BREAKING
Top Ad
පුවත්

ඉලක්ක සපුරා ගැනීමට AI තාක්ෂණය ප්‍රවර්ධනය කළ යුතුයි -ජනපති

T

The Leader

May 31, 2024 • 11:07 PM

ඉලක්ක සපුරා ගැනීමට AI තාක්ෂණය ප්‍රවර්ධනය කළ යුතුයි -ජනපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණික ක්‍රම රට තුළ ප්‍රවර්ධනය කළයුතු බව ජනාධිපති රනිල්
  • කෘතිම බුද්ධිය මෙරට විවිධ ක්ෂේත්‍ර සඳහා හඳුන්වාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන් ඇතුළු පිරිසක් සමඟ පෙරේදා (මැයි 30) පැවැත්විය.
  • ඒ නිසා අප එය ජාතික වශයෙන් ක්‍රියාත්මක කළේ නැහැ.
  • අපිට පවතින ණය ගෙවීම සඳහා 2027 සිට 2040 දක්වා කාලයක් ලබා දී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වික්‍රමසිංහ පවසයි.

AI තාක්ෂණය මෙරටට හඳුන්වාදීම පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.

කෘතිම බුද්ධිය මෙරට විවිධ ක්ෂේත්‍ර සඳහා හඳුන්වාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන් ඇතුළු පිරිසක් සමඟ පෙරේදා (මැයි 30) පැවැත්විය.

ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල සිසුන් සහ ආචාර්යවරුන් කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් මේවන විට සිදුකරමින් පවතින ව්‍යාපෘති පිළිබඳ ද අදහස් පළකළේය.

''තාක්ෂණය ගැන සැලකූ විට ශ්‍රී ලංකාවට විශාල පිම්මක් පනින්න ඕනේ. තාක්ෂණය අතින් අපි ගොඩක් පසුපසින් ඉන්නවා වගේම තාක්ෂණික දැනුම ආර්ථික ප්‍රතිලාභ සඳහා යොදාගෙන නැහැ. නව ක්ෂේත්‍රය තමයි AI නැතිනම් කෘත්‍රිම බුද්ධිය. අපිට AI අංශයෙන් පසුබසින්න බැහැ අපි AI සමඟ ඉදිරියට යනවා නම් අනෙක් තාක්ෂණික දැනුමත් ඒ සමඟ වැඩි දියුණු කරගන්න හැකි වේවි. අනාගතයේදී අපිව විනිශ්චය කරන ප්‍රධානම මිනුම් දණ්ඩ වන්නේ අපි AI භාවිත කරන ආකාරයයි.

එහිදී අපට අපහසුතාවයට පත්වන්න බැහැ. තොරතුරු තාක්ෂණයේදී අප කළ වරද මෙහිදී කරන්න බැහැ. තොරතුරු තාක්ෂණයේදී අප සැමවිටම අවධානය යොමු කළේ ව්‍යාපෘති පිළිබඳ මිස ඒවායේ යෙදීම පිළිබඳ නොවේ. ඒ නිසා අප එය ජාතික වශයෙන් ක්‍රියාත්මක කළේ නැහැ. එහි ප්‍රතිඵලය තමයි ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව අපි පසුපසින් පසුවීම. අපි තාක්ෂණික අමාත්‍යාංශය හා එක්ව ඩිජිටල් පරිවර්තන නියෝජිතායතන පිහිටුවීමට කටයුතු කරනවා. ඩිජිටල්කරණය හරහා සමාජ ආර්ථික පරිවර්තනයක් ද සිදුකළ යුතුයි. එය ව්‍යාපෘතියකින් ඔබ්බට ගිය තත්ත්වයක්.

අප ආනයන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් කරා ගමන් කරමින් පවතින නිසා මෙය ඉතාමත් වැදගත් වනවා. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡා මේවන විට අවසන් අදියරේ පවතිනවා. අපිට පවතින ණය ගෙවීම සඳහා 2027 සිට 2040 දක්වා කාලයක් ලබා දී තිබෙනවා. ඒ නිසා 2025වන විට අපි ආර්ථිකයේ සැලකිය යුතු පරිවර්තනයක් ඇතිකළ යුතුයි. AIවලට එහි ප්‍රධාන භූමිකාවක් පවතිනවා. ඒ හේතුව නිසයි මම AI දිරිමත් කරන්නේ.'

(adaderana.lk)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...