The Leader News
BREAKING
Top Ad
Opinion

විදුලි බලේ පාඩුව රු බිලියන 38.73 (2025) ක් !

T

The Leader Desk

March 7, 2026 • 4:27 AM

විදුලි බලේ පාඩුව රු බිලියන 38.73 (2025) ක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 29.15 ක සැලකිය යුතු මූල්‍ය පාඩුවක් වාර්තා කර ඇති බව එහි නවතම මූල්‍ය ප්‍රකාශන වලින් හෙළි වී ඇත.
  • මේ අතර, සම්පූර්ණ 2025 වර්ෂය සඳහා CEB හි මුළු පාඩුව රුපියල් බිලියන 38.73 ක් ලෙස සදහන්වේ.
  • මේ වසර තුළ මෙහයුම් අලාභය රුපියල් මිලියන 26,125 ක වාර්තා වී ඇති අතර පෙර වසරේදී CEB විසින් රුපියල් මිලියන 159,830ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබුණු පසුබිමකයි.
  • මේ අයුරින් මෙහෙයුම් ලාබය අලාබයක් වී තිබියදී, පරිපාලන වියදම් පෙර වසරට වඩා 50%කින් ඉහළ ගොස් තිබීම පරිපාලනයෙ දක්ශතාවය හා කළමණාකාරීත්වය මොනවාට පිළිබිඹුකරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


2024 වර්ෂයේ ඊට අනුරූප කාර්තුවේදී වාර්තා වූ රුපියල් මිලියන 603 ක ලාභය හා සසඳන විට මෙය තියුනු ප්‍රතිලෝමයක් සනිටුහන් කරන අතර, වසරින් වසර ලාභදායිතාවයේ 4,929% ක පහත වැටීමක් පිළිබිඹු කරයි.

මේ අතර, සම්පූර්ණ 2025 වර්ෂය සඳහා CEB හි මුළු පාඩුව රුපියල් බිලියන 38.73 ක් ලෙස සදහන්වේ.

2025 වසරේ එලස පාඩු වුවද 2024 මූල්‍ය වර්ෂය සඳහා වාර්තා වූ මුළු රු බිලියන 141.60 ක ලාභයකි , බිලියන 100 ඉක්මවූ ලාබයක් 127% කින් පාඩුවක් බවට හැරවීම ගන්නා ලද තීන්දු තීරණ මොනවාදැයි රජය විසින් සොයා බැලිය යුත්තේ මෙවැනි ආයතන රජයටත් ජනතාවට දැවැන්ත බරක් වන නිසාය.

මේ වසර තුළ මෙහයුම් අලාභය රුපියල් මිලියන 26,125 ක වාර්තා වී ඇති අතර පෙර වසරේදී CEB විසින් රුපියල් මිලියන 159,830ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබුණු පසුබිමකයි. මේ අයුරින් මෙහෙයුම් ලාබය අලාබයක් වී තිබියදී, පරිපාලන වියදම් පෙර වසරට වඩා 50%කින් ඉහළ ගොස් තිබීම පරිපාලනයෙ දක්ශතාවය හා කළමණාකාරීත්වය මොනවාට පිළිබිඹුකරයි.


electricity 250704

මතක තබා ගන්න මේ පාඩුව ගල් අගුරු වංචාවෙන් සිදු වූ පාඩුවට පෙර පාඩුව බව එම පාඩුව මේ වසරේ මැද වන විට අපිට මූල්‍ය වාර්ථාවලින් දැක ගැනීමට හැකි අතර එහි ප්‍රතිඵල ඔබගේ විදුලි බිලෙන් ඔබට දැකගැනීමට හැකි වනු ඇත. එමෙන්ම පවතින යුදමය තත්වයන් හේතුකොට ගෙන තෙල් මිල ඉහලයෑම් නිසා පිරිවැය ඉහලයෑමක් ඉදිරියේදී වාර්ථාවිය හැකි අතර එයද අපගේ විදුලි බිලට එකතුවනු ඇත. ඒ අනුව සැලකිය යුතු මුදලකින් විදුලි බිල වැඩිකිරීමට නියමිතය. එසේ නොමැතිව ආණ්ඩුවට IMF වැඩසටහන තුළ ඉදිරියට යෑමට නොහැක මේ බර ජනතාව මත පැටවීමට නියමිතය. එම බර ගැන මේ දැවැන්ත මුල්‍ය පාඩු වංචා අපරාධ ගැන වෘත්තීය  සමිති මුනිවත රකින අතර විශයබාර ඇමති මෙන්ම අමාතංශයද අන්ද ගොලු බිහිරි ව ඇත.

ප්‍රතිසංස්කරණ නොමැතිව, හෝද හෝදා මඩේ දමමින් පැලැස්තර නියායට අනුකූලව තව කොපමණ කලක් මෙවැනි ආයතන ජනතාව මත බර පටවමින් ගෙනයාහැකිද?

මේවා දැවැන්ත පිපිරීමක් විශාල ආර්ථික අර්බුදයක් ලෙස පැමිණිමට හැකි බවට බලදාරීන් නිලදාරීන් මතක තබාගත යුතුය.  උගත් පාඩම් පිළිබදව මනා අවබෝදයක් නැති ව අනාගතයක් නොමැත.

සම්පූර්ණ වාර්ථාව මෙතනින්


Janath c Perera
(වචන | ජනත් පෙරේරා)
Assistant Manager (Communication) - Advocata Institute

janath@advocata.org


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විදුලි බලේ පාඩුව රු බිලියන 38.73 (2025) ක් ! | The Leader