The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝඨාභය හිරේ යන හැටි | Ajith Parakum

T

The Leader Desk

March 22, 2026 • 9:51 AM

ගෝඨාභය හිරේ යන හැටි | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝඨාභයට (ශිරන්තිට හා හිටපු නීතිපති මොහාන් පීරිස්ට) ගෙනෙන ෆ්ලැට් එකක ගෙවල් දේශපාලන හිතවතුන්ට බෙදුවාය කියන චෝදනාවත් හරියට අර කැරම් බෝඩ් බෙදුවා කියන චෝදනාව වගේම තමයි.
  • දේශපාලන හිතවත්කම් වෙනුවෙන් ගෙවීම් කරන්නෙ ඔය වගේ පොදු බෙදා දීම් ඇතුළට තමන්ගෙ අය තල්ලු කිරීමෙන්.
  • ඔවුන් තමන්ගෙ වෙන්නෙ එක්කෝ ප්‍රාදේශීය දේශපාලකයන්ගෙ නිර්දේශය මත.
අකුරු ප්‍රමාණය (Font Size):


බෙදලා තියෙනවා. දේශපාලන හිතවතුන් කියන්නෙ කවුරුද?

ඔය දේශපාලන හිතවත්කම කියන එක ඔප්පු කරන්නට පුළුවන් නම්, ඒ පිරිස අතරත් අරගලයට ගිය, අනුරට ඡන්දෙ දුන්න පිරිස් හිටියොත් මොකක්ද වෙන්නෙ?

new dg ciaboc

මේ ආණ්ඩුවත් සියලු තනතුරු දීලා තියෙන්නෙ දේශපාලන හිතවත්කම්වලට. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කළේ, තෝරාගැනීමෙ පරීක්ෂණවලදි දෙවැනියා වුණ, මූලික සුදුසුකමක් වන විමර්ශන පළපුරුද්ද නැති කෙනෙකුව. නැසී ගිය නන්දන ගුණතිලක කියූ පරිදි පක්ෂෙ නීති කමිටුවෙත් හිටපු කෙනෙක්. ඒකෙ වරදක් තියෙනවාය කියල මං හිතන්නෙ නැහැ. ජවිපෙට දේශපාලන වැඩසටහනක් තියෙනවා. ඒ සඳහා ඔවුන් තනතුරු දීම සඳහා තමන්ගේ අය තෝරාගන්නවා.

ඕනැම ආණ්ඩුවක් දේශපාලන හිතවතුන්ට සලකනවා. තමන්ගෙ සමීපතම කීපදෙනා හැර දේශපාලන හිතවතුන්ට සැලකුවේ නැති දේශපාලකයකු ඉන්නවා නම් ඒත් රනිල් වික්‍රමසිංහ විතරයි. දේශපාලන හිතවත්කම් වෙනුවෙන් ගෙවීම් කරන්නෙ ඔය වගේ පොදු බෙදා දීම් ඇතුළට තමන්ගෙ අය තල්ලු කිරීමෙන්. ඔවුන් තමන්ගෙ වෙන්නෙ එක්කෝ ප්‍රාදේශීය දේශපාලකයන්ගෙ නිර්දේශය මත. එහෙම නැතිනම්, මහජන දිනවල ඇවිත් ගහන කනිපින්දම් මත.

දේශපාලන හිතවතුන්ට සලකන්නෙ බොහෝ විට නිර්ණායක වංගු ගහලා. ඒ වංගු ගහන්නෙ රාජ්‍ය නිලධාරීන්. එතකොට, මේ වැරැද්දෙදි මුලින්ම විත්තිකරුවන් වෙන්නෙ රාජ්‍ය නිලධාරීන්.

1754488917 layer l

 

මේ නඩු දේශපාලනිකයි. ඒ නිසා නීති තර්ක එතරම් වැදගත් නොවෙන්නටත් පුළුවන්.

මං අහන්නෙ ඔය විදියටම නරකද මහින්දලා ජවිපෙට රේඩියෝ, ටීවී ලයිසන් දුන්න හැටියි, මිහින් ලංකා එකේ රස්සා දුන්න හැටියිත් විමර්ශනය කළා නම්?

මේ පූර්වාදර්ශයන් අනාගතේ නඩු ගොඩකට මග පාදනවා. එච්චරයි දැනට කියන්නට තියෙන්නෙ.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants
ajithperakum@gmail.com

උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්..

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...