The Leader News
BREAKING
Top Ad
Opinion

ජනාධිපති හමු වූ යූටියුබර්ලා | Ajith Parakum

T

The Leader Desk

March 24, 2026 • 7:28 AM

ජනාධිපති හමු වූ යූටියුබර්ලා | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිතුමා පක්ෂ කාර්යාලෙදි යූටියුබර්ලා වගයක් එක්ක සාකච්ඡාවක් කළා කියලා මහා හාහූවක් යනවා.
  • අපි ඒකට ඇතුළු නොවෙන්නෙත් ඒ නිසා.
  • ජනාධිපතිවරයා ඔවුන්ට ඉන්ෆ්ලුවන්ස් එකක් වෙන්නට උත්සාහ කරන්නට ඇති.
  • ඩිට්වා සුළි කුණාටුවත්, ආර්ථික අර්බුදයත් එක්ක ආණ්ඩුව රනිල් උඩට ඇදගෙන ආපු ලිස්සන බෝට්ටුවෙ පහතට එන ගමන අඩාල වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

උවිඳු ප්‍රශ්න කරන එතික්ස් නම් ලංකාවට එච්චර අදාළ නැහැ. ලංකාවෙ බලයෙ ඉන්න කොයි පක්ෂෙත් රාජ්‍ය දේපළ, සම්පත්, තනතුරු, බලතල අවභාවිතා කරනවා.

ඔය යූටියුබර්ලා සෙට් එකේ වැඩි දෙනෙක් වගේ බිස්නස් එකක් විදියට යූටියුබ් කරන අය. ඔවුන්ට වෙළඳ වාසි ලැබෙන ඕනැ පැත්තකට ඔවුන් වැඩ කරයි. ඒකෙ වරදකුත් නැහැ. වානිජ යූටියුබ්කරණය පහසු බිස්නස් එකක් නෙමෙයි දැන් දැන්. තරගය ඉහළයි. ලංකාවෙ සිංහල කතා කරන ජනගහනය බොහෝ දුරට නියතියක්. අපි ඒකට ඇතුළු නොවෙන්නෙත් ඒ නිසා.

පහුගිය ජවිපෙ රැල්ලෙදි ඔවුන් බොහෝ දෙනෙකු හිටියෙ ජවිපෙට පක්ෂව තමයි. ඔවුන් මෙතනට ආවයි කිව්වට හෙට නාමල්ගෙ කැම්පේන් එකේ හිටියත් පුදුම විය යුතුත් නැහැ. ජනාධිපතිවරයා ඔවුන්ට ඉන්ෆ්ලුවන්ස් එකක් වෙන්නට උත්සාහ කරන්නට ඇති. ඒකෙ වරදකුත් නැහැ.

 

ytu98ytc
කොහොම වුණත්, මෙහෙම වැදගත්කමක් ඒ හමුවෙ තියෙනවා. ඒ තමයි, ලංකාවෙ දේශපාලන ධ්‍රැවීකරණය තරමක් හෝ අඩු කරන්නට නම් ජනාධිපතිවරයා අඩු තරමෙ මේ තරමට හෝ පැලවත්තෙ හා රාජ්‍ය සේවයේ සීමාවෙන් එළියට එන්නට ඕනැ.

ධ්‍රැවීකරණය කියන්නෙ සමාජය උත්තර ධ්‍රැවය, දක්ෂිණ ධ්‍රැවය වගේ එකිනෙකින් දුරස්ථ ධ්‍රැව දෙකකට හෝ වැඩි ගණනකට බෙදී වෙන් වීම. ලංකාවෙ සමාජය දැන් ප්‍රබුද්ධ, අදූෂිත, උගත්, තරුණ, ඇවිදින පුස්තකාල පැත්තටත්, හොර, දූෂිත, වංක, නූගත්, නාකි, තක්කඩි පැත්තටත් වශයෙන් දෙපැත්තට බෙදිලා. බලයේ ඉන්න අර ඇවිදින පුස්තකාල පැත්තෙ කට්ටිය අනෙක් පිරිසට සලකන්නෙ ස්පර්ශ නොකළ යුතු අය විදියට.

ඩිට්වා සුළි කුණාටුවත්, ආර්ථික අර්බුදයත් එක්ක ආණ්ඩුව රනිල් උඩට ඇදගෙන ආපු ලිස්සන බෝට්ටුවෙ පහතට එන ගමන අඩාල වුණා. දැන් ලංකාව පසු කරමින් ඉන්නෙ අතිශය දුෂ්කර කාලයක්. සමහර විට අපි ඒ වකවානුව තුළට තවම පිවිසෙමින් ඉන්නවා වෙන්නත් පුළුවන්.

 

Sri Lanka WF11111238 20251201 LKA Krishan Kariyawasam NurPhoto via AFP npQHD
ඉතින් මේ වෙලාවෙ ඇවිදින පුස්තකාල පැත්තට අයිති නැති අනෙක් පිරිස් පළ කරන ආකල්පය වෙන්නෙ ඇද්ද තොපිට, කොරයි දැන් තොපි, බලපියව්කො තොපිට වෙන දේ, දිට්ඨ ධම්ම වේදනීය කර්මය තමයි තොපිට ඔය පල දෙන්නෙ ආදී වශයෙන් කියමින් මේ විපතෙනුත් ආතල් ගන්න තත්වයක් තමයි දකින්නට ලැබෙන්නෙ.

මේ අතර, තමන් ලංකාව සුරපුරක් කරනවාය කියලා සුරංගනා කතා කියමින් සිටි බොළඳ මාලිමා දේශපාලකයන්ටත්, ඔවුන් විශ්වාස කළ අන්තේවාසිකයන් හා අනුගාමිකයන්ටත් දැන් තදබල ලැජ්ජාවක් තමයි තියෙන බව පෙනෙන්නෙ.

කොයි හැටි වෙතත්, මේ අපි ඉන්නෙ ලංකාව ආපු ගමනෙ හැටියට එන්නට ඉඩ තිබුණු තැන. සමාජයක් විදියට සමගි නොවී, බෙදිලා මේ රට ගොඩ ගන්නට බැහැ. ඔය කාරණේ තනි ධමනි, නාකි සොම්බි කජු සීයා බලයට පත් වූ දා සිටම කිව්වා, අපි එකතු වෙලා මේක ගොඩදාමු කියලා. ඒ කාලෙත් ජවිපෙ කිව්වෙ ඕක අපට මහ කජ්ජක්ද, අපට මාස හයක් දෙන්න අපි මේ රට ගොඩ දානවා කියලා. ඉතින් මේ රටේ ජනතාව මහ ගහෙන්ම ඔවුන්ට දුන්නා.

 

may 9th
දැන් ඒ දුන්න ජනයා දුනුගමුවෙත් නැහැ. ලංකාවෙ ජනතාව එහෙම තමයි. ඔවුන්ට ඕනැ මැජික්. අනුර කිව්වෙ තමන්ට මැජික් පුළුවන් කියලා. ඇත්තෙන්ම කාටවත් මැජික් නැහැ.

ජනාධිපතිවරයා දැන්වත් මේ යථාර්ථය දැකලා, මේ සමාජයේ තියෙන ධ්‍රැවීකරණය අවම කරන්නට කටයුතු කරනවා නම්, රට නොහැදුනත් කමක් නැහැ, නැවත 2022 මැයි 9 වගේ දවස් උදා වෙන එකක් නැහැ. අපි ඒ දේශපාලන ප්‍රචණ්ඩත්වය අවසන් කරලා දශකයකටත් වැඩිය ඉදිරියට ඇවිත් ඉඳලා තමයි ආපහු ගියේ.


AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)

Creative Content Consultants
ajithperakum@gmail.com

උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්..

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...