මම නම් එකහෙළාම මෙම තර්ජනයෙන් මේ වන විට තර්ජනයට ලක් වී සිටින ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ආරක්ෂා කරමි. ශ්‍රී ලංකා ජනරජය මේ නවතම ත්‍රස්ත තර්ජනයෙන් ආරක්ෂා කිරීම සඳහා එය අත්‍යවශ්‍ය වේ.

පාස්කු ප්‍රහාරයේ ඊනියා මහ මොළකරුවකුට මුවා වෙමින් සිංහල බෞද්ධ නායකයන් සහ රාජ්‍යයට පක්ෂව කටයුතු කළ නිලධාරීන් ආණ්ඩු ලවා දඩයම් කරවමින්, රාජ්‍යය දුර්වල කිරීමේ මෙම දුෂ්ට දේශපාලනය අවසන් කළ යුතුය.
පැන්නීමේ තර්ජනයට අලුතින්ම ලක් වී ඇති අරුණ ජයසේකරත්, ජනාධිපතිවරයාත්, මාලිමා ආණ්ඩුවත්, ත්‍රස්තවාදීන්ගේ නියෝජිතයන් විසින් පැන්නීමෙන් ආරක්ෂා කරමු.
ආණ්ඩු වෙනස් කරනවා නම් එය කළ යුත්තේ ත්‍රස්තවාදීන්ගේ නියෝජිතයන් විසින් නොව, මේ රටේ පොදු ජනතාව විසින් ය. එය ද ත්‍රස්තවාදීන්ගේ හා විදේශ ඒජන්තයන්ගේ අරමුදල්වලින් පෝෂණය වන ඊනියා බුරියානි අරගලවලින් නොව, මහජන ඡන්දයෙනි.

(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants
ajithperakum@gmail.com
උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්..
2026 අප්‍රේල් 22




