The Leader News
BREAKING
Top Ad
Opinion

හාවුන් සමග දුවමින් වෘකයන් සමග දඩයමේ යන සාහිත්‍යකාර බූරුවෝ | Ajith Parakum

T

The Leader Desk

April 21, 2026 • 7:18 AM

හාවුන් සමග දුවමින් වෘකයන් සමග දඩයමේ යන සාහිත්‍යකාර බූරුවෝ | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කලාව, සාහිත්‍යය අහිංසක නැත. ඒ පසුපස දේශපාලන අරමුණුවල සිට දේශපාලන රැකවරණ ලබා ගැනීම දක්වා විවිධ අරමුණු තිබිය හැකිය.
  • පරිකල්පනය ඇසුරෙන් කරන කලාත්මක ප්‍රකාශනයක සීමාව සලකුණු කිරීම පහසු නැත්තේ එහෙයිනි.
  • කවියකු වන ඉලක්ෂ ජයවර්ධන පොලිස් නිලධාරියෙකි.
  • මාලිමා ආණ්ඩුවෙන් ලැබෙන කටු සූප්පු කරන එකට හිලව් ලෙස ඔවුන්ට එසේ කරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශයෙන් කියා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙසේ වෙතත්, කලාවට, සාහිත්‍යයට අදාළ ප්‍රකාශනයේ නිදහසක් තිබේ. එය නිර්වචනය කිරීම පහසු නැත. එයට හේතුව, කලාව හා සාහිත්‍යය පරිකල්පනය මත රඳා පවතින්නක් බැවිනි. පරිකල්පනයට කිසිදු සීමාවක් නැත. පරිකල්පනය ඇසුරෙන් කරන කලාත්මක ප්‍රකාශනයක සීමාව සලකුණු කිරීම පහසු නැත්තේ එහෙයිනි. ලිංගිකත්වය නිරූපණය සම්බන්ධයෙන් සමාජ සම්මතයන් තිබේ. එහෙත්, එහිදී ද පරිකල්පනය අසීමිතය. එකී අසීමිත පරිකල්පනයෙන් ඔබ කැමති පොදක් ඔබට පෝන් වෙබ් අඩවියකින් සොයාගත හැකිය. එහෙත්, ලංකාවේ නීතිය අනුව, ඒවා බැලීම පවා නීති විරෝධීය. ඒ වුණාට ඔබ හොරෙන් පෝන් බලනවා දැයි බලන්නට තරම් ලංකාවේ පොලිසිය ශක්තිමත් නැත.

කලාව, සාහිත්‍යය හා සම්බන්ධ පරිකල්පනයේ සීමාව තේරුම් ගැනීම ප්‍රධාන වශයෙන් ම නිර්මාණකරුවාගේ වගකීමකි. එහෙත්, නිර්මාණකරුවාගේ අරමුණු ද අහිංසක නො විය හැකිය. එසේම, කිසියම් සන්දර්භයකදී හානිකර නො වන අරමුණක් තවත් සන්දර්භයකදී හානිකර විය හැකි ය. සමහර චිත්‍රපට වැඩිහිටියන්ට පමණක් සීමා කිරීම ද එවැනි තත්වයකි. එහෙත්, ඒවා සමහර වැඩිහිටියන්ට ද ඔෆෙන්සිව් හෙවත් වරදකාරී වේ.

ඔබ කලාකරුවකු නම්, ඔබ හැසිරිය යුත්තේ කලාකරුවකු සේ ය. ඔබ පොලිස් නිලධාරියෙකු නම්, ඔබ හැසිරිය යුත්තේ පොලිස් නිලධාරියකු සේ ය. කවියකු වන ඉලක්ෂ ජයවර්ධන පොලිස් නිලධාරියෙකි. එහෙත්, පොලිස් රාජකාරියකට ගිය විට ඔහු කළ යුත්තේ කවි ලිවීම නොව, පිළිවෙල පවත්වා ගැනීම සඳහා අවශ්‍ය නම්, මිනිසකු මැරීමට වෙඩි වුව තැබීමයි.

මාලිමා කලාකරුවන්ට වුණ හුට්ටප්පරය වන්නේ ඔවුන් කලාකරුවන් වන ගමන්ම පොලිස්කාරයන් ද වන්නට වීමයි. මාලිමා ආණ්ඩුවෙන් ලැබෙන කටු සූප්පු කරන එකට හිලව් ලෙස ඔවුන්ට එසේ කරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශයෙන් කියා ඇත. ඒ නිසා ජයතිලක කම්මැල්ලවීර, කීර්ති වැලිසරගේ, රවී සිරිවර්ධන, කෞශල්‍ය කුමාරසිංහ, සිවගුරුනාදන් වැනි 'ප්‍රවීණ' කලාකරුවෝ පිරිසක් ජනාධිපති මාධ්‍ය අංශයට කලා පොලිස් වීඩියෝ වගයක් ලබා දී තිබේ. ඒවා ජෝක් වීම නිසා ජෝක් වීමට නියමිතව සිටි තව බොහෝ පිරිසක් පණ බේරාගෙන තිබේ.

ජාතික ප්‍රශ්නය වෙනුවෙන් සාකච්ඡාමය විසඳුමක්, දෙමළාගේ ප්‍රශ්නය හඳුනා ගැනීමක්, දෙමළාගේ හඬට සවන් දීමක් ආදිය වෙනුවෙන් ජීවිත කාලය පුරාම පෙනී සිටි වැඩිහිටි සමාජ ක්‍රියාකාරිකයකු වන සිවගුරුනාදන් පවා කලා පොලිස් වීඩියෝවක් නිකුත් කර තිබිණි.

 

dipelchanwan 2
දීපචෙල්වන්ගේ කෘති සම්බන්ධ දේශපාලනික හා නීතිමය ගැටලු තිබිය හැකි ය. එය මේ වෙලාවේදී ඇද ගැනීම ද දේශපාලනික ය. ඒ සම්බන්ධයෙන් විසඳුම් සෙවීම දේශපාලකයන් සහ පොලිසිය කර ගත යුතු ය. තමන්ට අදාළ නැති පොලිස්කාරකම් කරන්නට කලාකරුවන් යා යුතු නැත.

බල්ලාගේ වැඩේ කරන්නට ගිය බූරුවාගේ කතාව කොයි තරම් අසා තිබුණත්, මේ ඊනියා කලාකරුවන්ට එහි අර්ථය වැටහී නැත. බලය ඔවුන් අන්ධ කර ඇත.

ඔබ කලාව කරන විට ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින්න. දේශපාලනය කරනවා නම් කලාව අතහැර දමා කලා පොලිසිය සමග එක් වන්න.


දොන් නම් දොන් ය. සිමන් නම් සිමන් ය. දොන් සිමන් දෙකක් බැරි ය. හාවුන් සමග දුවන ගමන් වෘකයන් සමග දඩයම් කිරීම කළ නො හැකි ය. දැන්වත් තේරුණා ද දන්නෙ නැහැ.


(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants

ajithperakum@gmail.com

උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්..
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...