ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ Youtube නාලිකාවෙන් ඉදිරිපත් කරන 500වන සාකච්ඡාවට සහභාගි වෙමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති පැවසුවේ මේ මොහොත වන විට යට කී ක්‍රම දෙකෙන් ම බැහැර වූ තත්ත්වයක් යටතේ ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය ලබාගෙන ඇති බවයි.
එබැවින් මේ මොහොතේ පැමිණ සිටින්නේ තුන්වන අවධියකට බවත්, එය දෘෂ්ටිවාදී අවධියක් ලෙස සදහන් කරන බවත් ඔහු අවධාරණය කළේ ය.
එම 500වන සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පසුගිය නොවැම්බර් 21වන දින නුගේගොඩට පැමිණි පිරිස මහාචාර්ය නලින් ද සිල්වා ගේ 'මගේ ලෝකය' කෘතිය හෝ ගුණදාස අමරසේකර ගේ 'සභ්‍යත්ව රාජ්‍ය' යනා දි කෘති නොකියවා තිබුණ ද විමල් වීරවංශ සහ තවත් එබඳු ම පුද්ගලයින් ගොඩනැගුනේ ඒ ඒ පුද්ගල චරිත හරහා බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත




