට සේ ම ඒ හරහා මිනිසා මිනිසාට මේ සමීපතාව ගමන් කළේය. 

කොරෝනා ඒමට පෙර තාක්ෂණය මගහැරී බොහෝ දෙනා තාක්ෂණයට සමීප විය. ලෝකය සමග සමගාමීව දුර්වල ශ්‍රී ලාංකීය අධ්‍යාපනය කොරෝනාව සමග කිසියම් ආකාරයක ඉදිරි පියවරක් තබන්නට වූයේ මාර්ග ගත ඉගැන්වීම් ක්‍රමයක් අත්හදා බැලීමට යොමුවීම තුළිනි.


ටෙක්නෝෆෝබියා

ඕනෑම ක්‍රමවේදයක් මුල්ම වරට ක්‍රියාත්මක වන විට එහි දුර්වලතා තිබිය හැකිය. මාර්ග ගත ඉගැන්වීම් ක්‍රමය තුළ ද දුර්වලතා ඇත. ඒ එම ක්‍රමය සමස්ත රාජ්‍ය අධ්‍යාපනය ක්‍රමය තුළ සහ ශ්‍රී ලාංකීය ශිෂ්‍යා (පොදු අර්ථයෙන්) සමග ක්‍රියාත්මක කළ මුල්ම අවස්ථාව මෙය බැවිනි. 


''ඕනෑම ක්‍රමවේදයක් මුල්ම වරට ක්‍රියාත්මක වන විට එහි දුර්වලතා තිබිය හැකිය. මාර්ග ගත ඉගැන්වීම් ක්‍රමය තුළ ද දුර්වලතා ඇත. ඒ එම ක්‍රමය සමස්ත රාජ්‍ය අධ්‍යාපනය ක්‍රමය තුළ සහ ශ්‍රී ලාංකීය ශිෂ්‍යා (පොදු අර්ථයෙන්) සමග ක්‍රියාත්මක කළ මුල්ම අවස්ථාව මෙය බැවිනි. ''

නව තාක්ෂණය සමග ඇති දුරස්ථ බව, තාක්ෂණික උපකරණ භාවිතයේ ඇති අසමත්කම හෝ ඊට අවශ්‍ය කරන දැනුම සතු නොවීම ආදී ලෙස විශාල ලැයිස්තුවක් මෙම ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ පවතින අපහසුතා ලෙස යමෙකුට පෙන්වා දිය හැකිය.

“බොන්න වතුර ටිකක් නැති අපට මොන ඉන්ටර්නෙට්ද?, කන්න නැති මිනිස්සුන්ට ඬේට කාඞ් එකක් දාගන්න සල්ලි කොහෙන්ද?” අධ්‍යාපන සංගම්, ගුරු සංගම්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු බොහෝ දෙනෙක් පසුගිය කාලය තුළ එසේ මාර්ගගත අධ්‍යාපනය ප්‍රායෝගික නොවන බව කීවේය. 

“කොළඹට කිරි ගමට කැකිරි” පන්නයේ මැසිවිලි !

ඔවුන්ට අනුව වර්තමාන මාර්ගගත අධ්‍යාපන ක්‍රමය “කොළඹට කිරි ගමට කැකිරි” පන්නයේ වැඩකි. මේ සියල්ලටම පිළිතුර සෙවීම පසකින් තබා මේ කොටසේ අනු මාතෘකාවට අවධානය යොමු කළහොත්, එය මේ සියල්ලටම පිටුපස සිටින ප්‍රබල එහෙත් (අවිඥානික) වැදගත් සාධකයක් ලෙස දැක්විය හැකිය. (මාර්ගගත අධ්‍යාපනයට නැගෙන ප්‍රතිවිරෝධය ටෙක්ෆෝබියාව සමග සම්බන්ධ වන්නේ හෙජමොනික ස්වරූපයෙනි.)

මාර්ගගත අධ්‍යාපනයට එල්ල වන ප්‍රතිවිරෝධය පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රථමයෙන්ම එය ඉපදෙන භූමිය එසේත් නැතිනම් ඊට හේතුවන මූලය හඳුනාගත යුතුය.

ශ්‍රී ලංකාව ඇතුළු පහළ ආර්ථික වර්ධන වේගයකට හිමිකම් කියන රටවල එක් සංස්කෘතික ලක්ෂණයක් ලෙස ටෙක්ෆෝබියාව දැක්විය හැකිය. මෙය උසස් තාක්ෂණික උපකරණ (පරිගණක ස්මාට් ජංගම දුරකථන වැනි) සම්බන්ධව ඇති අහේතුක බියක් ලෙස සරලව අර්ථ ගැන්විය හැකිය. 
m2450165 800px wm                ටෙක්ෆෝබියාව ලෝකය තුළ මෙය බොහෝවිට මහලු පුරවැසියන් තුළ දැකගත හැකිය

ලෝකය තුළ මෙය බොහෝවිට මහලු පුරවැසියන් තුළ දැකගත හැකිය. අප සියලුදෙනාම දන්නා පරිදි ලංකාව තුළද එය එසේමය. නව යොවුන් තරුණ තරුණියන්ගේ දෙමාපියන්ගෙන් පවා වැඩි පිරිසකට නව තාක්ෂණික උපකරණ සමග ඇති සබැඳියාව ඉතාම අල්පය. 

ඇතැම් වැඩිහිටි ප්‍රජාව සහ තාක්ෂණය පිළිබඳව සැලකීමේදී දැකගත හැකි තවත් ලක්ෂණයක් වන්නේ තාක්ෂණය විනාශකාරී, හානිකර එසේත් නැතිනම් වැඩිහිටියෙකුගේ පූර්ණ අධීක්ෂණයකින් තොරව දරුවන්ට ළඟා වීමට නොදිය යුතු මාධ්‍යයක් ලෙසය. මෙයද එක්තරා ආකාරයක ගූඪ බියක් ලෙස හැඳින්විය හැකිය. 

එම නිසා වැඩිහිටියන් කිසියම් සුචරිතවාදී බලපෑම් කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් නව තාක්ෂණය හෙළා දැකීම් දැකිය හැකිය. එසේම තාක්ෂණය පිළිබඳව නොදැන සිටීමම ආභරණයක් බවට පත්කරගෙන ඇත.

''එම නිසා වැඩිහිටියන් කිසියම් සුචරිතවාදී බලපෑම් කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් නව තාක්ෂණය හෙළා දැකීම් දැකිය හැකිය. එසේම තාක්ෂණය පිළිබඳව නොදැන සිටීමම ආභරණයක් බවට පත්කරගෙන ඇත.''

තාක්ෂණය දන්නෙ නැතිවීමත්, තාක්ෂණයට සල්ලි නැතිවීමත් විලාසිතාවක් වන තරමටම සමාජය හැඩ ගැසීම කොතරම් ඛේදවාචකයක්ද? ලාංකික ඇතැම් පිරිසකට සල්ලි, තාක්ෂණය, පිළිවෙළට ඇඳීම පැළඳීම, හොඳින් කෑම බීම සෑහෙන සූරාකෑම් ස්වරූපයේ ලිබරල් සාධකය. තාක්ෂණය නොදැනීම, ඊට උනන්දු නොවීම, අපිළිවෙළට ඇඳීම පැළඳීම, දුප්පත්ව සිටීම සෑහෙන මානව හිතවාදී පුරුදුන්ය.

මේ බෙදීම කෙතරම් තීව්‍රදයත්, (ලිපියේ අනුභූතිමය සාධකය මත විග්‍රහයෙන්) තාක්ෂණික භාවිතය විවේචනාත්මක තලයක සිට (කොළඹට කිරි ගමට කැකිරි අර්ථයෙන්) මාධ්‍ය හැසිරවීම සෑබෑ ජනතා මනස වටහා ගන්නා, මානව හිතවාදී එසේත් නැතිනම් ජනතාවාදී, පොළොවේ තිබෙන ප්‍රශ්නය සැබෑ ලෙසම ග්‍රහණය කරගන්නා මාධ්‍ය හැසිරවීමක් වී ඇත.

තාක්ෂණය සුඛෝපභෝගී ද?
Tech img4 2
මාර්ගගත අධ්‍යාපනයෙහි ප්‍රායෝගික නොවන ඉසව්ව පිළිබඳව සාකච්ඡා කරන සංවාද තුළ නිතර මතුවන ප්‍රධානම සාධකයක් ලෙස හඳුනාගත හැක්කේ තාක්ෂණය සුඛෝපභෝගී බවත්, ඒ හේතුවෙන් ඈත දුෂ්කර දරුවන්ට එය භාවිත කිරීමේ අපහසුතා ඇතිවන බවත්ය.

එහෙත් තාක්ෂණය කියන තරම් සුඛෝපභෝගී නැත. අවම තරමින් මූලික වෙබ් බ්‍රවුසරයක් සහිත, සරල සමාජ ජාල මාධ්‍ය භාවිත කළ හැකි ස්මාර්ට් ජංගම දුරකතනයක් මෙරට පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් අති බහුතරයකට සපයාගත හැකිය. 

එය දවසේ කුලී වැඩ කර එදාවේල සරිකර ගන්නා කම්කරුවාගේද විධායක ශ්‍රේණියක නිලධාරියෙකුගේද දරුවාට කියා වෙනසක් නැත. වෙනස් වන්නේ වෙළෙඳ නාමය, කාර්යඵලය (Performance) ආදී සීමිත සාධක මතය.

මෙරට ජනගහණයෙන් පුද්ගලයන් සියදෙනෙකුට ජංගම දුරකථන 150.8 ක් !

#  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ දත්තවලට අනුව 2019 වසරේ දෙසැම්බර් මාසය වන විට මෙරට ජනගහණයෙන් පුද්ගලයන් සියදෙනෙකුට ජංගම දුරකථන 150.8 විය. 

#  එසේම ජංගම දුරකථන ඔස්සේ 3G හෝ 4G තාක්ෂණය භාවිත කරන පිරිස මිලියන එකොළහකට අධිකය. (11,392,156) 

#  ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තුමේන්තු දත්ත (2017) වලට අනුව මෙරට පාසල් අධ්‍යාපනය ලබන සිසුන් ගණන මිලියන හතරක් පමණ (4,165,964) වේ.

#  ඔබ ලංකාවේ ඕනෑම දුෂ්කර ගම්මානයක සංචාරය කර බලන්න. ජංගම දුරකථන පහසුකමක් නොමැති පවුලක් ඔබට හමුවීමේ ප්‍රතිශතය ඉතාම අවමය.


''පාසල් විෂය නිර්දේශවලට තාක්ෂණික විෂයන් හඳුන්වා දෙන විටද වර්තමානයේ මතුවන ප්‍රතිවිරෝධය එම කාලවලදී ද මතුවිය. ''

ජංගම දුරකථනයක් ඉහළ පාරිභෝගික භාණ්ඩයක් වූයේ මීට දශක දෙක තුනකට ඉහතදීය. ලංකාවේ මුල්ම ජංගම දුරකථන ජාලය බිහිවන්නේ 1989 දී ඒ සෙල්ටෙල් ආයතනයයි (අද එටිසෙලාට්) එසේම මෙරට අන්තර්ජාලය විශාල ලෙස පැතිරයාම දෙදහස් ගණන් පමණ වනතුරු සිදුවූයේ නැත. 

එසේම පාසල් විෂය නිර්දේශවලට තාක්ෂණික විෂයන් හඳුන්වා දෙන විටද වර්තමානයේ මතුවන ප්‍රතිවිරෝධය එම කාලවලදී ද මතුවිය. ඒ නිසා මෙම විරෝධය සැලකිය යුත්තේ සංස්කෘතික ත්වරණය (මහ සංස්කෘතිය තුළ සිදුවන) නිසා වැඩිහිටි ජනතාව නියෝජනය කරන සංස්කෘතිය සහ තරුණ පිරිස් නියෝජනය කරන සංස්කෘතීන් (උප සංස්කෘතීන්) අතර සිදුවන ගැටුමක් ලෙස විනා සමාජ පංතිමය විසමතාව මතය යන අර්ථයෙන් නොවේ.


නොස්ටැල්ජියාවේ සිරකරුවන්
93860 orig

මෙම තාක්ෂණික ප්‍රතිවිරෝධය නැගෙන්නට තවත් හේතුවක් වන්නේ වර්තමාන තරුණ පරම්පරාව තාක්ෂණයට කොටුවී සිටිනවා යැයි අදහසක් සමාජය තුළ පැවතීමයි. වැඩිහිටියන්ට අනුව ඔවුහු සිය ළමා කාලයේ වත්ත පිටියේ, අහල පහළ ළමුන් සමග ක්‍රීඩා කළෝය. ගමේ ටීටර් පෙන්නුවෝය. ඇළේ දොලේ පැන නා කියා ගත්හ. ඔවුන්ට අනුව මේවා අහිමි වර්තමාන තරුණ පරපුර ජීවිතය නොවිඳී. 

එහෙත් ඔවුන් වටහා නොගන්නා හෝ වටහා ගැනීමට අකමැති සත්‍ය නම්, වර්තමානයේ වේදිකාව පමණක් වෙනස් වී ඇති බවයි. වර්තමානයේ ලෝකය ඇඟිලි තුඩක දුරින් පවතී. මේ නිසා වර්තමාන සංස්කෘතීන් තුළ පෙර පැවති සංස්කෘතීන්වල පැවති සංවෘත ලක්ෂණ ශීඝ්‍රයෙන් අවලංගු වී යයි.

ඕනෑම සංස්කෘතියක් රඳා පවතින්නේ එහි ගලායෑම මතය. එසේත් නැතිනම් සංස්කෘතික ත්වරණය මතය. ගලා නොයන්නා වූ සංස්කෘතියක් මරණයට පත්වූ සංස්කෘතියකි. 


''ඕනෑම සංස්කෘතියක් රඳා පවතින්නේ එහි ගලායෑම මතය. එසේත් නැතිනම් සංස්කෘතික ත්වරණය මතය. ගලා නොයන්නා වූ සංස්කෘතියක් මරණයට පත්වූ සංස්කෘතියකි.'' 

එය තේරුම් ගැනීමට අප අතීතයට ගියහොත්, මීට වසර ගණනාවකට පෙර පොළොන්නරුව යුගයේදී පමණ කාන්තාවන් සිටියේ උඩුකය නිරුවත්වය. එකල වංශවත් කාන්තාවන් උඩුකය වැසෙන්නට ආභරණ පළඳින්නට විය. එය එම කාලයේ ශ්‍රී ලාංකික සංස්කෘතිය විය. 

එහෙත් වර්තමානයේ අප ශ්‍රී ලාංකික සංස්කෘතිය ලෙස හඳුන්වන සංස්කෘතියේ ඉහත ලක්ෂණය පවතීද? එහෙත් ඒ ලක්ෂණය නොපැවතුණා යැයි මෙය ශ්‍රී ලාංකික සංස්කෘතිය නොවේද? කාන්තාවන් උඩුකය නිරුවත් පොළොන්නරුව යුගයේත් එය ශ්‍රී ලාංකික සංස්කෘතිය වන අතර වර්තමානයේ කාන්තාවන් උඩුකය වසාගත් සංස්කෘතියද ශ්‍රී ලාංකික සංස්කෘතියම වේ.

''අතීතයේ යහළුවන් සිටියේ අහල පහල වුවත්, වර්තමානයේ යහළුවන් නොපෙනෙන, නොදකින, කිලෝමීටර දහස් ගණනක සිටිය හැකිවාක් පමණක් නොව, ඔවුන් සමග ක්‍රීඩා කිරීමටද හැකිය.''

අතීතයේ යහළුවන් සිටියේ අහල පහල වුවත්, වර්තමානයේ යහළුවන් නොපෙනෙන, නොදකින, කිලෝමීටර දහස් ගණනක සිටිය හැකිවාක් පමණක් නොව, ඔවුන් සමග ක්‍රීඩා කිරීමටද හැකිය.

යහපාලන රජය පැවති සමයේ ටැබ් පරිගණක බෙදාදීම ද මේ ආකාරයටම විවාදසම්පන්න විය. අවසානයේ එම වැඩපිළිවෙළ අසාර්ථක විය. මේ වැඩපිළිවෙළ අසාර්ථකවීමේදී එවකට විපක්ෂයේ සිටි වර්තමාන ආණ්ඩුවේ නියෝජිතයෝ ශ්‍රී ලාංකික ජනතාව තුළ පවතින ලිපියේ මුලින් සඳහන් කළ ටෙක්නෝෆෝබියාවට කළ ආමන්ත්‍රණය ඉවහල් විය. 

එකල විපක්ෂය නියෝජනය කළ උදය ගම්මන්පිල වැනි අය ටැබ් නිසා පිළිකා හැදෙනවා යැයි ආදී වශයෙන්ද කිසිදු පදනමක් නැති හිස් කතා කීය. ඒ හිස් කතාවලට ශ්‍රී ලාංකීය සමාජය ගිලගෙන ඇති ටෙක්නෝෆෝබියාව අවිඥානික උත්ප්‍රේරකයක් විය.

''එකල විපක්ෂය නියෝජනය කළ උදය ගම්මන්පිල වැනි අය ටැබ් නිසා පිළිකා හැදෙනවා යැයි ආදී වශයෙන්ද කිසිදු පදනමක් නැති හිස් කතා කීය. ඒ හිස් කතාවලට ශ්‍රී ලාංකීය සමාජය ගිලගෙන ඇති ටෙක්නෝෆෝබියාව අවිඥානික උත්ප්‍රේරකයක් විය.''

අනෙක් පසින් එකල ආණ්ඩුවේ භූමි දේශපාලනය වටහා නොගැනීමද හේතුවක් විය. අඩු පහසුකම් ඇති දුෂ්කර පාසලක් තෝරාගෙන මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කළා නම් එහිදී ආණ්ඩුව මීට වඩා සාර්ථකවීමට ඉඩ තිබුණි.

නැවත වතාවක් මාර්ගගත අධ්‍යාපන ක්‍රම දෙසට හැරුණහොත් “අලි ගහන්න පන්නන ගම්වල ළමයින්ට මොන ඔන්ලයින් එඩියුකේෂන්ද?” යන තර්කය නගන විට මතක් කරගත යුත්තේ අලි ගහන්න එනවිට දුවන්නේ ජංගම දුරකතනයේ ෆ්ලෑස් එක ගහගෙන බවය.

වර්තමානයේ අත්ඔරලෝසු අවශ්‍ය වන්නේ වේලාව බැලීමට නොව විලාසිතාවටය. වේලාව බැලීමට වර්තමානයේ බොහෝ දෙනෙකු යොදා ගන්නේ ජංගම දුරකතනයයි.

5c9cd9d7b01f2 3අවසානයේ සටහන් කළයුත්තේ කිසිවක් සියයට සීයක ප්‍රතිලාභ ලැබෙන ලෙස ක්‍රියාත්මක කළ නොහැකිය. ලංකාවේ පාසල් අධ්‍යාපනය ලැබිය නොහැකි ළමුන් කොපමණ පිරිසක් සිටිනවාද? ඒ නිසා පාසල් අධ්‍යාපන අසාර්ථකද? සිදුකරන්නේ පාසල් පවත්වාගෙන යන අතරතුර පාසල් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව අහිමි දරුවන්ට ඊට අවශ්‍ය කරන වටපිටාව සැකසීමය.

 ඒ ආකාරයටම සිදුවියයුත්තේ මාර්ගගත අධ්‍යාපනය ලැබීමට අපහසු දරුවන්ට ඊට ක්‍රමවේදයක් සකසමින් මාර්ගගත අධ්‍යාපනය පවත්වාගෙන යාම නොවේද?

( රසික ගුණවර්ධන -ravaya.lk)

සබැඳි පුවත් :
පාසල් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයට සහයවීමට ඩයලොග් එක්වෙයි !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්