The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

ජුලි 9 හා ගෝඨාභය රාජපක්ෂ - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

July 10, 2023 • 5:25 AM

ජුලි 9 හා ගෝඨාභය රාජපක්ෂ - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (ජුලි 09) වැනි දිනක මහජන බලය හමුවේ රටින් පළා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි?
  • සිංහල ඡන්දවලින් පමණක් වුව ජනාධිපතිවරණය ජය ගත හැකි බව ඔහු ඔප්පු කළේය.
  • 2019 වන විට ලංකාව ආර්ථික, දේශපාලනික මෙන්ම ආරක්ෂාව පැත්තෙන් පවා අරාජිකවාදයකට ගොදුරු වෙමින් තිබිණි.
  • එයින් ඔහු ව්‍යවසායකත්වය දිරිගන්වන්නට බලාපොරොත්තු වන්නට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ගෝඨාභය රාජපක්ෂ 2019දී බලයට පත්වුණේ 69 ලක්ෂයක ඡන්දවලිනි. සිංහල ඡන්දවලින් පමණක් වුව ජනාධිපතිවරණය ජය ගත හැකි බව ඔහු ඔප්පු කළේය.

ඔහු සම්පූර්ණයෙන්ම පොහොට්ටුවේ ජනාධිපතිවරයකු නොවේ. ඔහු එක්තරා අන්දමකින් පොදු අපේක්ෂකයෙකි. ඔහු බලයට පත් කළ ජාතික අපේක්ෂාවක් තිබිණි. ඒ කුමක්ද?

2019 වන විට ලංකාව ආර්ථික, දේශපාලනික මෙන්ම ආරක්ෂාව පැත්තෙන් පවා අරාජිකවාදයකට ගොදුරු වෙමින් තිබිණි. මෙම අර්ධ අරාජිකවාදය හමුවේ ගෝඨාභය දිනවූ ජාතික අපේක්ෂාව වුණේ අරාජිකවාදය අවසන් කිරීම, ආර්ථික, දේශපාලනික හා සමාජ විනය, රාජ්‍ය කාර්යක්ෂමතාව හා රාජ්‍ය මූලිකභාවය රැකගනිමින් නිදහස් වෙළඳපොළ ශක්තිමත් කිරීමයි.

 109653269 slmahinda 

එහෙත් සිදු වූයේ එහි අනෙක් පැත්තයි. ඔහු ආ හැටියේ බදු ලිහිල් කරමින් රාජ්‍ය ආදායම බිඳ දැමුවේය. එයින් ඔහු ව්‍යවසායකත්වය දිරිගන්වන්නට බලාපොරොත්තු වන්නට ඇත. එහෙත්, මාස කීපයකින් කොවිඩ් අධි වසංගතය පැමිණියේය. ඔහු වටා සිටි සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත ඔහු අනවශ්‍ය තරම් රට වසා තැබුවේය. එයින් ආර්ථිකයට වන දීර්ඝ කාලීන හානිය තැකුවේ නැත. එසේම, රාජ්‍ය අරමුදල්වලින් පන්දාහේ පියලි බෙදමින් මිනිසුන්ට නිකම් සිටින්නට දිරිගැන්වූයේය. ධම්මික පැණිය වැනි විකාර රැසකට ඉඩ දුන්නේය. අවසානයේදී එන්නත් හා කොවිඩ් යන දෙකම ආවේය. තවමත් ඇත. දැන් කොවිඩ් සාමාන්‍ය හෙම්බිරිස්සාවක මට්ටමට පත්වී හමාරය. කවුරුවත් ගණන් ගන්නේ නැත. කොවිඩ්වලින් ලෝකයේ දැවැන්ත බිස්නස් එකක් සිදු විය. ලංකාවේ ද ගෝඨාභයගේ ගෝලයන් කොවිඩ්වලින් සරුසාර බිස්නස් කළහ.

ඔහුගේ කාලයේ හා රාජපක්ෂ පවුලේ දූෂණ ගැන විමර්ශනය කළ යුතුය. දූෂණ ගැන ප්‍රබන්ධය සහ සැබෑ දූෂණ අතර වෙනස සොයාගත යුතුය.

මේ අතර රට නැවත අරාජික වන්නට පටන් ගත්තේය. ආරක්ෂාව තර කරන්නට යම් යම් උත්සාහයන් දැරූ කමල් ගුනරත්න, සරත් වීරසේකර වැනි මිලිටරි දේශපාලකයන්ට ඔහු ඉඩ දුන්නේ ද නැත.

මේ අතර, ලක්ෂයකට වැඩි අලුත් රාජ්‍ය නිලධාරීන්ගෙන් රාජ්‍ය සේවය ද පුරවන ලදී. ඔහු සියලු ජනප්‍රියවාදයන් පසුපස යනු දක්නට ලැබිණි.

03 Don
පොහොර ආනයනයට විදේශ විනිමය නැති වන විට ඔහු කාබනික පොහොර ප්‍රවර්ධනය කළේය. එහි වරදක් නැත. කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කරමින් සිටි සංවිධානවල ප්‍රචාරයන්ගෙන් රැවටී සිටි කාගේ හෝ උපදෙස් පිළිගනිමින් පොහොර පමණක් නොව කෘෂි රසායනික ද තහනම් කිරීමේ ගොබ්බ තීරණයක් ගත්තේය.

ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපකාර ලබාගන්නැයි, ණය ප්‍රතිව්‍යූහගතකරනයකට යන්නැයි ආර්ථික විශේෂඥයන් දුන් උපදෙස් හමුවේ ඔහු තීරණයක් ගන්නට පැකිළුණේය.

අර්බුදය අත ළඟ තිබියදී අවුරුදු දෙකක් ඉගැන්වීම හරියට නොකර සිටි ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කර දෙන්නට පවා ආර්ථික අර්බුදය මුවවිටදී ඔහු නිර්ලෝභී විය.

අරගලය මතු වෙද්දී ඔහු අරගලකරුවන් කියූ හැම දේම කළේය. තම කාර්යාලය වට කරගෙන සිටි උද්ඝෝෂණකරුවන්ට එය දිගට කරගෙන යන්නට ඉඩ හැරියේය. පවුල සමග සම්බන්ධකම් බිඳ දමා ගනිමින් සහෝදර සමාගමට අගමැතිකම්, ඇමතිකම්වලින් ඉවත් වන්නැයි කීවේය.

මැයි 9 පළිගැනීමේ ප්‍රහාරවලින් තම පක්ෂයේ ක්‍රියාකාරිකයන් ආරක්ෂා කිරීමට පියවර නොගෙන ඔවුන්ගේ ගෙවල් හා දේපල විනාශ කිරීමට ඉඩ හැරියේය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු හා ඔහුගේ ආරක්ෂක පොලිස් නිලධාරියකු මහ මග පොලුවලින් ගසා මරා දමන ලදී. ඔහු තත්වය පාලනය කළේ නැත.



මිරිහානේ ගෙදරින් ජනාධිපති මන්දිරයට පැමිණ සිටි ඔහු අවසානයේදී මහජනයා මේ අන්දමින් ඔහු පළවා හැරීමට කඩාවදිනු ඇතැයි දැන නොසිටියේය. අවසානයේදී පස්සා දොරින් පළාගොස් ඉල්ලා අස්වීම ලබාදුන්නේය.

ඔහු කළ බුද්ධිමත්ම කාර්යය රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත් කිරීමයි. ඔහු කළ යුතුව තිබුණු කාර්යය රනිල් කරමින් සිටී.

ඉතිහාසයේ සිටි ප්‍රජාතාන්ත්‍රිකම ජනාධිපතිවරයා ඔහුය. එසේම, මෑත ඉතිහාසයේ සිටි අසාර්ථකම රාජ්‍ය නායකයා ද ඔහුය.

 109652887 slgotabaya

ඉතිහාසයේ සිටි ප්‍රජාතාන්ත්‍රිකම ජනාධිපතිවරයා ඔහුය. එසේම, මෑත ඉතිහාසයේ සිටි අසාර්ථකම රාජ්‍ය නායකයා ද ඔහුය.

එහෙත්, ඔහු වැදගත් පරිවර්තන කීපයකට මුල පිරුවේය. ඔහු සිංහල බෞද්ධ ජාතික අභිමානයට මරණීය තුවාල ඇති කළේය. සිංහල බෞද්ධ ජාතිකවාදයට දැන් පරිවර්තනය නොවී යළි සුවපත් විය නොහැකිය. අනෙක් පැත්තෙන් ඔහු ඊනියා කාබනික ගොවිතැන නම් පිස්සුව හොඳ කළේය. තුන්වන කාරණය ඔහු රාජ්‍ය මූලික ආර්ථිකය අවසන් කළේය. ලාංකීය මධ්‍යම පන්තික අධි පාරිභෝජනවාදී සිහිනවලට ද තිත තැබුවේය.

අප ඉදිරියට යන්නේ ඔහු අවසන් කළ තැන්වල සිටය.


රාජපක්ෂ ක්‍රමය වෙනස් කරන්නට කළ හැකි හොඳම දේ ? - (අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...