The Leader News
BREAKING
Top Ad
Opinion

බස් නැති සඳුදා සටහන්: රනිල්ට තිබුණු අනුරට නැති දේ මොකක්ද? | Ajith Parakum

T

The Leader Desk

March 23, 2026 • 7:01 AM

බස් නැති සඳුදා සටහන්: රනිල්ට තිබුණු අනුරට නැති දේ මොකක්ද? | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද පෞද්ගලික බස් නැහැ. ලංගම විතරයි. ඒවා කට කපලා යනවා. මග ඉන්න මගීන්ව ගන්න ඉඩ නැහැ.
  • මේක කෙළවර වෙන්නෙ මහා ආර්ථික අර්බුදයකින් බව කිව්වාට ඇහුම්කන් දුන්නෙ නැහැ.
  • ආර්ථික අර්බුදය ආවාම ආණ්ඩු පන්නලා තමන්ගෙ අතට බලය ගන්නට ඒක පාවිච්චි කළා.
  • මේ දුෂ්කර වෙලාවෙ ජනතාවට ඇත්ත කියන්නෙ නැතුව කට ඇරියොත් බොරුම කියන පුරුද්ද ඉදිරියට ගෙනියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඩීසල් මිල වැඩි කරලා දැන් දවස් දෙකක්. බස් ගාස්තු වැඩි කරන්නට වෙනවා කියන එක අනිවාර්යයි. අර කයිවාරු ප්‍රවාහන ඇමතියි, නියෝජ්‍ය ඇමතියි බානට බැරි ඇයි සඳුදා වෙන්න කලින් වැඩි කරන එකක් වැඩි කරලා සතිය පටන් ගන්න අද දවසෙ පොදු ප්‍රවාහනය පවත්වාගෙන යන්න.

 

Sri Lanka Declares Wednesdays Public Holiday As Asia Moves To Conserve Fuel
එක පැත්තකින් ඉන්ධන භාවිතය අවම කරන්නය කියලා ඉල්ලන ගමන් අනෙක් පැත්තෙන් ඇයි මේ පොදු ප්‍රවාහනය දුර්වල කරන්නෙ. අපි ආණ්ඩුව කියන දේ අහලා තෙල් පෝලිම්වලටත් නොගිහින් ඉන්නවා. අපට වැඩට යන්නට බස් සේවයවත් පවත්වාගෙන යන්න ආණ්ඩුවට බැහැ.

මේ ආණ්ඩුවට ආර්ථිකය ගැන නම් කිසිම හැඟීමක් නැහැ වගේ. ඔක්කොටම කලින් රජයේ සේවකයන්ට බදාදා නිවාඩුවක් දුන්නා. ඊට කලින් අඩු ගානෙ බදාදා දිනයක් පාවිච්චි කරලා රජයේ සේවකයන්ට බලශක්ති පිරිමහන හැටි ගැන පාඩමක් උගන්වන්නට තිබුණා. බදාදා තමන්ගෙ ගම් පැත්තෙ ගෙවල්වලට ගිහින් ඒ පාඩම උගන්වන්න කියලා කියන්න තිබුණා. මොකුත් නැහැ, ජනප්‍රිය වෙන්න බලාගෙන නිවාඩුව දීලා ඇද්දා. නිකම් ඉන්න කැමති එවුන්ට ජොලි. ලබන සැරෙත් උන් මාලිමාවටම තමයි.

කොවිඩ් කාලෙත් ඔය දේමයි කළේ. රට වහන්න බල කළා. ජනාධිපති රට වහන තීරණය ගත්තෙ නැතිනම් අපි බලෙන් වහනවා කියලා තර්ජනය කළා. මේක කෙළවර වෙන්නෙ මහා ආර්ථික අර්බුදයකින් බව කිව්වාට ඇහුම්කන් දුන්නෙ නැහැ. ආර්ථික අර්බුදය ආවාම ආණ්ඩු පන්නලා තමන්ගෙ අතට බලය ගන්නට ඒක පාවිච්චි කළා.

image 24e3efaf49
බලය අරගෙනත් ජවිපෙ තවම හිතන්නෙ පරණ පුරුදු කඩාකප්පල්කාරී රාමුවෙන්මයි. ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ වෙන්නට හරිනවා. එහෙම හරි තෙල් ඉතුරු කරගන්නයි කල්පනවා. මේ දුෂ්කර වෙලාවෙ ජනතාවට ඇත්ත කියන්නෙ නැතුව කට ඇරියොත් බොරුම කියන පුරුද්ද ඉදිරියට ගෙනියනවා.

මේක දුෂ්කර අවස්ථාවක් දෙයියො. ඔහොම කරන්න එපා. අපි අපේ ආර්ථිකයත් බේරගෙන මේ අමාරු කාලෙ පියමං කරගන්නට ඕනැ. සියල්ල විනාශ වුණාට පස්සෙ අලුතෙන් තමන්ට ඕනැ විදියට සියල්ල හදන්නට පුළුවන්ය කියන පරණ වාමාංශික අදහස අතහැර ගන්න. තියෙන දේ පුළුවන් තරම් රැකගන්නට බලමු.

ආණ්ඩුවේ වැඩ නිසා දැන් ඇති වෙලා තියෙන බරපතලම ප්‍රශ්නය තමයි ජනතාව ආණ්ඩුව විශ්වාස නොකිරීම.

ඔය ජවිපෙ ඉතිහාසෙන් මකා දාන්නට උත්සාහ කරන රනිල් උදාහරණයට ගන්න. රනිල් ඇත්ත කිව්වා. ජනප්‍රිය වුණේ නැහැ. හැබැයි, රනිල් ප්‍රශ්නෙන් රට බේරනවා කියලා ජනතාවට විශ්වාසය තිබුණා. බේර ගත්තට පස්සෙ රනිල්ට ඡන්දෙ දුන්නෙ නැති වුණාට විශ්වාසය තවමත් තිබෙනවා. අනුරට වෙලා තියෙන්නෙ ඒකෙ අනෙක් පැත්ත. අනුර ජනප්‍රියයි. හැබැයි, රටේ ජනතාව ඔහුවත් ඔහුගේ ආණ්ඩුවවත් විශ්වාස කරන්නෙ නැහැ.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants
ajithperakum@gmail.com

උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්..
2026 මාර්තු 23

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බස් නැති සඳුදා සටහන්: රනිල්ට තිබුණු අනුරට නැති දේ මොකක්ද? | Ajith Parakum | The Leader