The Leader News
BREAKING
Top Ad
Opinion

විසඳුමක් ගැන සංවාදයට යෝජනා දහයක් ! -(අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

April 4, 2022 • 11:34 AM

විසඳුමක් ගැන සංවාදයට යෝජනා දහයක් ! -(අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෑවුරුද්දකට මඳක් ඉහත කාලයේදී ජනප්‍රියත්වයේ මුදුන් හිණි පෙත්තේ සිටි රාජපක්ෂ පවුල අද වන විට දැවැන්ත සමාජ වෛරයකට ලක්වී තිබේ.
  • එහෙත්, රාජපක්ෂලා 2010දී සරත් ෆොන්සේකාගෙන් පළිගත්තේ මුලින් අත්අඩංගුවට ගෙන පසුව චෝදනාවක් සොයාගැනීමේ ක්‍රමයෙනි.
  •   රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රාජපක්ෂලාගේ අනුග්‍රහයෙන් රජයක් පිහිටුවා ප්‍රශ්නය ගොඩින් බේරාගන්නට හැකියාව තිබුණද, ආණ්ඩුව සුපුරුදු ලෙසම තීරණ ගැනීමට පසුබාමින් සිටි බැවින් මේ වන විට එය ද දුෂ්කර වී තිබේ.
  • ප්‍රධාන සටන් පාඨය ජනාධිපති ඉල්ලා අස්විය යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඔවුන්ට රටින් පළායන්නට නොදී, සොරාගත් මුදල් ආපසු ලබාගත යුතු බව මහජනයා ඉල්ලති.

එය ප්‍රජාතාන්ත්‍රික හා නීත්‍යානුකූල ක්‍රම හරහා සිදුකිරීම දුෂ්කර දෙයකි. එහෙත්, රාජපක්ෂලා 2010දී සරත් ෆොන්සේකාගෙන් පළිගත්තේ මුලින් අත්අඩංගුවට ගෙන පසුව චෝදනාවක් සොයාගැනීමේ ක්‍රමයෙනි. රාජපක්ෂලාට ද එවැනිම තත්වයකට මුහුණදෙන්නට සිදුවන තත්වයක් නිර්මාණය වෙමින් තිබේ.

එහෙත්, එම ක්‍රියාමාර්ග ප්‍රජාතාන්ත්‍රික නැත. විප්ලවීය විය හැකිය. කරන අය වගකීම් භාරගෙන හරියට කළ යුතුය. රාජපක්ෂ පවුලේ පවා මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ නම්, එසේ කරන අය අවදානම භාරගත යුතුය.

 

ranil wickremesinghe

රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රාජපක්ෂලාගේ අනුග්‍රහයෙන් රජයක් පිහිටුවා ප්‍රශ්නය ගොඩින් බේරාගන්නට හැකියාව තිබුණද, ආණ්ඩුව සුපුරුදු ලෙසම තීරණ ගැනීමට පසුබාමින් සිටි බැවින් මේ වන විට එය ද දුෂ්කර වී තිබේ. පවතින තත්වය තුළ රනිල් වික්‍රමසිංහ වා එවැනි වගකීමක් භාරගනීද යන්න සැක සහිතය.

 

මෙම සටහන තබන මොහොත වන විට ඇමති මණ්ඩලය ඉල්ලා අස්වී තිබේ. එහෙත්, වීදියේ සටන අවසන් වී නැත. ජනතාව එයින් තෘප්තිමත් වී නැත. ප්‍රධාන සටන් පාඨය ජනාධිපති ඉල්ලා අස්විය යුතු බවයි. අගමැති ඉල්ලා අස්වුවද තත්වය සමනය නොවනු ඇත.

එහෙත්, රට අරාජික වීම හා කතානායක මහින්ද යාපා අබේවර්ධන වැනි අපතයන් ව්‍යවස්ථානුකූලව ජනාධිපති වීම වැළැක්වීම ද අවශ්‍යය. ඉල්ලා අස්වන්නට ද ක්‍රමයක් තිබිය යුතුය.

ජනාධිපති, අගමැති හා ඇමතිවරු හැංගිලාය. නාමල් රාජපක්ෂ මුලින්ම ඇමතිකමින් ඉල්ලා අස්විය. කිසිදු වගකිවයුතු පාලකයෙකු ජනතාව හෝ මාධ්‍ය ඉදිරියට එන්නේ නැත. ජනාධිපති ජාතිය අමතන්නේ ද නැත.

විරෝධතාවාදී මහජනයා වෙතින් සියලු දේශපාලන පක්ෂවලට විරෝධය එල්ලවේ. මෙම තත්වය තුළ භාරකාර රජයක් පත්කරගැනීම ද ගැටලුවකි.

 

කිසිදු දේශපාලන පක්ෂයක් පවතින තත්වයට විධිමත් විසඳුමක් යෝජනා කරන්නේ ද නැත. විසඳුමකට මාර්ගයක් සකස්කරගැනීම සඳහා සංවාදය පිණිස අපි පහත දැක්වෙන යෝජනා ඉදිරිපත් කරන්නෙමු.

 

1- පාර්ලිමේන්තුව වහා රැස්වී මෙම අර්බුදකාරී අවස්ථාවේ පාර්ලිමේන්තුවට පිළිගත හැකි තාවකාලික ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණිය යුතුය. මෙය කෙසේ හෝ සිදුකළ යුතුය. මෙම යෝජනා මහජනතාව විසින් ප්‍රතික්ෂේප කළ හැකි බව ද පත්වන නායකයන්ට ද විරෝධතාවලට මුහුණදීමට සිදුවන බව අවබෝධ කරගත යුතුය.

2- 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුය. හැකිනම්, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විධිමත් කළ යුතුය.

3- ජනාධිපති හා අගමැති ඉල්ලා අස්විය යුතුය. රාජපක්ෂ පවුල ඇතුළු ආණ්ඩුවේ සියලු දේශපාලකයන්ට ආරක්ෂාව සැලසිය යුතුය. ආර්ථිකය විනාශ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව වහා විමර්ශන ආරම්භ කළ යුතුය.

4- පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ අතර සම්මුතියකින් තාවකාලික භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. එයට සහයෝගය දෙන ලෙස සියලු පක්ෂවලට මහජනයා බල කළ යුතුය.

 

5- මහජන ගැටලු සම්බන්ධයෙන් ක්ෂණිකව විසඳුම් යෝජනා කිරීමට භාරකාර ආණ්ඩුව කටයුතු කළ යුතුය. තාවකාලික ආණ්ඩුවකට ගත හැකි ක්‍රියාමාර්ග තුළ ස්ථාවර විසඳුම් ලබාදිය නොහැකි විය හැකිය. තිබෙන තත්වය ආණ්ඩුව මහජනතාවට අවංකව පැහැදිලි කරදිය යුතුය.

 

6- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එකඟ වන්නේද වැනි අත්‍යවශ්‍ය, හදිසි කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුය. භාරකාර ආණ්ඩුව මතභේදාත්මක ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සීමා කළ යුතුය.

7- වංචාව, දූෂණය නැවැත්වීම ස‍ඳහා අවශ්‍ය නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට භාරකාර ආණ්ඩුව කටයුතු කළ යුතුය.

8- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ, ජනාධිපතිගේ, එම තනතුරු කලින් දැරූ පුද්ගලයන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ අසාධාරණ වරප්‍රසාද සීමා කළ යුතුය.

9- මහජනතාව පැත්තෙන් භාරකාර ආණ්ඩුව සමග සම්මුතියක් අවශ්‍යය. භාරකාර ආණ්ඩුව හැකි ඉක්මණින් මැතිවරණ පැවැත්විය හැකි වාතාවරණයක් නිර්මාණය කළ යුතුය. මැතිවරණවලදී වියදම් සීමාකිරීමේ නීති සම්පාදනය කළ යුතුය.

10- මුදල් බලය මත නොව, සැබෑ මහජන කැමැත්ත මත ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් මහජන නියෝජිතයන් පත්කරගත හැකි ක්‍රමයක් වෙනුවෙන් මහජනයා ක්‍රියාමාර්ග ගත යුතුය. සියලු දේශපාලන පක්ෂවලට තම ප්‍රතිපත්ති අව්‍යාජව ඉදිරිපත් කරන ලෙස හා සංවාදයට භාජනය කරන ලෙස බලකළ යුතුය.


ප්‍රියන්ත කුමාර නමින් මොබ් ප්‍රචණ්ඩත්වය පිටුදකින්න -අජිත් පැරකුම් ජයසිංහ(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk
2022.04.04


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විසඳුමක් ගැන සංවාදයට යෝජනා දහයක් ! -(අජිත් පැරකුම් ජයසිංහ) | The Leader