The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මවුපියන්ට පෙර දරුවන් මියයන යුගයක්! - ඇටමැස්සා (89)

T

The Leader Desk

January 5, 2021 • 8:12 AM

මවුපියන්ට පෙර දරුවන් මියයන යුගයක්! - ඇටමැස්සා (89)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලුත් අවුරුද්දක් එළැබිලා තවම දවස් ගානයි.
  •   2019 ජනවාරි 20 වැනිදා ඔහු ඉරිදා පුවත්පතකට මෙවැනි ප්‍රකාශයක් කරනවා.
  •   ඔහු තව දුරටත් කියා සිටින්නේ ලබු, කැකිරි, කොමඩු ආදිය හැකි තරම් ආහාරයට ගන්නා ලෙසයි.
  •   තමන්ගේ ඇමැති පට්ටම මාරු කරගන්න, ඇමැති පට්ටම උසස් කරගන්න, මන්ත්‍රීකමෙන් ඇමැති වෙන්නෙ උත්සාහ කරනවා හැරෙන්නට අපේ දරුවන්ට වස ගිල්ලවන එකෙන් ඔවුන්ව බේරා ගන්න මේ 225 න් එක්කෙනෙක්වත් නැද්ද ?
අකුරු ප්‍රමාණය (Font Size):
ඇටමැස්සා අලුත් අවුරුද්ද පටන් ගන්නේ පරණ නොවන කතාවකින්.
 
කතාව පටන් ගන්නේ මහාචාර්ය චන්න ජයසුමන ගෙන්.
 
2019 ජනවාරි 20 වැනිදා ඔහු ඉරිදා පුවත්පතකට මෙවැනි ප්‍රකාශයක් කරනවා.  WhatsApp Image 2021 01 05 at 3.26.12 PM
 
ඔහු කියන්නේ කෘත්‍රිම රසකාරක, වර්ණකාරක අඩංගු සුප් කැට කෑවොත්, බිව්වොත් වකුගඩු රෝග හැදෙනවාමයි කියලයි.
 
එපමණක් නොවෙයි සුප්‍රකටම සුප් කැටේ ඉතාම අගුණයි කියලා ඔහු කියනවා.
 
ඔහු තව දුරටත් කියා සිටින්නේ ලබු, කැකිරි, කොමඩු ආදිය හැකි තරම් ආහාරයට ගන්නා ලෙසයි.
 
මහාචාර්ය චන්න ජයසුමන දැන් රජයේ ඇමැතිවරයෙක්.
 
එතකොට එතුමාට බැරිද රසකාරක, වර්ණකාරක අඩංගු පිළිකාවට අත වනන, වකුගඩු රෝගවලට දොර හරින කෘත්‍රිම ආහාරපාන ගැන රජය පැත්තෙන් නීතියක් ගේන්න ...?
 
අජිනොමොටෝ ලංකාවට ගේන එක තහනම් කරන්න බැරිද?
 
පිටරටින් ගෙන්වන අත්‍යවශ්‍ය නොවන ආහාරපාන
 
පිළිබද ලැයිස්තුවක් සකස්කරන්න බැරිද?
 
මේ මේ ආහාරපාන  වර්ග දරුවන්ට දීමෙන් වැළැකී ඉන්න කියලා කෙළින්ම කියන්න කාටවත් කටක් නැද්ද ?
 
අපේ දරුවන් තමයි මේ රට බාර ගන්න අනාගත පරම්පරාව කියන බොරු බයිලා එක ගහනවට වඩා එහෙම කියන එක වටිනවා.
 
තමන්ගේ ඇමැති පට්ටම මාරු කරගන්න, ඇමැති පට්ටම උසස් කරගන්න, මන්ත්‍රීකමෙන් ඇමැති වෙන්නෙ උත්සාහ කරනවා හැරෙන්නට අපේ දරුවන්ට වස ගිල්ලවන එකෙන් ඔවුන්ව බේරා ගන්න මේ 225 න් එක්කෙනෙක්වත් නැද්ද ?
 
ඊළඟට කිරිපිටි. WhatsApp Image 2021 01 05 at 3.26.13 PM 1
 
කිරිපිටි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වාර්තාවක් තියෙනවා.
 
අපේ රටේ කිරිපිටි සාම්පල ‍යුරෝපයේදී පරීක්ෂාවට ලක් කළා.
 
ඒ අපේ රටේ විකුණන කිරිපිටිවල සත්ව තෙල් අඩංගු දැයි පරීක්ෂා කිරීමට යි.
 
එම වාර්තාවට අනුව කිරිපිටි වෙළෙඳ පොළේ අඩු මිලට අලෙවි කිරීම සදහා පාම් ඔයිල් එකතු කරන බව හෙළි වුණා. 
 
මේ නිසා ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රතිශතය ඉහළ ගොස් හෘද රෝග ඇතිවීම වැඩිවී ඇතැයි හෙළිදරව් වුණා. 
 
ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල සම්පූර්ණ යොදය ඉවත් කර පාම් තෙල් මිශ්‍ර කරන බව මෙමගින් හෙළිකරගෙන තිබේ.
 
එම වාර්තාව පදනම් කරගනිමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය, වෛ‌ද්‍යවරුන්, මහාචාර්යවරුන්, පෝෂණවේදින්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින්, ප්‍රමිති ආයතන නිලධාරින් ඒකාබද්ධව පිටු 200 ක විද්‍යාත්මක වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවට ආරංචි ඇත.
 
එම වාර්තාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ටම ලබාදීමට පියවර ගෙන තිබේ.
 
එපමණකි.
 
මියගිය කොරෝනා බොඩි වැළලීමට කමිටු පිට කමිටු දාන රජයකට ජීවත්වෙන දරුවන් අමතක වීම කෙතරම් ඛේදවාචකයක් ද?
 
කුකුළු ගොවිපොළක සේවය කරන සේවකයකුගේ  ප්‍රකාශයක් ඇටමැස්සාට දක්නට ලැබිණි.WhatsApp Image 2021 01 05 at 3.26.13 PM
 
එය මෙසේය.
 
"..... මම වැඩ කරන්නේ ........ කුකුළු ගොවිපොළේ.
 
අක්කර 55 යි.
 
ඔන්න පොඩි පැටියා ගේනවා.
 
අපි පළමු දවසේ දැක්කට පස්සේ ආයේ රවුමක් ගිහින් එන්නේ දවස් 7 කින්.
 
අර පොඩි පැටියා දැන් ඇවිදගන්නත්  බැරුව මහතයි.
 
දවස් 2 ක් වතුර නැතුව පිපාසේ තියනවා.
 
පව්!
 
ඊට පස්සේ බේත් දාපු වතුර දීපු ගමන් තිබහට බොනවා.
 
දවස් 45 න් කිලෝ 3 ක කුකුළෙක්.
 
මාර වසක්.
 
කීයටවත් දෙන්න එපා ළමයින්ට."
 
මේ ඔහුගේ ප්‍රකාශය ( පාපොච්චාරණය ) යි.
 
අප රට යමින් පවතින දිශාව තේරුම් ගැනීමට මෙය හොඳටම ප්‍රමාණවත් ය.
 
අඩු වයසින් දැරිවියන් වැඩිවියට පත්වන්නේ මෙකී බ්‍රොයිලර් කුකුළන්ගේ ආනුභාවයෙනි.WhatsApp Image 2021 01 05 at 3.26.14 PM 1
 
කපා විකුණන පොළොස්වලට දමන්නේ වැසිකිළි සෝදන රසායන ද්‍රව්‍යයයි.
 
කහ කුඩුවල ටෙක්ස්ටයිල් වර්ණක, වටානා පරිප්පු, කෘත්‍රිම සුවඳ යි.
 
අපේ රටේ මිනී වළලයි.
 
අල්ලන කහ පුච්චයි.
 
 
පිටකොටුවෙන් ගෙනෙන මිරිස් කරල් ගෝනිය සෝදන්නේ නැත.
 
එය කෙළින්ම යන්ත්‍රයට ඇතුළු කරන්නේ ගෝනියකට පාන් කුඩු කිලෝ 10 ක අනුපාතයට ය.
 
අප කන්නේ මේවාය.
 
 
පාරිභෝගික අධිකාරි, ප්‍රමිති ආයතනත් රටේ තිබේලු...!
 
 
පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්වරයා පවසන්නේ දිනකට පිළිකා රෝගීන් 76 දෙනෙකු අලුතින් ලියාපදිංචි වන බවයි.
 
ලක්ස්, ලයිෆ්බෝයි සබන් කැටවලට  මෙතෙක් කිසිදු රටක් භාවිතා නොකරන SDBS රසායනිකය යුනිලීවර් සමාගම විසින් යොදනු ලබයි.WhatsApp Image 2021 01 05 at 3.26.14 PM 2
 
ලක්ස්, ලයිෆ්බෝයි සබන් කැටවල සම්මත TFM අගය පවතින්නේ 76% කට වඩා පහළිනි.
 
මේ ටික පාර්ලිමේන්තුවේ දී කටක් ඇර කියන්නට කොන්දක් තිබුනේ විමල් වීරවංශට පමණි.
 
අනෙක් 223 ම ( එකක් අඩු යූ.එන්.පී. නැෂනල් ලිස්ට් එකා තවමත් නම් කර නැති බැවිනි ) මේ ගැන ලැජ්ජා විය යුතුය. ( ලැජ්ජාවක් තිබේ නම් )
 
මේ සටහන නිමා කරන්නේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ ප්‍රකාශයකිනි.
 
" අපේ රටේ පාන් පිටි කියලා කන්නේ තිරිඟු පිටි නෙවෙයි.
 
තිරිඟු පිටිවලින් ඉවතලන දෙයක්.
 
අපි හවසට ගෙදර යන ගමන් ෂෝට් ඊට්ස් කඩවලින් අරගෙන යන්නේ වහ.
 
ඒවා දරුවන්ට කවලා දරුවනුත් ලෙඩ වෙනවා.
 
මේ ආහාර රටාව වෙනස් නොකර ගත්තොත් උදාවෙන්නේ දෙමාපියන්ට තමන්ගේ දරුවන්ගේ මළගම දකින්න වෙන අවාසනාවන්ත කාලයක්."
 
 
අප ජීවත් වන්නේ මේ සත්‍යය නොතේරෙන කාළකණ්නි රැළක් මැදය.
 
තනි තනිව හෝ මේ විපතින් ගැලවෙමු.  vasa 05
 
(ඇටමැස්සා )
 
**************************************
 
 
The Leader TV පුවත් විකාශය !
 
 
 

මේ ආණ්ඩුවේ වැඩ කරන්නේ තුන්දෙනයි - පීබී කියයි.

 

දුමින්ද එළියට - විනිසුරුවරිය ඇතුළු තුනක් ඇතුළට - ජනාධිපති කොමිසම නිර්දේශ කරයි
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...