The Leader News
BREAKING
Top Ad
Opinion

දූෂණය, බල දේශපාලනය හා දැනුම්වත් තීරණ | Ajith Parakum

T

The Leader Desk

April 14, 2026 • 7:04 AM

දූෂණය, බල දේශපාලනය හා දැනුම්වත් තීරණ | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔබ උගත යුතු පාඩමක් වන්නේ වංචා, දූෂණ වැනි අපරාධ සම්බන්ධයෙන් ද විමර්ශන කළ යුත්තේ දේශපාලන පක්ෂ හෝ ක්‍රියාකාරිකයන් නොව රාජ්‍ය විමර්ශන ආයතන බවයි.
  • එනම්, දූෂණය කර තිබෙන්නේ පූර්ව සූදානමක් සහිතව බවයි.
  • මගේ නම් අදහස සමාගම බලවත් පාර්ශ්වවලට අනුබද්ධ බිස්නස් එකක් බවයි.
  •   වාහන අංක තහඩුවේ සිට බොහෝ දේ අලුත් සැපයුම්කරුවන්ට ලබා දී ඇති බව කවුරුත් දනිති.
අකුරු ප්‍රමාණය (Font Size):


එවැනි විමර්ශන ආයතනවලට තමන්ගේ පක්ෂය සමග දේශපාලනය කළ ඍජු දේශපාලන නියෝජිතයන් පත් කර ගැනීම යනු දූෂණය සඳහා පහසුකම් සියතින්ම සකසා ගැනීමයි. එනම්, දූෂණය කර තිබෙන්නේ පූර්ව සූදානමක් සහිතව බවයි.

සුදුසුකම් නැති සමාගමකට කතා කර ටෙන්ඩර් පිරිනමන්නේ නිකම් නොවේ. මගේ නම් අදහස සමාගම බලවත් පාර්ශ්වවලට අනුබද්ධ බිස්නස් එකක් බවයි. ලාභදායී රාජ්‍ය සැපයුම් වෙනුවෙන් මෙවැනි සමාගම් අටවාගෙන කොන්ත්‍රාත් පිරිනැමීම අතිශය ගැඹුරු දූෂණයකි. මෙය වෙනත් සැපයුම් සම්බන්ධයෙන් ද වෙනවා විය හැකිය. ලොකුවටම නාගත්තේ මේ සැපයුමයි.

 



වාහන අංක තහඩුවේ සිට බොහෝ දේ අලුත් සැපයුම්කරුවන්ට ලබා දී ඇති බව කවුරුත් දනිති. ගල්ලඟුරු ටෙන්ඩරයේ මෙන් හැම එකකම අඩුපාඩු නොතිබිය හැකිය. ටෙන්ඩරය මොන විදියට ගියත් කොමිස් ගත හැකිය. ඒවා අහු නොවන පරිදි කිරීමට ක්‍රම හා විධි තිබේ ඒ සඳහා තමන්ගේම සමාගම් අවශ්‍යම නැත.

රාජ්‍ය දූෂණය ඉතා ගැඹුරුය. එය මුළුමනින්ම නැවැත්වීම පහසු නැත. යම් යම් සිදුවීම් සමග එවැනි ක්‍රියා නැවත සිදු නොවීම සඳහා අවශ්‍ය පියවර ගත හැකිය. මහ බැංකු සිද්ධියත් සමග එසේ සිදු විය. ගල්ලඟුරු සිද්ධියත් සමග තත්වය තවදුරටත් වර්ධනය කළ හැකිය. වෙනත් අයත් වංචා කර ඇද්දැයි සෙවීම සඳහා කොමිෂන් සභාවක් පත් කිරීමෙන් තමන් වංචා කළ බව වසා ගත නො හැකිය. ඔවුන් පරාජය කළේ හොරුන්ය කියාය. දැන් බැලුවාම උනුත් එකයි මුනුත් එකයි කියූ තොපිත් හොරුම තමාය.

මෙහිදී කල්පනා කළ යුතු වැදගත් කරුණක් තිබේ. මෙවැනි සොරකම් කරන්නට දේශපාලකයන්ට, පක්ෂවලට සිදු වන්නේ ඇයි ද යන්නයි. එය අතිශය අවදානම්කාරී බව දැන දැනත් ඔවුන් ඒ සඳහා පෙළැඹෙන්නේ ඇයි?

මෙහිදී පක්ෂ, දේශපාලන හා බල ව්‍යාපෘතිවල වියදම් පාර්ශ්වය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. වර්තමානය වන විට, බල ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඇල්ගෝරිදම්, සමාජ මාධ්‍ය, සාම්ප්‍රදායික මාධ්‍ය, උපායමාර්ගික රැස්වීම්, සාකච්ඡා, උපායික පියවර, ජාත්‍යන්තර සම්බන්ධතා, මහජන බලමුළු ගැන්වීම් ආදී සියල්ල අතිශය වියදම්කාරීය. ඒ සඳහා අවශ්‍ය වන්නේ මිලියන් ගණන් නොව, බිලියන් ගණන්ය.

 

A man wearing gold watch and ring with US dollars

මුදල් නොමැතිව මහේක්ෂ දේශපාලනය කරන්නේ කෙසේදැයි මට නම් අවබෝධයක් නැත. මුදල් නොමැති නිසා මම මගේ මැදිහත් වීම ක්ෂුද්‍ර දේශපාලනයට සීමා කරගෙන ඇත. ඇති තරම් හිරේ විලංගුවේ ලැග ඇති මට නැවත වතාවක් ඒ අවදානම ගැනීමේ කැමැත්තක් නැත. කැමති අය ඒ අවදානම ගැනීමේ වරදක් ද නැත. මේ අන්දමින් දූෂණයේ යෙදී බේරෙන්නටත් අපේක්ෂා කරනවා නම්, අනිවාර්යයෙන්ම ඉතා දීර්ඝ කාලීනව බලය රඳවා ගත යුතුය. බලය සදාකාලික නැත. එහෙත්, සාක්ෂි විනාශ කළ හැකිය. මොනවා කළත්, අවදානම දිගටම පවතී.

බලයට ආසා කරන අය බලය හෙබවූ පසු එහි ප්‍රති විපාක ද භුක්ති විඳිති. සිරිසේනලා මෙන් තමන් කෙසේ හෝ උපයා ගත් ධනයෙන් වන්දි ගෙවීමේ පටන්, හිරේ විලංගුවේ ලැගීම හෝ විරුද්ධවාදීන් අතින් මරණයට පත් වීම දක්වා අවදානම් බලය හොබවන්නන්ගේ අනාගතය තුළ තිබේ. ඔවුන් බලයට පෙම් බඳින්නේ එය දැනගෙන විය යුතුය. දැනුම්වත් තීරණ කියන්නේ ඒවාටය.


AJITH PARAKUM
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)

Creative Content Consultants

ajithperakum@gmail.com

උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්..
2026 අප්‍රේල් 13
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...