ඔහුට අනුව ඓතිහාසික වශයෙන් මෙබඳු ඡන්ද පදනමක් ලංකාවේ බිහිවීමට හේතු පාදක වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් එක් එක් අවධිවල ඔවුන් සමග සම්බන්ධ වූ: සමාජ කණ්ඩායම්, සමාජ තීර සහ සමාජ පංති කලකිරීම, අදාළ පක්ෂ ප්‍රතිව්‍යුහගත නොවීම සහ අලුතින් බිහිවන අය වෙත නායකත්වය ලබා නොදීම යනාදිය බවයි.
මෙම තත්ත්වය ‘‘පාවෙන හැඟවුම්කාරකය’’ ලෙස හැඳින්විය හැකි බව ද හෙතෙම පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ: ලංකාවේ අධ්‍යපානය තුළින් ජනතාව වෙත ලබා දී ඇත්තේ තරගකාරිත්වය පමණක් බවත්, ඒ වෙනුවට මිනිසුන්ගේ සංශ්ලේෂණ සහ විශ්ලේෂණ භාවය වර්ධනය කර සමාජයක් ලෙස වැඩ කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ අදහසක් ජනතාව වෙත ලබා නොදී ඇති බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ විඩියෝව යි.
සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
69 ලක්ෂයේ ඡන්ද පදනම හැදුණේ කොහොම ද...? - දීප්ති කුමාර පැහැදිලි කරයි - Ideas front වීඩියෝවක්
T
The Leader Desk
March 1, 2025 • 5:31 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙම තත්ත්වය ‘‘පාවෙන හැඟවුම්කාරකය’’ ලෙස හැඳින්විය හැකි බව ද හෙතෙම පැවසී ය.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ: ලංකාවේ අධ්‍යපානය තුළින් ජනතාව වෙත ලබා දී ඇත්තේ තරගකාරිත්වය පමණක් බවත්, ඒ වෙනුවට මිනිසුන්ගේ සංශ්ලේෂණ සහ විශ්ලේෂණ භාවය වර්ධනය කර සමාජයක් ලෙස වැඩ කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ අදහසක් ජනතාව වෙත ලබා නොදී ඇති බවයි.
- මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ විඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


